web counter
Loading...

හොද කරන්න බැහැ කියන ආතරයිටිස්‌ නිට්ටාවටම සුව කරන ගුණදාස වෙදමහතා

Loading...

පසුගිය දිනෙක මා හිතවත් වෛද්‍යවරයකු අහම්බෙන් මට මුණගැසුණි. පෞද්ගලික රෝහලක සේවය කරන ඔහුගේ බිරිඳද මම දැන සිටියෙමි. අප රටේ තොටේ බොහෝ දේ කතා කරමින් සිටින අතරතුර අපගේ පවුල්වල විස්‌තරද කතා කරන්නට අමතක නොකළහ.

මෙහිදී වෛද්‍යවරයාගේ බිරිඳ සහ දරුවන් ගැනත් කතා කරන අතරතුර මේ දිනවල වයිෆ්ට ටිකක්‌ අසනීපයි, වෛද්‍යවරයාගේ මුවින් පිට විණි. එසැණින් මමද කුමක්‌ සිදුවීද යන්න රෝගයේ තත්ත්වය විමසුවේ වෙන ඇසීමට යමක්‌ නැතිවම නොවේ.

මගේ ප්‍රශ්නයට එකවර පිළිතුරු සැපයූ වෛද්‍යවරයා දැන් ටිකකලක සිට කකුල් අමාරුවෙන් ඉන්නවායි කීවේ තරමක කල්පනාවකින් බව මට වැටහිණි. එම ප්‍රශ්නයත් සමඟ රෝගය කුමක්‌දැයි හඳුනාගත් මා ආතරයිටීස්‌වත් හැදිලා දැයි ඇසීමි.

මඳ සිනහවක්‌ පෑ ඔහු ඔව් ආතරයිටීස්‌ තමයි කියමින් ඉවත බලා ගත්තේය.

තවත් ටික දුරක්‌ කතාව ඈතට ඇදගෙන යා හැකි බැවින් මෙපමණ දියුණු බටහිර වෛද්‍ය විද්‍යාවේ ඔය ලෙඩේට ප්‍රතිකාර නැද්දැයි මම තවත් ප්‍රශ්නයක්‌ ඇසිමි. ඊට පිළිතුරක්‌ නොදුන් වෛද්‍යවරයා තරමක නිහැඬියාවකින් පසුවෙද්දී සිංහල වෙදකමේ නම් ඕනෑතරම් ප්‍රතිකාර තියෙනවා යෑයි මම ඔහුට පළමුව පිළිතුරු දුන්නේ මේ වෛද්‍යවරයා දක්‌වන ප්‍රතිචාර ගැන අවධානය යොමුකරමිනි.

ඔව් ඉතින් අපේ ගෙවල්වල අයගෙ මානසික ප්‍රශ්න වගේම එයත් බටහිර වෛද්‍යවරයෙක්‌නේ. ඒක නිසා ඒ ගැන අවධානයක්‌ නැතිව ඇති යෑයි කීවේය.

මෙයට පළමුවෙන්ද මම තවත් මගේ හිතවත් සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු සමඟ කතා කිරීමේදී මට ලැබුණු පිළිතුර නම් ඉංග්‍රීසි බෙහෙත්වලින් වේදනාව නැති කරනවා මිස ස්‌ථිර ප්‍රතිකාරයක්‌ තවමත් මේ රෝගයට නොමැති බවයි.

එසේ නම් බටහිර ප්‍රතිකාර නැතැයි කියන මේ ආතරයිටිස්‌ හෙවත් සන්ධි ඉදිමීමේ රෝගයට වෙදකමක්‌ දේශීය ඖෂධකරණයේ තිබෙන්නේ දැයි විමසන්නට මේ පිළිබඳව හසල දැනුමක්‌ නැතිs නිවැරැදි ප්‍රතිකාරයක්‌ කරන කුරුණෑගල ගැට්‌ටුවාන වසන්ත උදයජීව ගුණදාස වෙද මහතා මුණගැසුනෙමු.

සර්වාංග රෝග පිළිබඳව හසල දැනුමක්‌ හා

නිවැරැදි ප්‍රතිකාරයක්‌ කරමින් සිටින මේ වෙදැදුරුගෙන් මේ ආතරයිටිස්‌ හෙවත් සන්ධි ඉදිමුම කියන්නේ කුමක්‌දැයි මම පළමුවෙන්ම ඇසීමි.

