web counter
Loading...

සිංහල අලුත් අවුරුද්ද 2017 – නව අවුරුදු ලග්න පලාඵල මෙතනින් බලන්න

Loading...

මේෂ ලග්නය – රාශි චක්‍රයේ පළවෙනිම රාශිය වූ මේෂ ලග්නයේ උපන් ඔබට දොලොස් මහක් ගෙවී දොලොස් මහක් ලබන්නා වූ මේ අළුත් අවුරුද්දේ ලග්නාධිපති දෙවැන්නේ රාජ්‍යකාරක රවි බුධ ලග්න ගතවත් ගමන් කරමින් රාහු පස්වැන්නෙත් බ්‍රහස්පති හය වැන්නෙත් චන්ද්‍රයා අට වැන්නෙත් ගමන් කරමින් තමයි ඔන්න මේ සිංහල අළුත් අවුරුද්ද ඔබට උදා කරන්නේ. ආදායම් මාර්ග අතින් ගත් කල කලක පටන් තිබුණු බලාපොරොත්තු ඔන්න සාර්ථක කර ගන්න මේෂ ලග්න හිමියන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ගෙන දෙනවා. ලග්නාධිපති රවිට අයත් නැකතක ගමන් කිරීමත් රවි ලග්න ගතව බලවත්වීම ඉතාමත් යහපත්. මෙතුවක් කල් ඔන්න අනුන් යටතේ කටයුතු කරනු ලැබූ පිරිස් වලට තමන්ගේම කියල ස්වාධීන කටයුතු ආරම්භ කරන්න ඉතාමත් යහපත් අවුරුද්දක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම විදේශ ගත රැකී රක්ෂා බලාපොරොත්තු වෙන මේෂ ලග්න හිමියන්ටත් අති සාර්ථක අවුරුද්දක් ලෙසින් හැඳින්වීමේ ඉඩකඩ තිබෙනවා. ගෘහ ජීවිතය අතින් ගත් කල පසුගිය මාස කීපය තුල පවුලේ සමගියට සහජීවනයට එතරම් යහපත් නොවූ ආකාර තමයි තියෙන්න ඇත්තේ. හැබැයි අන්න ඒ තත්වයන් සාර්ථක කර ගන්න උදාවෙච්ච අළුත් අවුරුද්ද ඔබට ඉඩ කඩ හසර ලඟා කර දෙන ආකාර තමයි පවතින්නේ. ඒ වගේම තමයි ගේ දොර ඉඩ කඩම් යාන වාහන දියුණුවටත් මේෂ ලග්නයේ උපන් ඔබට ඉතාමත් සුබයි. සෞඛ්‍ය අතින් ගත් කල බ්‍රහස්පති හය වැන්නේ ගමන් කරන බව අමතක කරන්න එපා. ඒ නිසා විශේෂයෙන්ම සැප්තැම්බර් මාසය දක්වාම උදරාගත අබාධතා විටින් විට උත්සන්න වීමේ ඉඩ කඩ තිබෙනවා. අවශ්‍ය වෙන්නේ ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම පමණයි. ඉතින් මෙන්න මේ වසර ජයග්‍රහණ අපේක්ෂා කරන ඔබ ඉරිදා අඟහරුවාදා දවස් දෙක ඔබගේ සුබ කටයුතු වලට තියා ගන්න. ලා නිල් පැහැති වර්ණය තමයි ජයග්‍රාහී වර්ණය වෙන්නේ. තිබෙන්නා වූ යම් යම් අභියෝගතා රාජයෝග බවට පත් කර ගන්න නම් අඟහරුවාදා දවස් වල නිර්මාංශ ආහාර ගන්න පුළුවන් නම් මේෂ ලග්න හිමියන්ට ජයග්‍රාහී වසරක් තමයි මේ උදා වෙලා තියෙන්නේ.

