web counter
Loading...

හෙට සිදුවන දේ අද දැනගන්නේ මෙහෙමයි

Loading...

උදාවන හෙට දවසේ මොකක්‌ වෙයිද කියල දැනගන්න කවුද අකමැති? අනාගතේ ගැන කල් ඇතුව දැනගැනීම මිනිසුන්ගේ සහජ ආශාවක්‌. ඒකට හේතුව හැම දෙනා තුළම නොයෙකුත් බලාපොරොත්තු ප්‍රාර්ථනා තිබීම. ඔබ තුළත් නොයෙක්‌ ප්‍රාර්ථනා ඇති. මේවා ඉටුවෙයිද කියලා සැකෙන්ද ඔබ ඉන්නේ?

උදාහරණයක්‌ විදිහට බලාපොරොත්තු වෙන පෙම්වතා නැත්නම් පෙම්වතිය එක්‌කලම විවාහ වෙන්න ලැබෙයි ද? රැකියාවේ ඉහළ තනතුරු උරුම වෙයිද? ලොකු ධනයක්‌ උපයාගන්න පුළුවන් වෙයි ද? වගේ දිගුකාලීන ඉලක්‌ක වගේම මේ යන ගමන සාර්ථක වෙයිද? අසනීපය කවදා සුව වෙයි ද? වගේ කෙටිකාලීන ගැටලුද ඔබට තියෙන්න පුළුවන්. හැමදෙනාටම මේ වගේ ප්‍රාර්ථනා ඉලක්‌ක තියෙනවා.

ඉතිං හරියටම ඔබේ මේ ගැටලුවලට විසඳුම් ලබා ගන්නේ කොහොම ද? අනාගතය තුළට යන්න හැකිනම් මේ බලාපොරොත්තු ඉටුවෙලාද නැද්ද කියලා දැනගන්න පුළුවන් වෙයි. මම කියන්නේ ඔබටම මෙවැනි ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න පුළුවන් බවයි. ඒකට උවමනා කරන්නේ ඔබේම මනසේ උපකාරය ලබාගැනීම පමණයි. මම කතා කරන්න යන්නේ අපේ මුතුන්මිත්තන් දැන සිටි පැරණි රහස්‌ කීපයක්‌ ගැන.

මනස සකස්‌ කරගැනීමෙන් අතීතය නැත්නම් අනාගතය දකින හැටි බුද්ධ ධර්මයේ සඳහන් වෙනවා. කෙනෙක්‌ සිල්වත්ව ඉඳලා සමාධි භාවනා කළොත් ප්‍රඥාව පහළ වෙනවා. එතකොට කල්ප ගාණක්‌ ඈතට බලන්න හැකි වෙනවා. සාමාන්‍ය කෙනෙකුට තියන විසිර ගිය හිතකින් ඒක කරන්න බෑ. ඒත් ධ්‍යානවලට හිත දියුණු කළාම පුළුවන්. ඒක ධර්මානුකූලයි.

හැබැයි මම කියන්න යන්නේ එච්චර දුරට ගිය ගැඹුරු කාරණාවක්‌ ගැන නොවේ. එදිනෙදා ජීවිතයේදී ඔබට මුහුණ දෙන්න වෙන ගැටලු, ගමන් බිමන් ගැන කල් ඇතිව ප්‍රතිඵල ඔබටම දැනගන්න පුළුවන් බවයි.

අපි සරල උදාහරණයක්‌ ගනිමු. එක පාරටම මහා වැස්‌සක්‌ වහින්නෙ නෑ. ගංවතුර ගලන්නෙ නෑ. ඊට ඉස්‌සරවෙලා විදුලි කොටනව. අහස ගොරවනවා. හුළං හමනවා. කළුවර වෙනවා. එතකොට ඔබ දන්නවා මහා වැස්‌සක්‌ නේද එන්නේ කියලා. මේ වගේ හැම ක්‍රියාවකටම හැම සිදුවීමකටම පෙර සංඥා නිකුත් වෙනවා. රෝග වුණත් එහෙමයි. ශාරීරික වේදනාවලින් රෝග ගැන සංඥා නිකුත් වෙනවා. පරිසරයේ විවිධ වෙනස්‌වීම්වලදී සතුන්ගේ හැසිරීම වෙනස්‌ වෙනවා.