මහජනයා නිතර පාවිච්චි කරන ආෙත්‍රෙටිස්‌ කියන නම ඉංග්‍රීසියෙන් තමයි යෙදෙන්නේ. නමුත් ඔය රෝගය සිංහලේදී හඳුන්වන්නෙ සන්ධි ඉදිමුම කියලනේ. මෙහිදී ඉංග්‍රීසි නාමයෙන් ප්‍රකාශ වෙන්නෙ සන්ධිස්‌ථානවල හට ගන්නා ආසාදනය යන්නයි. නමුත් සන්ධි වාතයෙන් වඩාත් ගැඹුරු අර්ථයක්‌ දක්‌වනවා. ඒක තමයි වාත කෝපය හෙවත් දූෂිත වාත සන්ධිස්‌ථාන කෙරෙහි බලපෑමක්‌ හටගන්නා වූ වේදනාවයි.

මෙම රෝගය නිට්‌ටාවට සුවකර ගැනීමට හැකියාවක්‌ තිබෙනවද කියල කිව්වොත්.

ආතරයිටිස්‌ රෝගයෙන් පෙළෙන්නන්ට එම රෝගය නිට්‌ටාවට සුවකර ගැනීමට පළමුව රෝගය ගැන පැහැදිළි අවබෝධයක්‌ ඇතිකර ගැනීම, බෙහෙවින් වැදගත් වෙනවා. එම තත්ත්වය දිහා බලල රෝගාරම්භක මූලික හේතුව පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිළි කරගන්න එක හොඳයි.

ඒ කියන්නේ ආතරයිටිස්‌ සැදීමට හේතු –

ඔව්.. සාමාන්‍යයෙන් අෙන්‍යාන්‍ය විෂමාහාර ගැනීමෙන්ද, දිරවීමේ අපහසු තෙල් ආහාර වැඩියෙන් ගැනීමද, බඩගින්නෙන් නිතර සිටීමද, අලසකමින් නිතර කල් ගෙවන්නා වූද ආහාර ගැනීමත් සමඟ නිතර වෙහෙසෙන අයගේ ආහාර හරියාකාරව නොදිරවීමෙන් හටගන්න ආමය හෙවත් ආම්ලික විෂාදී රුධිර ආශ්‍රිත වී විවිධ රක්‌ත ව්‍යාප්ත වෙලා යන්නෙ වාත වේගය බලපෑමෙන්. එහෙම පැතිර යන ආම විෂය සන්ධිගත පටක කෙරෙහි බපෑමෙන් කිසියම් ආසාදන තත්ත්වයක්‌ හටගන්නවා. අන්න ඒ තත්ත්වයෙන් තමයි සන්ධිගත ඉදිමුම හා වේදනාවක්‌ හටගන්නේ.

මේ තත්ත්වය කොහොමද හැඳින ගන්නෙ

සන්ධිගතව හටගන්න ඉදිමුම වේදනාදියට අමතරව ශාරීරික වශයෙන් වෙනස්‌ රෝග ලක්‍ෂණ පහළ කරනවා. මේව අතර ශරීරයේ දුබල බව, පපුවෙ බර ගතිය, වෙහෙස මහන්සිය, ඇඟපත වේලීම, ආහාර අරුචිය, පිපාසය, තදගතිය වගේ දේ තමයි මුලින් පෙන්නුම් කරන්නේ.

පළමුවෙන්ම පාදයේ විළුඹ ආශ්‍රිතව කුඩා අස්‌ථි ආශ්‍රිත කොටස්‌ වේදනාවට ලක්‌කරනවා. මේ අතර ඉදිමීමද හටගන්නවා. රාත්‍රි නින්දෙන් පසු උදේ අවදිවී නැගී සිටීමේදී වේදනාව හා පාද සන්ධි තද ගතියක්‌ ඇති කරවනවා. දිවා කාලයේදීත් නිශ්චලව බොහෝ වේලාවක්‌ සිටගැනීමට යැමේදී සන්ධි වේදනාව හා තද ගතිය සුලබව තියනවා. ශීත කාලවලදී මේ රෝගය වඩාත් පීඩාවට ලක්‌කරවනවා.

මේ තත්ත්වය සංකීර්ණ හා දිගුකාලීන තත්ත්වයක්‌. සන්ධි ප්‍රදාහ රෝගය රෝගාරම්භය අනුව ප්‍රධාන ප්‍රභේද දෙකක්‌ වශයෙන් වෙන්නත් පුළුවන්. එකක්‌ තමයි ආමවාත සන්ධි ? අනික වාත රක්‌ත සන්ධි ?. සාමාන්‍යයෙන් ආමවාත සන්ධි ප්‍රදාහය දණහිස සන්ධි උරහිස සන්ධි ආදී ලොකු සන්ධි ආශ්‍රිතව හටගන්නවා.

වාත රක්‌ත සන්ධි ප්‍රදාහ රෝගය අත්ල, පත්ල, ගී්‍රවය ආදී ස්‌ථානවල පිහිටි කුඩා අස්‌ථි සන්ධි ආශ්‍රිතව හටගනියි.