වෘෂභ ලග්නය – සිකුරුට අයත් රාශියක් වූ දෙවන රාශිය වන වෘෂභ ලග්නයේ උපන් ඔබ බලාගෙන ඇත්තෙ උදා වෙච්ච අළුත් අවුරුද්ද ඔබට කොයි වගේද කියලා නේද? ඉතින් ලග්නාධිපති මේ වසරෙත් බලවත් වෙලා තමයි ඔබට ආරම්භ වෙන්නේ. එකොලොස් වැන්න වූ අයස්ථානගතව ගමන් කරද්දි අඟහරු ලග්න ගතව පවතිනවා. බ්‍රහස්පති ලග්නෙන් පස් වැන්නෙ රාහු ලග්නෙන් හතර වැන්නෙත් කේතු ලග්නෙන් දහ වැන්නෙත් චන්ද්‍රයා හත් වැන්නෙ වගේම යෝගකාරක සෙනසුරු ලග්නෙන් අට වැන්නේ ගමන් කරමින් තමයි මේ වසර වෘෂභ ලග්න හිමියන්ට තිළිණ කරන්නේ. ආදායම් මාර්ග අතින් ගත් කල වෘෂභ ලග්න හිමියන්ගේ දහ වැන්න අධිපති සෙනසුරු අට වැන්නේ ගමන් කිරීම එතරම් හිතකර වට පිටාවක් නෙමෙයි ගෙන දෙන්නේ. වියදම් කරන පුංචි රුපියල පවා දෙපාරක් හිතලා බලලා වියදම් කල යුතු වසරක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. දුර දිග නොසිතා කරනු ලබන ගනුදෙනු නං වෘෂභ ලග්න හිමියන්ට එතරම් හිතකර වටපිටාවක් නෙමෙයි මේ වසර තුල උදා කරලා තිබෙන්නේ. රැකී රක්ෂා ආශ්‍රිතව පවා යම් යම් අර්බුධකාරී වටපිටාවන් ගොඩ නැගෙන්න පුළුවන්. ඉවසීම උපේක්ෂා සහගත බව වගේම සුළු සුළු කරුණු කාරනා කෙරෙහිත් වැඩි අවධානය යොමු කරන්න වෘෂභ ලග්න හිමියන් අමතක කරන්න එපා. ස්ථාන මාරු ප්‍රධානීන් අතර හොඳ හිත පළුදුවීම් වැනි තත්වයන් වලට පත්වීමේ ඉඩකඩ තිබෙන නිසා වෘෂභ ලග්න හිමියන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම තමයි වැදගත් වන්නේ. වසර ආරම්භ වෙන්නේ ලග්නාධිපති එකොලොස් වැන්නෙ බලවත් වෙලා. ලැබීම් සඳහා යහපත් උවත් අනෙකුත් ග්‍රහයින්ගේ පිහිටීම නිසා රඳවා ගැනීමේ දුර්වලතා ගෙන දෙන්න පුළුවන්. වෘෂභ ලග්නයෙන් උපන් ඔබේ බුද්ධිය මත තමයි ඔබගේ ආර්ථිකය ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ ඉඩ කඩ පවතින්නේ. ගෘහ ජීවිතය ආශ්‍රිතව ගත් කල හත අධිපති අඟහරු ලග්න ගතව ගමන් කරන අවුරුද්දක්. ඒ නිසා විශේෂයෙන්ම නව බලාපොරොත්තු කෙසේ හෝ සාර්ථක කර ගන්න ඔබට ඉඩ කඩ හසර ලබාදෙන බව අමතක කරන්න එපා. ගෙයක් දොරක් ඉඩමක් කඩමක් මිලට ගන්න හිටිය නම් පවුලේ අය සමඟ සාමූහිකව ගනු ලබන තීන්දු තීරණ අති සාර්ථක අන්දමින් නිම කිරීමේ ශක්තිය ගෙන දෙනවා. ලග්න අෂ්ඨම ඒරාෂ්ඨක අපලයක් මේ වසර පුරාවටම පවතින නිසා වෙන් වෘෂභ ලග්න හිමියන්ගේ සෞඛ්‍ය තත්වයන් පිළීබඳ වැඩි අවධානය යොමු කරන්න. වම් පාද ආශ්‍රිත ආබාධතා තමයි සිදුවීමේ ඉඩ කඩ තිබෙන්නේ. සුබ කටයුතු කරන්න බදාදා සිකුරාදා දින දෙක තබා ගන්න. ලා කොළ පැහැති වර්ණය තමයි වඩාත් යහපත් වෙන්නේ. සෙනසුරාදා දවස් වල උදෑසන 6.50 ට ප්‍රථම නිවසේ බස්නාහිර දිශාවෙ කපුටන්ට එළඟි තෙල් මිශ්‍ර කිරි බත් ස්වල්පයක් දන් දෙන්න පුළුවන් නම් වෘෂභ ලග්නයේ උපන් ඔබට සාර්ථක වසරක් බවට පහසුවෙන්ම පත් කර ගන්න පුළුවන්.