ඉතිං පරිසරයේ සිදුවෙන මේ සංඥා නිකුත්වීමත්, අපේ හිත්වල පවතින සිතුවිලිත් අතර සම්බන්ධයක්‌ තියෙනවා. අපේ හිතට එන සිතුවිලිත් පරිසරයෙන් අහන්න ලැබෙන ශබ්ද, දකින රූප, සිදුවීම්, අපි දකින සිහින වගේ දේවල්වල තියෙන්නේ පුදුමාකාර සබඳතාවක්‌. මේ සිදුවීම්වලට මනස සංවේදී නම් එතැන තමා අනාගතය දකින රහස රැඳී තියෙන්නේ.

ඇත්ත වශයෙන්ම හොඳම සුබ නැකතකට සුබ ගමනක්‌ යන්න පිටත් වුණත්, ඒ නැකතේ බලයට වඩා සුබා සුබ නිමිතිවල බලය තියෙනවා කියලා පැරැන්නෝ විශ්වාස කළා.

“බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි” කියලා සැලළිහිණි සංදේශයේ තියෙන්නේ ඒකයි.

ඉතිං අපි ගමනක සාර්ථක බව ගැන දැනගන්නෙ කොහොමද කියලා මුලින්ම බලමු. ඒකට තියෙනවා හොඳ නිමිති ක්‍රමයක්‌. ඒකට කියනවා “චිත්තාරම්මන නිමිත්ත” කියලා. ඒ කියන්නේ හිතට එන නිමිත්ත කියන තේරුම. අපි හිතමු ඔබට තියෙනවා වැදගත් ගමනක්‌ යන්න, කවුරු හරි හමුවෙන්න. ඉතිං යම් වෙලාවක හිතෙනවා දැං ගියොත් නං හොඳයි කියලා. ඒ වෙලාවෙම ගියා නම් වැඩේ සාර්ථකයි. මේ ගැන සමහර විට ඔබට අත්දැකීම් ඇති. හිතුන ගමන්ම කළාම වැඩේ හරියනවා. මේ ගැන හොඳම අත්දැකීම් තියෙන අය කියන්නේ Ñමම නම් ඔය නැකත් බල බල ඉන්නේ නෑ. හිතුණ ගමන් කරනවා” කියලා. ඒක ඇත්ත. නැකත් බැලුවේ නැතිවුණාට ඒකත් නැකත් ක්‍රමයක්‌.

ඒ වගේම එවැනි වෙලාවක ඔබේ මවගෙන් නැත්නම් බිරිඳ වගේ ළ`ගම ඉන්න කෙනෙක්‌ගෙන් අහන්න. ගමනක්‌ යන්න තියෙනවා කියලා. එතකොට එයා ධනාත්මක පිළිතුරක්‌ දුන්නොත් ගමන යන්න. ඒ වගේම ඔබව අධෛර්ය කරන පිළිතුරක්‌ ලැබුණොත් යන්න එපා. මේ පිළිතුර එයා දුරට හිතල මතල දෙන පිළිතුරක්‌ නොවේ. හිතට ආ ගමන් කියන දේ. ඒක තමයි නිමිත්ත. ඉතිං මීට පස්‌සේ වැඩක්‌ කරන කොට මේ චිත්තාරම්මන නිමිත්ත ගැන බලන්න. හරියටම හරි.