ආමවාත සන්ධි ප්‍රදාහය කල් යැමේදී සියලු සන්ධි කෙරෙහි බලපෑමෙන් හෘද රෝග වැනි අන්තරාකාර උපද්‍රව පවා හටගන්න පුළුවන්. වාත පිත්ත කප යන ත්‍රිදොaෂයන්ම ප්‍රකෝප වීම නිසා සර්වාංග සන්ධි ශ්‍රොaතවල අසාධ්‍ය තත්ත්වයට පවා රෝග ව්‍යාප්තිය සිදුවෙන්න පුළුවන්.

වාතයත් රත්තයත් යන ධාතුන් දෙකම දෘෂ්‍ය වීම නිසා වාත රක්‌ත සන්ධි ශ්‍රොaතය ව්‍යාප්ත වීමෙන් ශරීරය පුරාම ශූලාත්මක වෙමින් අහිතකර මෙන්ම ප්‍රබල වේදනා හටගන්නවා.

මෙවැනි රෝගීන් අහිතකර ආහාරපානයන් හා ඇවතුම් පැවතුම්වලින් ආරක්‍ෂා වෙලා ක්‍රමවත්ව ප්‍රතිකාර ගැනීමෙන් මෙම රෝගය නිට්‌ඨාවට සුවකර ගන්න එහෙම අපහසු නෑ.

නමුත් දීර්ඝ කාලීන නිධන්ගත සංකීර්ණ වූ මෙම රෝගය කඩිනමින් සුවකර ගන්න පුළුවන් එකක්‌ නොවෙයි. ලෙහෙසියෙන් කරගත හැකි වේදනාව එදිනෙදා පාලනය කර ගැනීම රෝග සුවයක්‌ කියල හිතන්නෙ නැතිව විධිමත් ප්‍රතිකාර මාස කිහිපයක්‌ කළොත් මෙම රෝගය නිශ්චිතවම සුවකර ගැනීමට අපහසු නෑ.

අනික වැදගත්ම දේ තමයි රෝගීන්ගේ දෛනික මළ ශෝදනය වගේම මුත්‍රා බැහැරවීමද හොඳින් පවත්වාගෙන යැම අත්‍යාවශ්‍ය කාරණයක්‌. දිනපතාම වතුර බීම අනාවාර්යයෙන්ම කළයුතු දෙයක්‌. උදේ වරුවේ තැඹිලි ගෙඩියක වතුර බීම ඉතාමත් සුදුසුයි. මළ ශෝදනය ආධාර වීමක්‌ ලෙස සලකා උදේ දහවල් හා රාත්‍රි ඉදුනු කෙසෙල්, ගස්‌ලබු වගේ පළතුරු ආහාරයට එකතු කර ගැනීම ඉතාමත් ප්‍රයෝජනවත්.

මේ රෝගයට නරක ආහාර පිළිබඳව පැහැදිළි කිරීමක්‌ කළොත්.

මේ කාලෙ වැඩියෙන්ම කන්න හදන්නේ අධික තෙලෙන් බැදුණු කෑමනේ. ඒව කටට දිවට රස නිසා හැම තිස්‌සෙම ඒවට වහල් වෙලා. ඔය කට්‌ලට්‌, පැටිස්‌, රෝල්ස්‌ වගේම අන්නාසි, අඹ, තක්‌කාලි, අච්චාරු වගේ ඇඹුල් වර්ගවලින් වැළකිලා පහසුවෙන් දිරවන ආහාර පමණක්‌ ගැනීම බෙහෙවින්ම ප්‍රයෝජනවත්. ඒ වගේම පාන් පිටි ආහාර නොගෙන කොළ වර්ග, පළතුරු වැඩිපුර ගැනීම වඩාත් හොඳයි. උදේ සවස අරත්ත අල, රසකිඳ, නෙල්ලි, හා අරලු යන ඔසු හතර වර්ගය සමානව අරගෙන තම්බලා දිනපතා බීමෙන් සැලකිය යුතු සුවයක්‌ ලබන්න පුළුවන්.

සීතල වතුර නෑම හොඳම නෑ. උණු දිය නාන්න තියෙනව නම් හොඳයි. ඒ වගේම අධිකව වෙහෙසීම බොහෝ දුර ගමන් යැම, බොහෝ වේලාවක්‌ සිටගෙන ඉඳීම හොඳ නෑ. මේ වගේ දේවල්වලින් වැළකිලා නිවැරැදිව ප්‍රතිකාර කරනව නම් පහසුවෙන් මේ රෝගය සුව කරගන්න පුළුවන්කමක්‌ තිබෙනවා.

ඔබ කොහොමද මේ රෝගයට ප්‍රතිකාර කරන්නෙ. මම අවසාන වශයෙන් ප්‍රශ්නයක්‌ ඇසීමි.