මිථුන ලග්නය – තුන්වන රාශිය වූ මිථුන ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අළුත් අවුරුද්ද ඔබට කොහොමද කියලා නේද? ඔන්න මේ වසර නං මිථුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති බලවත් වූ රාජ්‍යකාරක රවි සමඟ සංයෝග වෙලා ලග්නෙන් එකොලොස් වැන්න වූ සියළුම ලැබීම් පෙන්නුම් කරනු ලබන අයස්ථාන ගතව ගමන් කරන්නේ කෝටියක් දෝෂ භංග කරවමින්. ඒ වගේම තමයි සෙනසුරු ලග්නෙන් හත් වැන්නෙ ගමන් කරද්දි යෝගකාරක සිකුරු ලග්නෙන් දහ වැන්නෙ බලවත් වෙලා ගමන් කරන්නෙ පංච මහා පුරුෂ යෝගයක් වන මාලවී නැමැති යෝගය උදා කරලා. ආදායම් මාර්ග අතින් බලන කල ලග්නාධිපති රාජ්‍යකාරක රවි සමඟ සංයෝග වෙලා බුධ ආධිත්‍ය යෝගයක් උභයචාරී යෝගයක් ගොඩ නගමින් ලග්නෙන් එකොලොස් වැන්නෙ ගමන් කිරීම ඉතාමත් සුබයි. බොහෝ විට තමාගේ යෝගකාරක ග්‍රහයත් මාලවී නැමැති යෝගයත් උදා කරල තිබෙන නිසා වෙන් ඉතාමත් සුබ පල අත් කර ගැනීමේ ඉඩ කඩ පවතිනවා. කරන කියන කටයුතු වගේම අළුතින් මේ වසරේ කරන්න බලාපොරොත්තු වෙන කටයුතුත් අති සාර්ථක අන්දමින් නිම කර ගැනීමේ ශක්තිය තමයි අනිවාර්යෙන්ම මිථුන ලග්න හිමියන්ට ගෙන දෙන්නේ. මාධ්‍ය අංශය වගේම සංනිවේදන ක්ෂේත්‍ර වල කටයුතු කරනු ලබන මිථුන ලග්න හිමියන්ගෙන් බිහි වන්නා වූ නිර්මාණ අගය කිරීම් වලට පාත්‍ර වන බව නම් ඒකාන්තයෙන්ම කියන්න පුළුවන්. ගෘහ ජීවිතය ආශ්‍රිතව ගත් කල හත අධිපති හතර වැන්නේ ගමන් කිරීම ඉතාමත් යහපත්. ගේ දොර ඉඩ කඩම් යාන වාහන දියුණුවට සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමේ ඉඩ කඩ පවතිනවා. ඒ වගේම තමයි යුග ජීවිත ආශ්‍රිතව පසුගිය කාලය පුරාවටම පැවති අහිතකරතා මෙල්ලකර ගැනීමේ ඉඩ කඩත් තිබෙනවා. හය අධිපති දොලොස් වැන්නේ පිහිටීම ලේ දූෂ්‍යවීම් ලේ ආශ්‍රිත රෝග පීඩාවන්ට ලක් වීමේ ඉඩ කඩ තිබෙනවා. සුරතල් සතුන්ගෙන් පවා මේ වසරේ ටිකක් කල්පනාකාරී වෙන්න මිථුන ලග්න හිමියන් අමතක කරන්න එපා. බදාදා සිකුරාදා දින දෙක ඔබගේ සුබ කටයුතු වලට තබා ගන්න. ලා නිල් පැහැය තමයි මේ වසරේ මිථුන ලග්න හිමියන්ගේ සාර්ථක වර්ණය වෙන්නේ. ඒ වගේම තමයි තිබෙන්නා වූ අහිතකරතා මගහරවා ගන්න පුංචිම පුංචි පිළිවෙතක් කියන්නං. මාසෙ පළවෙනි බදාදා දවස් වල අධ්‍යාපනය ලබන වයසේ පසුවන සාමණේර භික්ෂුවකට පොතක් පතක් දන් දීල බලන්න. අති සාර්ථක වසරක් බවට මිථුන ලග්නයේ උපන් ඔබට පහසුවෙන්ම පත්කර ගන්න පුළුවන්.

කටක ලග්නය – හතර වන රාශිය වූ කටක ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ මේ වසර ඔබට කොහොමද කියලා නේද? ඔන්න කටක ලග්න හිමියන්ගේ මේ වසර උදා වෙන්නේ ලග්නාධිපති සඳු ලග්නෙන් පස් වැන්න වූ විද්‍යාස්ථාන ගතව. එසේ නැති නම් පූර්ව පුණ්‍යස්ථානගතව ගමන් කරද්දි. සෙනසුරු ලග්නෙන් හය වැන්නෙත් බ්‍රහස්පති ලග්නෙන් තුන් වැන්නෙත් කේතු ලග්නෙන් අට වැන්නෙ වගේම රාජ්‍යකාරක රවි බලවත් වෙලා දහ වැන්නේ කේන්ද්‍රගත බලයෙන් වගේම දික් බලයෙන් යුතුව පවතිද්දි බුධත් එහි සංයෝග වෙලා තිබෙනවා. සිකුරු ලග්නෙන් නම වැන්න වූ පුණ්‍යස්ථාන ගතවත් අඟහරු ලග්නෙන් එකොලොස් වැන වූ අයස්ථාන ගතවත් ගමන් කරමින් තමයි කටක ලග්න හිමියන්ට මේ වසර තිළිණ කරන්නේ. ආදායම් මාර්ග අතින් ගත් කල යෝගකාරක අඟහරු