web counter
Loading...

CHEWING GUM හැපීම නැවැත්විය යුතු වැදගත් හේතු හා ඒ වෙනුවට හැපිය හැකි දේවල්

Loading...

CHEWING GUM විවිධ රසයෙන් තිබෙනවා.මේවා හැපීම එක්තරා ආකාරයක පුරුද්දක්.මෙය තරමක් අනතුරුදායකයි.මේවා හැපීමෙන් විවිධ ගැටළු ඇති විය හැකියි.

1.CHEWING GUM සැපිමේදී සිරුරට සංඥාවක් නිකුත් වෙනවා සිරුරට ආහාරයක් ඇතුල් වෙනවා කියා.එවිට ආහාර දිරවීමට අවශ්‍ය එන්සයිම හා අම්ල සිරුර තුළ නිපදවෙනවා.නමුත් ආහාරයක් ඇතුල් නොවේ.මේ නිසා ශරීරය ඉදිමීම සිදු වේ.එසේම බඩේ අමාරුද ඇති වේ.

2.මේවාහි සිනි අඩංගු බැවින් දත් වලට විශාල ලෙස හානි සිදු වේ.

3.මේවා නිසා අඩු පාඩු සහිත උපත් , පිළිකා හා මොලය ඉදිමීම වැනි තත්ත්ව ඇති විය හැකියි.

4.මෙහි අඩංගු ටයිටේනියම් ඩයොක්සයිඩ් නිසා අඩුම වැනි රෝග ඇති විය හැකියි.එසේම මෙය පිලිකාකාරකයක්ද වේ.

5.මෙහි Butylated Hydroxytoluene අඩංගු බැවින් වකුගඩු හා අක්මාවට හානි සිදු වීම , අතික්‍රියාශීලි ළමුන් බිහි වීම සිදු විය හැක.එසේම මෙම ද්‍රව්‍යයද පිලිකාකාරකයකි.

මුව නැවුම්ව තබා ගැනීමට කල හැකි ස්වාභාවික පිළියම් :

1.කරඳ මුංගු
කරඳ මුංගු යනු කුලුබඩුවකි.මේවා සැපිමෙන් ඔබේ මුවින් පිට වන වාතය නැවුම්ව තබා ගත හැක.

2.කපුරු
වතුර කෝප්පයකට කපුරු තෙල් බිංදු කිහිපයක් දමා කට සේදීමෙන් මුව නැවුම්ව තබා ගත හැකියි.

3.පාස්ලි
මේවා සැපිමෙන් ආහාර නිසා ඇති වන මුවේ දුගඳ වලක්වා මුව නැවුම් හා පිරිසිඳු කරයි.

4.අසමෝදගම්
වතුරට අසමෝදගම් ඇට මේස හැඳි 3ක් දමා මිනිත්තු 5ක් පමණ රත් කර නිවුණු පසු එය පෙරා ගෙන කට සෝදන්න.

5.සුදුදුරු
මේවා ඇට සැපිමෙන් හෝ තේ එකක් ලෙස සාදා පානය කිරීමෙන් මුව නැවුම්ව තබා ගත හැක.

6.අමු මිංචි කොළ
මිංචි කොළ කිහිපයක් සැපිමෙන් කටේ දුගඳ පහ වේ.

7.කරාබු නැටි
කරාබු නැටි කිහිපයක් සැපිමෙන් මුව සුවඳවත් කරයි.එසේම මෙය බැක්ටීරියා නාශකයකි.දත් කැක්කුමට කරාබු නැටි තෙල් කදිම ඖෂධයකි.

Loading...