මම ප්‍රතිකාර කරන විධිය කෙටියෙන් කියනව නම් අපේ වෙද පරපුරේ පැරැණි ඖෂධ ආශ්‍රයෙන් එම රෝගයට ප්‍රතිකාර කරනවා. ඒ ප්‍රතිකාරය තවත් වෙදැදුරුවරයකු ළඟට යන්න නොවෙයි අපි කරන්නේ.

සාමාන්‍යයෙන් අපේ වෙද පරපුර නමක්‌ දිනාගෙන තියෙන්නෙ සර්වාංග වෙදකමට. ඉතිං මේ වගේ රෝගත් සුවකරනව කියන්නෙ එහෙම අමාරු දෙයක්‌ නොවෙයි.

බටහිර වෛද්‍යවරු මේ රෝගයට වේදනා නාශකයක්‌ මිස ප්‍රතිකාරයක්‌ නැහැ කියන්නෙ, ඒ ගැන හැඳින්වීමක්‌ කළොත්.

එහෙම කියන්නෙ ඉතින් බටහිර වෛද්‍යවරුනේ. පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍යවරුන් සන්ධි ඉදිමුම සුව කරන්න බැහැ කියල ප්‍රතිකාර අත්හරින්නෙ නැහැ, අත්හැරලත් නැහැනේ.

කොටින්ම කියනවා නම් මගේ ඒ තියෙන පත්තු ක්‍රම සහ තෙල් සාත්තු ක්‍රමවලින් සුවකරන්න බැහැයි කියන සන්ධි වේදනාවක්‌ නැහැ. හැබැයි ටිකක්‌ කල් යනවා. සමහර රෝගීන් මෙතනින් බෙහෙත් අරගෙන ගිහිල්ල ඊළඟ දවසෙ සනීප වුණේ නැහැයි කියල එනවා. ඉතිං දෙයිsයනේ රෝගයක්‌ සුවවෙන්න කාලයක්‌ ඕනනේ.

එහෙම නෙවෙයි සාමාන්‍ය නිශ්චිත කාලයක්‌ මගෙන් ප්‍රතිකාර ගත්තොත් ඒ රෝගය මම සුවකර පෙන්වනවා මයි. එහෙම නැතිව අද මෙතනින් බෙහෙත් අරගෙන ආපසු තවත් මාසෙකින් විතර ඇවිල්ල බෙහෙත් ගන්නවනම් කවදාවත් සන්ධි ඉදිමීමේ රෝගය සුවවෙන්නෙ නැහැ.

අවසාන වශයෙන් මෙවැනි ආතරයිටිස්‌ රෝගය වැළඳුන අයකුට කියන්න තියෙන්නෙ මොනවද?

මොනවද ඉතිං කිසියම් විශ්වාසයකින් මගේ ළඟට ප්‍රතිකාර ගන්න ආවොත් මම ඒ රෝගියා සුවපත් කර දෙනවා හැබැයි මම වගේම රෝගියාත් කැප වෙන්න ඕන කියල තමයි කියන්න තියෙන්නෙ. අපේ උපදෙස්‌ පිළිපදින්න ඕන. එහෙම වුණොත් ඔය කවුරු කවුරුත් බැහැයි කියන ආතරයිටිස්‌ අපි සුවකරල පෙන්වනවා.

ඔබට එහෙම වගකීමක්‌ ගන්න පුළුවන්ද?

වගකීමක්‌ ගන්න බැරිනම් වෙදැදුරුවරයෙක්‌ මෙහෙම කතා කරන්නෙ නැහැනේ. අනික රෝගීන්ගේ රෝග මෙතෙන්ට ඇවිත් සුවවෙන්නෙ නැත්නම් මම මේ වෙදකම අයින් කරල දාල වෙනත් ව්‍යාපාරයක යෙදෙනවා. උදයජීව වෙදදුරු මද සිනහවක්‌ පාමින් කියද්දී තවත් රෝගීන් රැසක්‌ පෝලිම් ගැසී සිටි හෙයින් මම ඔවුන්ට ඉඩ සලසා වෙද මැදුරෙන් පිටවීමි.

පරපුරක ඖෂධකරණය හා ලබාගත් දැනීම් සම්බාරය එකට කැටිකර රෝග විඥනයෙන් හෙළ වෙදැදුරුවරයා කරන ප්‍රතිකාරය වරදින්න කිසිම හේතුවක්‌ නැත. එසේ වෙන්නේ නම් එය වෙදැදුරුවරයාගේ හෝ වෙදකමේ දුබලතාවක්‌ නොව රෝගියාගේ කර්මය හා නොසැලකිල්ල නිසා යෑයි මම සිතමි. රෝගීන්ගේ දැනගැනීම සඳහා වෛද්‍ය උදයජීව 0718341834.

විමලසිරි අගලකඩ

Loading...