එකොලොස් වැන්නෙ පිහිටීම ප්‍රභල ධනයෝගයක් ලෙසින් හඳුන් වන්න පුළුවන්. රාජ්‍යකාරක රවිත් ලග්නෙන් දහ වැන්නෙ බලවත් වීම තුල ඔන්න රාජ්‍ය අංශයේ රැකී රක්ෂා බලාපොරොත්තු වුන අයගේ ප්‍රාර්ථනාවන් එළිපෙහෙලි කර ගන්න මේ වසරේ තිබෙන ග්‍රහ සිත්තම වැදගත්. ව්‍යාපාර ආදී කටයුතු කරන කටක ලග්න හිමියන්ගෙත් අරමුණු බලාපොරොත්තු සාර්ථක අන්දමින් නිම කර ගැනීමේ ඉඩ කඩ පවතිනවා. යුග ජීවිත අතින් ගත් කල ලග්නාධිපති හය වැන්නේ ගමන් කිරීම නිසා වෙන් පවුලේ සතුට සැනසුම දියුණුව වෙනුවෙන් බොහෝවිට තෙවන පාර්ශවයන්ගේ අහිතකර බලපෑම් ගෙන දෙන්න පුළුවන්. ඒ නිසා ඉතාමත් කල්පනාකාරීව බුද්ධිමත්ව තීන්දු තීරණ ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. බුද්ධියට වඩා හැඟීම් ආදියට මුල්තැන දෙන ස්වභාවයන් තමයි ඇතිකරල තිබෙන්නේ. ඒ පිළිබඳවත් කටක ලග්න හිමියන් හිතේ තබාගෙන තමයි නව වසරට මුහුණදිය යුතතේ. සුබ අසුබ පල මිශ්‍රව පවතින වසරක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. තමන්ගේ සෞඛ්‍ය තත්වයන්ට වඩා පවුලේ අයගේ සෞඛ්‍ය පීඩා වෙනුවෙන් තමයි වැඩිපුර කාලය ශ්‍රමය ධනය වැය කරන්න සිද්ධ වෙන්නෙ. ආහාරපාන ආදිය වෙලාවට මෙන්ම පාලනයෙන් යුතුව ගැනීම වඩාත් වැදගත්. අඟහරුවාදා බ්‍රහස්පතින්දා දින දෙක ඔබගේ සුබ කටයුතු වලට තබා ගන්න. සුදු සහ ක්‍රීම් වර්ණය තමයි මේ වසරෙත් කටක ලග්න හමියන්ගේ සාර්ථක වර්ණය වෙන්නේ. සෑම දිනකම උදෑසන ජලජ ජීවීන්ට ආහාර ස්වල්පයක් ඔබට හැකි විදිහට දන් දෙන්න පුළුවන් කම ලැබුණොත් තිබෙන්නා වූ අභායෝග රාජයෝග බවට පත් කර ගෙන සාර්ථක අළුත් අවුරුද්දක් බවට කටක ලග්න හිමියන්ට පහසුවෙන්ම පත් කර ගන්න පුළුවන්.

සිංහ ලග්නය – පස්වන රාශිය වූ සිංහ ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ මේ සිංහල අළුත් අවුරුද්ද ඔබට කොහොමද කියලා නේද? ඉතිං ඔන්න මේ අවුරුද්ද ඔබට උදා කරන්නේ රාජ්‍යකාරක රවි ඔබේ ලග්නාධිපති බුධ සමඟ සංයෝග වෙලා පුණ්‍යස්ථාන වූ නව වැන්නෙත් සෙනසුරු පස් වැන්නෙත් සඳු හතර වැන්නෙත් කේතු හත් වැන්නෙත් ලග්නගතව රාහුත් සිකුරු අට වැන්නෙත් ගමන් කරමින් තමයි. ඉතින් මෙන්න මේ වසර සිංහ ලග්න හිමියන්ට මිශ්‍ර පල උදා කරන ආකාර තමයි තිබෙන්නේ. ආදායම් මාර්ග අතින් ගත්තයින් පස්සේ ලැබීම සඳහා සාමාන්‍ය පල තමයි බුක්ති විඳින්න පුළුවන්කම තිබෙන්නේ. හැබැයි ඒ ලැබීම් ඔබට වර්ධනය කර ගැනීමේ ඉඩ කඩ තිබෙනවා. අවශ්‍ය වෙන්නේ සුළු සුළු කරුණු කෙරෙහි ඔබගේ නිරන්තර අවධානය තමයි. බොහෝ විට ඔබගේ හැකියා දක්ෂතා තුලින් අන් අය ප්‍රයෝජන ලැබීම වගේම ඔබගේ දක්ෂතා අන් අයට අවශ්‍ය විදිහට මෙහෙයවීම මෙන්න මේ වසර තුල දක්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඔබේ පෞද්ගලික දියුණුවට තමයි යම් යම් පීඩා කරදර ගෙන දෙන්නේ. පිය පාර්ශවීය උරුම හරුමකම් ලැබීම් පිළිබඳ යම්කිසි අර්බුධකාරී වටපිටාවක් තිබුණ නං අන්න ඒ තත්වයන් මගහරවා ගන්න ඉතාමත් සුබයි. අතරමැදි ව්‍යාපාර ආදී කටයුතු කරන සිංහ ලග්න හිමියන්ට විපුල පල නෙලා ගැනීමේ වසරක් ලෙසින් මේ වසර හඳුන්වන්න පුළුවන්. ගෘහ ජීවිතය ආශ්‍රිතව ගත්තට පස්සේ බොහෝවිට වෙනදට වඩා පවුලේ අය සමඟ සතුටු සිතින් ගත කිරීමේ ඉඩ කඩ ලැබෙනවා. විනෝද ගමන් බිමන් ප්‍රිය සම්භාෂණ වලට සහ සම්බන්ධ වීමේ ඉඩ ඉතාමත් ඉහල මට්ටමක තිබෙන්නේ. වර්ෂ අවසාන වන විට සතුරු කරදර බාධා උත්සන්න වීමේ ඉඩකඩ තිබෙන නිසා සිංහ ලග්න හිමියන් ඒ පිළිබඳව ටිකක් කල්පනාකාරී වීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය පීඩා ගෙනදීමේ ඉඩකඩ වැඞී. විශේෂයෙන්ම ස්නායූ ආශ්‍රිත රෝග පීඩාවන්ට ලක් වීමේ ඉඩ කඩ තිබෙන නිසා ඔන්න සුළු හිරිවැටීමකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වඩාත් වැදගත්. ඒ වගේම සිංහ ලග්න හිමියන් මෙන්න මේ වසරේ වැඩ කටයුතු ආරම්භ කරද්දි ඉරිදා අඟහරුවාදා දින දෙක ඔබේ සුබ කටයුතු වල ට තබා ගන්න. රක්ත වර්ණය තමයි ඔබේ ජයග්‍රාහී වර්ණය වෙන්නේ. ඒ වගේම තමයි සෑම දිනකම ප්‍රථම රාජකාරිය ලෙස සූරිය පිරිත වරක් හෝ සජ්ඣායනා කරලා සූරිය පිරිත වරක් හෝ ශ්‍රවණය කරලා කයටයුතු ආරම්භ කරලා බලන්න. වාසනා වන්ත වසරක් බවට පහසුවෙන්ම පත්කර ගන්න පුළුවන්.

කන්‍යා ලග්නය – කන්‍යා ලග්නයේ උපන් ඔබත් ලක ලෑස්ති වෙනවා ඇත්තේ මේ වසර ඔබට කොහොමද කියලා දැන ගන්නට වෙන්න ඇති. ඉතින් ඔන්න මේ වසරේ ඔබේ ලග්නාධිපති රාජ්‍යකාරක රවිත් එක්ක සංයෝග වෙලා ලග්නෙන් අට වැන්නේ ගමන් කරමින් තමයි උදා කරන්නේ. ඒ වගේම තමයි යෝගකාරක සිකුරු ලග්නෙන් හත් වැන්නේ බලවත් වෙලා පංච මහා පුරුෂ යෝගයක් වන මාලවී නැමැති යෝගය උදා කරද්දි ලග්න ගතව බ්‍රහස්පති වගේම දොලොස් වැන්නේ රාහුත් ලග්නෙන් හය වැන්නේ රෝගස්ථාන ගතව කේතුත් ලග්නෙන් හතර වැන්න වූ ගෘහස්ථාන ගතව සෙනසුරුත් ගමන් කරමින් තමයි ඔන්න කන්‍යා ලග්න හිමියන්ට මේ වසර උදා කරන්නේ. විශේෂයෙන්ම ආදායම් මාර්ග අතින් ගත් කල යම් බාධා කරදර ඔබගේ මූල්‍ය ස්ථාවරත්වයට ඇති කරන්න පුළුවන්. සතුරු කරදර බාධා විටින් විට උස් පහත් වීමේ ඉඩ කඩ මේ වසර තුල නිර්මාණය වෙලා පවතින නිසා තමන් ඇසුරු කරන්නේ කවුද නොකල යුත්තේ කවුද කියලා වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන කටයුතු කිරීම වඩාත් වැදගත්. රැකී රක්ෂා දියුණුවටත් යම් යම් සතුරු කරදර බාධා වැඞී. ඒ නිසා ඔන්න රැකී රක්ෂා ස්ථාන වල කාගේ අඩුපාඩු දැක්කත් පෙන්නල දෙන්න නං යන්න එපා. නිහඬ සතුරු කරදර බාධා ඇති වීමේ ඉඩකඩ තිබෙන නිසා යුග ජීවිත ආශ්‍රිතව තිබෙන ප්‍රීතියට සාමයට සහජීවනයට යම් යම් අහිතකරතා සිදු උනා නං ඔන්න මේ වසරේ සිකුරුගේ බලවත් වීම නිසා වෙන් වසර ආරම්භයේ සිටම තමන්ගේ පවුලේ සමගිය සහජීවනය වර්ධනය කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි කලක් තමන් සමඟ අමනාපයෙන් සිටි හිතමිත්‍රාදීන් පවා නැවත තමාගේ ඇසුර පතාගෙන එන ආකාර තමයි තිබෙන්නේ. විශේෂයෙන් කන්‍යා ලග්නයෙන් උපන් ඔබ ආහාර අපත්‍ය වීම් ලේ විෂ වීම් වැනි තත්වයන් වලට තමයි ලක් වීමේ ඉඩකඩ තිබෙන්නේ. එවැනි සුළු අසනීප තත්වයකදි පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වඩාත් වැදගත්. බදාදා සිකුරාදා දින දෙක ඔබේ සුබ කටයුතු වලට තබා ගන්න. ඒ වගේම ලා නිල් පැහැති වර්ණය තමයි මේ වසරේ ඔබේ ජයග්‍රාහී වර්ණය වෙන්නේ. කන්‍යා ලග්නයේ උපන් ඔබටත් හැකියාවක් තිබේ නම් අධ්‍යාපනය ලබන වයසේ පහසුකම් අවම දුවෙකුට පුතෙකුට මාසේ පළමුවන බදාදාට පොත් පත් වැනි දෙයක් දන් දෙන්න. සාර්ථක වසරක් බවට පහසුවෙන්ම පත් කර ගන්න පුළුවන්.

