web counter
Loading...

හොද කරන්න බැහැ කියලා හිතපු සුදු කබර සුවයට ප්‍රතිකාර මෙන්න

Loading...

සුදු කබර (ලියුකොඩමා) ප්‍රතිශක්‌තිකරණය අසාමාන්‍ය ලෙස දුර්වලතාවයක්‌ මත ඇතිවන තත්ත්වයකි. රෝගය එලෙස ඇති වුවද මේ සඳහා ඇති දුර්මත බොහොමයකි. ස්‌වභාවික ප්‍රතිශක්‌තිය සිරුර තුළින්ම විනාශ කිරීම තුළින් ඇතිවන මෙම රෝගය මීයන්ගෙන් ඇතිවන බවට වූ කතාව සමාජයේ බොහෝ තැනකදී අසන්නට ලැබේ.

මීයෝ රැලේ යන විටදී එක්‌ මීයකුගේ ශුක්‍රානු තවත් මීයකුගේ මුඛයේ ගෑවී තිබුණේ නම් එවැනි මීයෙක්‌ සපා කෑ විට (මූෂික විෂ) විෂ රුධිරයට ඇතුළු වී රෝගය ඇති විය හැකි බවට පරීක්‍ෂණ මගින් මේ වන විට සොයාගෙන තිබීමේදී ඉහත කතාවේ අසත්‍යතාවයක්‌ ඇති බව පිළිගත නොහැකිව තිබේ. එහෙත් මෙය විටෙක යම් හේතුවක්‌ පමණි. හේතුවක්‌ නොමැතිව වන අවස්‌ථා තිබේ.

ස්‌වභාවික ප්‍රතිශක්‌තිය විනාශ වීමේදී වන්නේ සමේ මෙලනින් වර්ණකය (සමට පැහැය ලබාදී තිබෙන ස්‌වභාවික වර්ණකය) ඉවත් වී සුදු පාටට හුරු රෝස පාටක්‌ ඇති වීමයි.

ඇතැම් විට කුඩා ස්‌ථානයක මෙම වර්ණ විපර්යාසය ඇති වී සමහර අවස්‌ථාවලදී ඉක්‌මණින් අන් ස්‌ථාන කරාද පැතිර යැමක්‌ දක්‌නට ලැබේ.

ආයුර්වේදයේදී තොල්වල, අත්ලේ, පතුලේ කැලැල් මතු වූ විට සුව කරන්නට බැරි බවට මතයක්‌ තිබේ. කැලලක්‌ දෙකක්‌ දුටු විටම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් පැතිරීම වළක්‌වා ගැනීමේ හැකියාව තිබේ.

සුළුවෙන් කැලැල් දුටු විට නොසලකා හැරීම තුළ, ඇතිවන මානසික ආතතිය හමුවේ රෝගය සීඝ්‍රයෙන් පැතිර යන අයුරක්‌ තිබේ. ආතතිය වැඩිවීම තුළ ප්‍රතිශක්‌තිකරණය තවත් අඩුවීම රෝගය පැතිරීම වළක්‌වා ගැනීමට සුදුසු තත්ත්වයක්‌ නොවේ.

සුදු කබර රෝගී තත්ත්වයට ප්‍රසිද්ධියේ ප්‍රතිකාර සඳහා යොමු නොවන බවක්‌ සමාජය හමුවේ පවතී. මේ සඳහා ඖෂධයක්‌ නැතැයි යන ආකල්පය හමුවේ මුළුගැන්වීමට උත්සාහ දරයි.

රෝගය රූපලාවණ්‍ය සමඟ ඇතිවන ගැටලුවක්‌ නිසාවෙන් සිතීම වැඩි වන අතර එය රෝගයේ පැතිරීමට උදව්වකි.

ප්‍රතිශක්‌තිකරණය වර්ධනය කරන ආහාර එනම් පතෝල, වැටකොළු, වට්‌ටක්‌කා, වැනි ආහාර වැඩිපුර ආහාරයට එක්‌කර ගැනීමත් සමබර ආහාරයක්‌ ගැනීමත්, පිරිසිදු ජලය පානය මගින් රෝගය යම්තාක්‌ දුරකට පාලනය කර ගැනීමට හැකියාව තිබේ. එයට හේතුව ප්‍රතිශක්‌තිකරණය ඇතිකර ගැනීමට උත්සාහයක්‌ දැරීමයි.

නොදැනුවත්කම සහ අනියත ලැඡ්ජාවක්‌ නිසාවෙන් ප්‍රතිකාර සඳහා යොමු

Loading...