web counter
Loading...

Blackheads වලින් මිදී දීප්තිමත් මුහුණක් හිමි කරගන්න මෙම සත්කාරය මගින්

Loading...

මුහුණේ ඇති වන මෙම කලු පැහැති තිත් වල අත්දැකීම ලැබී නැත්තේ අතලොස්සකට පමණයි. මොකද මෙම Blackheads නිරන්තරයෙන්ම දකින්න ලැබෙන
ඒ වගේම මුලු මුහුණටම බලපාන දෙයක්, ඒත් මෙය වැඩිපුරම ඇතිවන්නේ නාසය අවට, නලල, නිකට යන ප්‍රදේශ වල.

ඔබට පුලුවන් එය makeup වලින් වසන් කරගැනීමට.. එහෙත් එය තාවකාලික පිළියමක් පමණයි. තව ඔබට පුළුවන් ඒවා මිරිකා එළියට ගන්න එහෙත් එය
සම ආසාදනය වීමට අවධානම් ගැනීමක්. ඒ වගේම Blackheads මිරිකා එළියට ගැනීම අනුමත කරන්නේ නෑ මොකද එය හේතු වෙනවා ඔබගේ මුහුණේ
වලවල් ඇති කිරීමට.

ඔබට පුළුවන් beauty salon එකකට ගිහින් ප්‍රතිකාර ලබාගන්න එහෙත් එය මිළ අධිකයි…

වාසනාවට සරල මෙන්ම නිවසේදිම සිදු කරගත හැකි මිළ අඩු ප්‍රතිකාරයක් තිබෙනවා Blackheads ඉවත් කිරීමට.

උපදෙස්

1# ඔබ ගත යුතු පළමු පියවර වන්නේ මැරුණු සෛල ඉවත්කර ගැනීමයි. ඒවා තමයි ඔබගේ මුහුණේ Blackheads අත්වීමට මූලික වන්නේ. ඔබට එය සරල face peeling එකක් අගින් සිදු කරගන්න පුළුවන්.
ඔබ මෙය සඳහා මිළ අධික රූපලාවණ්‍ය සත්කාර මිළදී ගැනීම අනවශ්‍යයි. ඔබගේ මුහුණු සෝදා කෝපි කුඩු ටිකක් ආලේප කරන්න. ඉන් පසු සුමුදුව ඔබගේ මුහුන ඔබගේ අත් දෙකෙන් හෝ තුවායකින් පිරිමදින්න
විනාඩි පහක් පමණ මෙසේ කර ඔබගේ මුහුණ හොඳින් සෝදන්න.

2# දැන් ඔබගේ මුහුණ සූදානම් ඊළඟ පියවර සඳහා. chamomile ජලයෙන් තම්බා එය ඉවතට ගෙන තුවායකින් ආවරණය කරගෙන එහි හුමාලය විනාඩි 10ක් පමණ ඔබගේ මුහුනට වැදීමට ඉඩදෙන්න, මෙය බොහොම
වැදගත් මොකද මෙයින් ඔබගේ සමේ සිදුරු විවෘත වී Blackheads තුළ ඝන වී ඇති ද්‍රවය දිය කරනවා. ඒවගේම සිදුරු වැසීමටත් මෙය උපකාරී වනවා.

3# අන්තිම පියවර තමයි ඔබගේ සමේ සිදුරු පිරිසුදු කර Blackheads ඉවත් කරනා මාස්ක් එකක් සාදා ගැනීම. මෙයට ඔබට අවශ්‍ය වනවා බේකින් සෝඩා මේස හැදි හතරක් සහ පිරිසිදු වතුර කෝප්පයක්. හොඳින්
බේකින් සෝඩා සහ වතුර මිශ්‍රණය කවලම් කර ඇස් වලින් තරමක් ඈතින් මුහුණෙහි අනෙත් තැන් වල මෙය හොඳින් තවරන්න.

විනාඩි දහයක් මෙය තිබෙන්න හැර සෝදා දමන්න.

Loading...