තුලා ලග්නය – හත් වන රාශිය වූ තුලා ලග්නයේ උපන් ඔබට මේ වසර කොහොමද? ඉතින් තුලා ලග්න හිමියන්ගේ ලග්නාධිපති සිකුරු ලග්නෙන් හය වැන්නේ බලවත් වෙලා ගමන් කරද්දි රාජ්‍යකාරක රවි බුධ සමඟ බලවත් වෙලා ලග්නෙන් හත් වැන්නේ කේන්ද්‍රගත බලයෙන් යුතුව පවතිනවා. අඟහරු ලග්නෙන් අට වැන්නේ ගමන් කරද්දි සෙනසුරු යෝග කාරකයා හැටියට ලග්නෙන් තුන් වැන්න වූ වික්‍රමස්ථාන ගතව ගමන් කරන්නෙ. විශේෂයෙන්ම තුලා ලග්න හිමියන්ට මේ ලැබුවා වූ වසර ලග්නාධිපති බලවත් වීමේ යෝගය යෙදෙනවා. කොතරම් කරදර බාධා ආවත් අන්න ඒ කරදර බාධා මධ්‍යයේ උවත් තමන්ගේ අරමුණු බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. බොහෝ විට තමන් අවට සිටින පිරිස් පිළිබඳව වගේම තමාගේ පවුලේ අයගෙනුත් මේ වසරේ තමන්ගේ කටයුතු වලට තිබෙන්නා වූ සහයෝගය තරමක අවම වෙන මට්ටමක තමයි තිබෙන්නේ. හැබැයි දැඩි ආත්ම විශ්වාසය තුලා ලග්න හිමියන්ට තිබෙන්නා වූ ග්‍රහ සිත්තම තුල නිර්මාණය වෙලා පවතින නිසා කවුරු නැති වුණත් තමන්ට ස්වාධීනව දියුණූ වීමේ ශක්තීන් මේ වසරේ තිබෙන්නෙ වූ ග්‍රහ රටාව තුල නිර්මාණය වෙලා පවතිනවා. ඒ වගේම තමයි ගෘහ ජීවිත ආශ්‍රිතව ගත් කල කළකිරීම් පසුතැවීම් ගෙන දෙනවා. ලෞඛික ආශාවල් වලට වඩා ලෝකෝත්තර ආශාවන් කෙරෙහි තමයි වැඩිපුර නැඹුරුතාවයක් ගෙන දෙන්නේ. ආගමික නායකාදීන්ගේ ඇසුර ලබන්නත් මේ වසරේ තුලා ලග්න හිමියන්ට වැඩි ඉඩකඩක් ලැබෙන ග්‍රහ රටාවක් තමයි නිර්මාණය වෙලා පවතින්නේ. තුලා ලග්න හිමියන් ගත්තයින් පස්සේ බොහෝ විට කැළලි සහිත තුවාල ඇති වීමේ ඉඩකඩ තිබෙන නිසා යන්ත්‍ර සූත්‍ර ආශ්‍රිතව කටයුතු කරන තුලා ලග්න හිමියන් මේ වසරේ කටයුතු කරද්දි තමන්ගේ කර්තව්‍යන් පිළිබඳ වැඩි අවධානයෙන් යුතුව කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. තුලා ලග්න හිමියන් තමන්ගේ ජයග්‍රහණය පතා කටයුතු කරනව නම් ඉරිදා සඳුදා දින දෙක මේ කටයුතු සඳහා තබා ගන්න. ඒ වගේම සුදු පැහැය සහ රතු පැහැය තමයි ඔබගේ ජයග්‍රාහී වර්ණ වෙන්නේ. තුලා ලග්නයේ උපන් ඔබට හැකියාවක් තිබේ නම් මාසේ පළමු වැනි සෙනසුරාදාට බෝධිය දෝවනය කරනු ලබන පැන් කල තුනක් ලඟම ඇති විහාරස්ථානයකට පූජා කරලා වසරට ආශිර්වාද ලඟා කර ගන්න. අති සාර්ථක වසරක් බවට පහසුවෙන්ම පත්කර ගන්න පුළුවන්.