ඒ වගේම තමයි, ඔබට ඇහෙන්න ලැබෙන වචන වලට සවන් දීම. වැදගත් ගමනක්‌ යන්න පිටත් වෙනකොටම මිහිරි වචන ඇහෙන එක සුබපලදායකයි. ජයවේවා, බුදු සරණයි, දෙවි පිහිටයි, ගිහිං එන්න වගේ ආශිර්වාදාත්මක වචන ඇහුණොත් ඒ ගමන සාර්ථක බවයි පේන්නේ. මේ ආශිර්වාදාත්මක වචන කවුරු හරි ඔබටම කියන්න ඕන නෑ. ඇහෙන එකයි වැදගත් වෙන්නේ. ඒ වගේම පිරිත්, ගීත, ගාථා වගේ දේවලුත් ඇහෙන එක සුබයි. ඒක තමයි ඉස්‌සර ඉඳලා වැදගත් සුබ කටයුත්තක්‌ කරනකොට මඟුල් බෙර වාදනය, පිරිත් කීම වගේ දේවල් කළේ.

ඒ වගේම Ñ”එන්න” කියන වචන ඉදිරිපසිනුත් “යන්න” කියන වචනය පිටුපසිනුත් ඇසීම සුබයි. අනිත් අතට ගමන යනකොටම කොහේද යන්නේ? චුට්‌ටක්‌ ඉන්න, මෙහෙ එන්න, වර, පල, වගේ වචන ඇසීම සුබදායක වෙන්නේ නෑ. මේ වගේ වචනත් ඔබටම කියන්න ඕන නෑ. වෙන කාට හරි කවුරුහරි කියනව ඇහෙන්න පුළුවනි. සමහර විට ඔබටම නොදැනුවත්වම වචනයක්‌ කියවෙයි.

මේ ගැන ඔබේ හිත සංවේදී වීම නම් උවමනායි. එතකොට ඇහුණ ශබ්ද ගැන වැටහෙනවා. ඉතිං පැරැණි අය අවුරුදු දහස්‌ ගාණක්‌ දැනගෙන හිටිය මේ ක්‍රමයට කියන්නේ Ñශ්‍රවණ නිමිත්ත කියලා. මීට පස්‌සේ ඔබ වැදගත් වැඩක්‌ ආරම්භ කරනකොට “ශ්‍රවණ නිමිත්ත” ගැන අවධානයෙන් ඉන්න. ප්‍රතිඵල ඔබට කල් ඇතුව දැනගන්න ලැබේවි.

අනාගතේ සිද්ධවෙන දෙයක්‌ ගැන තේරුම් ගන්න තවත් හොඳම ක්‍රමයක්‌ තියෙනවා.

ඒ තමයි ඒ ගැටලුව නැත්නම් ප්‍රශ්නේ ඇතිවුණ වෙලාවෙම සිද්ධ වුණ දේ ගැන හිත යොමුකර බැලීම. දවසක්‌ මම කාර්යාලේ කාර්යබහුලව ඉන්න වෙලාවක හදිසියේම නිමිත්තක්‌ බලන්න ඕන කියලා කාන්තාවෝ දෙන්නෙක්‌ ඇවිත් කලබලේට වගේ බුලත් අතක්‌ දුන්නා. කොච්චර කලබල වෙලාද කීවොත් මගේ අතට ඒක ගන්න ඉස්‌සරවෙලා බිමට වැටුණා. ඒක උඩ තිබුණු සල්ලිත් බිමට වැටුණා. ඉතින් මේකෙන් වටහාගන්න පුළුවනි වටිනා දෙයක්‌ නැතිවෙලා ප්‍රශ්න කරන බව. මම ඇහුවා බඩුවක්‌ නැතිවෙලා නේද? කියලා. ඔව් කීවා. ඒක ආයිමත් ලැබෙන එකක්‌ නෑ කීව. එච්චරයි.