වෘශ්චික ලග්නය – අට වන රාශිය වූ වෘශ්චික ලග්නයේ උපන් ඔබට උදා වෙච්ච අළුත් අවුරුද්ද කොහොමද? ලග්නාධිපති ලග්නෙන් හත් වැන්නෙ කේන්ද්‍රගත බලයෙන් යුතුව ගමන් කරද්දි සෙනසුරු ගමන් කරන්නෙ නම් ලග්නෙන් දෙවැන් වූ ධනස්ථාන ගතව. ඒ වගේම තමයි රාජ්‍යකාරක රවි බුධ සමඟ බලවත් වෙලා ලග්නෙන් හය වැන්නේ ගමන් කරද්දි බ්‍රහස්පති ලග්නෙන් එකොලොස් වැන්න වූ සියළුම ලැබීම් පෙන්නුම් කරනු ලබන අයස්ථාන ගතව ගමන් කරන්නේ. මේ වසරෙත් වෘශ්චික ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ඨක තත්වයේ අවසාන කාල පරිච්ඡේදයක් පසු කරන බව අමතක කරන්න එපා. බොහෝ විට ආත්මාභිමානයෙන් කටයුතු කිරීමේ ශක්තිය ඔන්න වෘශ්චික ලග්න හිමියන්ට ගෙන දෙනවා. යහපත් මූල්‍ය ස්ථාවරත්වයක් පවත්වාගෙන යන්න මේ වසරේ තිබෙන්නා වූ ග්‍රහ සිත්තම ඉතාමත් වැදගත් වෙනවා. භූගත වස්තූන් ලඟා කර ගන්න ඉතාමත් සුබයි. ඔබ මැණික් ආශ්‍රිත විභාග ආදී කරන කෙනෙක් නම් මැණික් ආශ්‍රිත කර්මාන්ත කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. සතුරු කරදර බාධා විටින් විට උත්සන්න වීමේ ඉඩකඩ තිබෙන නිසා වටිනා කියන දේවල් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරගෙන කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. යුග ජීවිතය ආශ්‍රිතව ගත්තට පස්සෙ බොහෝ විට මේ වසර තුලත් තමන්ගේ පවුලේ සමගියට ඥාතීන්ගෙන් තෙවන පාර්ශවයන්ගෙන් යම් යම් බාධා කරදර ගෙන දෙන්න පුළුවන්. බුද්ධිමත් බව පෙරදැරි කර ගෙන කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒරාෂ්ඨක තත්වයක් පවතින බව අමතක කරන්න එපා. උදරාගතව මෙන්න ආහාරජීර්ණ පද්ධතිය ආශ්‍රිතව යම් යම් ව්‍යාකූලතා ඇති වීමේ ඉඩකඩ තිබෙන නිසා නිසි වෙලාවට ආහාරපාන ගැනීම වඩාත් වැදගත් වෙනවා. ජයග්‍රහණය පතා කටයුතු කරනව නම් වෘශ්චික හිමියන් අඟහරුවාදා බ්‍රහස්පතින්දා දින දෙක තබා ගන්න. ඒ වගේම කහ පැහැති වර්ණය තමයි මේ වසරේ ඔබේ ජයග්‍රාහී වර්ණය වෙන්නේ. වෘශ්චික ලග්න හිමියන්ටත් පුළුවන් නම් සෑම දිනකම මෝර පිරිත සජ්ඣායනා කරල දවසේ කටයුතු ආරම්භ කරන්න. වාසනාවන්ත වසරක් බවට පහසුවෙන්ම පත් කර ගන්න පුළුවන්.

ධනු ලග්නය – නව වැනි රාශිය වූ ධනු ලග්නයේ උපන් ඔබත් ගොඩාක් බලාපොරොත්තු තබාගෙන ඇත්තෙ මේ වසරේ ඔබේ ඉරණම කොහොම විසඳෙයිද කියලා නේද? ඔන්න ධනු ලග්න හිමියන්ට මේ වසර ආරම්භ වෙන්නේම ලග්නාධිපති ලග්නෙන් දහ වැන්නේ කේන්ද්‍රගත බලයෙන් යුතුව ගමන් කරමින්. ඒ වගේම තමයි රාජ්‍යකාරක රවි බලවත් වෙලා බුධ සමඟ සංයෝග වෙලා ලග්නෙන් පස් වැන්නේ වූ විද්‍යාස්ථාන ගතවත් සෙනසුරු ලග්න ගතවත් ලග්නෙන් හතර වැන්නෙ සිකුරු බලවත් වෙලා පංච මහා පුරුෂ යෝගයක් වන මාලවී නැමති යෝගයත් උදා කරමින් තමයි මේ වසර ඔන්න ධනු ලග්න හිමියන්ට තළිණ කරන්නේ. බොහෝ විට මේ වසරේ ආදායම් මාර්ග අතින් ගත්තට පස්සෙ සෙනසුරුගේ ඒරාෂ්ඨක තත්වයක් පවතින බවත් ධනු ලග්න හිමියන් අමතක කරන්න එපා. ධර්ම කර්මාධිපති