තවත් වතාවක මාත් එක්‌ක වාහනේ යන රියෑදුරා කීව හවස ලෙඩෙක්‌ බලන්න යන්න තියෙනවා කියලා. එතකොටම මම දැක්‌කේ වාහනේ අවමංගල සේවා කරන තැනක්‌ පහුකරගෙන යනවා. මිනීපෙට්‌ටිත් දැක්‌කා. මම කීවා ලෙඩා බලලා වැඩක්‌ නැතිවෙයි කියලා. ඒ වගේම එදා හවස ඒ ලෙඩා මියගියා.

මේ වගේ ප්‍රශ්නය නැගෙන වෙලාවෙම සිදුවෙන දේ අනාගතය ගැන සංඥා කරනවා. ඕකට කියන්නේ තත්කාලික සිද්ධ නිමිත්ත කියලා. ඔබත් මේ ගැන විමසිල්ලෙන් හිටියොත් අනාගත සිදුවීම වටහා ගන්න පුළුවනි.

මේ වගේ නිමිති ක්‍රම දහයක්‌ ගැන ජ්‍යෙdතිෂයේ සඳහන් වෙනවා. හැබැයි මේවාට හොඳට සංවේදී මනසක්‌ තිබීම අවශ්‍යයි. කලබල, චංචල හිතකට මේවා වටහා ගන්න අමාරුයි. ඒ වුණත් තැන්පත් සන්සුන් මනසකට නම් එකපාරටම වෙන්න පුළුවන් දේ පේනවා. වැටහෙනවා.

තත්කාල නිමිත්ත කියන්නේ මීටත් වඩා ටිකක්‌ ගැඹුරු වුණත් දිව්‍ය ඥානයක්‌ වගේ වටිනා ශාස්‌ත්‍රයක්‌. ඒකේ පදනම ප්‍රශ්නයක්‌ නැඟුන මොහොතෙම උදාවුණු ග්‍රහචාරය පරීක්‍ෂා කර බැලීමයි. දැං දරුවෙක්‌ ඉපදෙන වෙලාව බලලා කේන්දරයක්‌ හදනවනේ. ඒ වගේම ප්‍රශ්නය නැඟුණු මොහොතට උදාවුණ වෙලාව බලල කේන්ද්‍රයක්‌ හදනව. ඒ වෙලාවට හදන කේන්ද්‍රයට කියන්නේ තත්කාල කේන්ද්‍රය කියලා.

ඉතිං තත්කාල කේන්දරය බලනකොට අහන ප්‍රශ්නෙ වුණත් තේරුම් ගන්න පුළුවනි. උදාවුණ ලග්නයත්, නවාංශකයත්, හෝරාවත් බලල තමා ප්‍රශ්න විසඳෙන්නේ. අහන්නේ සුබාසුබ ගැන ද? රැකියා තනතුරු ගැන ද? විවාහය නැත්නම් නිවාස ඉඩකඩම් වගේ ප්‍රශ්නයක්‌ ද? එහෙමත් නැත්නම් සොර සතුරු, නැතිවුණ බඩු ගැන ද? කියල තත්කාල කේන්දරේ සංඥා කරනවා.

ප්‍රශ්නය වගේම විසඳුමත් තත්කාල කේන්දරෙන්ම දැනගන්න පුළුවනි. කළ යුතු දේත් දැනගන්න පුළුවනි. ඔබ යම් ගැටලුවකට මැදිවෙලා ඉන්නවනම් තත්කාල කේන්ද්‍රයේ ග්‍රහයෝ කළ යුතු දේ සංඥා කරනවා.

රවි නම් රජයට නැත්නම් නීතියට කියන්න. බුධ නම් සාකච්ඡා කරන්න කතා කරන්න. කුජ නම් සටන් කරන්න. සිකුරු නම් අ`ඵතින් ආරම්භ කරන්න. ගුරු නම් දෙවියන්ට භාර වෙන්න. ඔය වගේ සංඥා දෙනවා.ඉතිං ඒ විදියට කළාම ප්‍රශ්නෙ විසඳගන්න පුළුවන්.

මේකෙන් අදහස්‌ වෙන්නේ මොකක්‌ද? අද සිද්ධ වෙලා තියෙන දේ දැනගන්නත්, ඊළඟට අනාගතයට විය හැකි දේ වෙනස්‌ කරන්නත් පුළුවන් බවයි. අද තියෙන ප්‍රශ්නයකට වැරැදි විදිහෙ විසඳුමක්‌ දුන්නොත් ඒකෙන් වෙන්නේ කනගාටුදායක තත්ත්වයක්‌ උදාවෙන එකයි.

කෙනෙකුට හිතෙන්න පු`ඵවන් Ñකර්මය අනුව වෙන්න තියෙන දෙයක්‌ වෙනස්‌ කරන්න බෑ නේද? කියල. වෙන්න තියෙන දේ වෙනවමයි කියන්නෙ එහෙම අය. ඒ වුණත් ඒ කතාව හරි නෑ. ඔබ අහල ඇතිÑ “උපාය දන්නෝ අපායේ නොවැටෙත්” කියා පැරණි කතාව. ඒ කියන්නෙ අපායට යන්න නියම වෙලා තිබුණත් උපායශීලීව ක්‍රියා කළොත් වෙනස්‌ කරන්න පුළුවන් බව නේද? බුදු පසේ බුදු මහ රහතන් වගේ උතුම් තත්වයන් ලබා ගත්තොත් අකුසල කර්ම යටපත් කරලයි. මේ නිසා අනාගතේ දකින්නන්, ඒ නියම වෙලා තියෙන අනාගතය වෙනස්‌ කරන්නත් අපිට හැකියාව තියෙනව.

ඔබ දැනට කරන රැකියාව, නැත්නම් ඉගෙනීම ලබන දේ ඔබට ගැළපෙන්නේ නැත්නම් සාර්ථක අනාගත ජීවිතයක්‌ ලබන්න අමාරුයි. ඉතිං ඔබ දැනට කරන රැකියාවේ තවදුරටත් හිටියොත් අනාගතයේ මොන වගේ වේවිද කියල ඔබට දැනගන්න පුළුවනි.

තත්කාල කේන්දරේක දෙවැන්නේ අනාගතය ගැන කියනවා. තත්කාල කේන්දරයක දෙවැන්නේ කුජ නම් අනාගතය අරගල සහිතයි. රාහු නම් අවුල් සහගතයි. පුර සඳු නම් සාමකාමීයි. ගුරු නම් අනාගතය සුබදායක සැපවත් බව පෙන්නයි. ශනි නම් දුක්‌ කරදර සහිතයි.

එහෙනම් අනාගතය වෙනස්‌ කරන්න ඕනද? ඔබ මේ රැකියාවෙම තවදුරටත් ඉන්නවද? ජන්ම පත්‍රයකින් ඔබ කරන රැකියාව ඔබට ගැළපෙන එකක්‌ද කියල දැනගන්න පුළුවනි. නැත්නම් ගැළපෙන ක්‌ෂේත්‍රය හඳුනා ගන්න පුළුවනි. බලවත් ග්‍රහයාට හිමි ක්‌ෂේත්‍රය ඉගෙනීමත්a, රැකියාවක්‌ කිරීමත් ඔබේ විශාල දියුණුවකට හේතු වනවා ඇති. Ñ”ලොවින් එකින් එක දේකට වෙයි සමත” කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඉතිං ඔබත් ඔබේ අනාගතය කල් ඇතුව දැනගන්නත්, ඔබ ගමන් කරන්නේ වැරැදි දිශාවකට නම් ඒක නිවැරැදි කරගන්නත් ඔබට ස්‌ථිර වශයෙන්ම හැකි වෙනවා. මේ ගැන අවධානය යොමු කරන්න.

මේ කරුණු හරියට දැනගත්තොත් ඔබටත් අනාගතේ ගැන කල් ඇතුව දැනගන්න පුඵවන් ප්‍රාර්ථනා ඉටුකරගන්නත් පුඵවන්.

Loading...