නැමැති මහා බලගතු රාජයෝගයකුත් යෙදී තිබෙනවා. ඒ නිසා ජංගම ව්‍යාපාර සංචාරක ක්ෂේත්‍රයන්ට සම්බන්ධ වෙච්ච ධනු ලග්න හිිමියන්ට විපුල ඵල නෙලා ගැනීමේ ඉඩකඩ තමයි පවතින්නේ. ඒ වගේම තමයි විද්‍යා තාක්ෂණ අංශ වල ව්‍යාපාර ආදී කටයුතු කරන ධනු ලග්න හිමියන්ටත් තමන්ගේ අපේක්ෂිත ලාභ ඉලක්ක මේ වසර තුල සපුරා ගැනීමේ ඉඩකඩ පවතිනවා. ඒ වගේම ඒරාෂ්ටක තත්වය අති ප්‍රභලතම කාලය පසු කරන නිසාවෙන් නීති කරදර බාධා ආදියට ලක් වෙන් පුළුවන්. විශේෂයෙන්ම ආදායම් මාර්ග රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර ආශ්‍රිත ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලදී වැඩි පරිස්සමෙන් යුතුව කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. ගෘහ ජීවිතය ආශ්‍රිතව ගත් කල නවතා තිබූ කටයුතු නවතාවයකින් යුතුව ආරම්භ කරන්න ඔන්න ධනු ලග්න හිමියන්ට ශක්තිය ධෛර්යය ගෙන දෙනවා. බොහෝ විට ගෙදරට දොරට අවශ්‍ය කරන බඩු බාහිරාදිය මිලට ගන්න වගේම ගෙදරට දොරට අලංකාරය සඳහා ගනු ලබන ප්‍රයත්න අනිවාර්යයෙන්ම අති සාර්ථක අන්දමින් නිම කර ගැනීමේ ශක්තිය ධනු ලග්න හිමියන්ට දෙන බව අමතක කරන්න එපා. උෂ්ණාධික රෝග පීඩා ආදිය තමයි ධනු ලග්න හිමියන්ට අහිතකරතා ගෙන දෙන්නේ. ආහාරපාන ආදිය පාලනයෙන් යුතුව ගැනීම වඩාත් වැදගත්. ඔබටත් හැකියාවක් තිබේ නම් ඉරිදා බදාදා දින දෙක ඔබගේ සුබ කටයුතු වලට තබා ගන්න. කහ සහ රන්වන් පැහැය තමයි මේ වසරේ ඔබේ ජයග්‍රාහී වර්ණ වෙන්නේ. සෙනසුරාදා දින වල උදෑසන 6.50 ට ප්‍රථම ඔබගේ නිවසේ බස්නාහිර දිශාවෙ කපුටන්ට එළඟි තෙල් මිශ්‍ර කිරි බත් ස්වල්පයක් දන් දෙන්න පුළුවන්කම ලැබුණොත් වාසනාවන්ත වසරක් බවට පහසුවෙන් පත් කර ගන්න පුළුවන්.

මකර ලග්නය – දහ වන රාශිය වූ මකර ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ මේ වසර ඔබට කොහොමද නේද? ඉතිං අන්න ඒ බලාපොරොත්තු සඵල කරන්න තමයි මේ වසරේ ලග්නාධිපති ඔබේ ලග්නෙන් දොලොස් වැන්නෙ ගමන් කරද්දි යෝගකාරක සිකුරු උච්ච බලයෙන් යුතුව ලග්නෙන් තුන් වැන්න වූ වික්‍රමස්ථාන ගතව ගමන් කරනවා. ඒ වගේම තමයි රාජ්‍යකාරක රවි බුධ සමඟ සංයෝග වෙලා ලග්නෙන් හතර වැන්නේ ගමන් කරන්නේ බුධ ආදිත්‍ය යෝගයක් උභයචාරී යෝගයක් තිළිණ කරලා. ඒ වගේම අඟහරු ලග්නෙන් පස් වැන්නේ ගමන් කරමින් මේ වසර ඔබට තිළිණ කරනවා. විශේෂයෙන්ම මකර ලග්න හිමියන්ට උදාවෙච්ච අළුත් වසර අයස්ථානාධිපති විද්‍යාස්ථානගත වීමත් ඉතාමත් යහපත්. නව ආර්ථික සම්බන්ධතාවයන් අළුත් කර ගන්න ඉතාමත් සුබයි. ඒ වගේම තමයි යහපත් ආදායම් මාර්ග නිර්මාණය වන ආකාර තිබෙන්නේ. විශේෂයෙන්ම තමන්ට කරනු ලබන කටයුතු වලට පරිබාහිර ආදායම් මාර්ග කෙරෙහි පවා මේ වසර තුල තමාගේ මනස යොමුවනවා විතරක් නෙමෙයි. ඒවා ප්‍රායෝගිකව අත් විඳීමේ ඉඩකඩත් මකර ලග්න හිමියන්ට ගෙනදී පවතින බවත් අමතක කරන්න එපා. ගෘහ ජීවිතය ආශ්‍රිතව ගත් කල පවුලේ දියුණුවට ඉතාමත් සුබයි. ගේ දොර ඉඩකඩම් යාන වාහන ලැබීම් වලට ඉතාමත් යහපත් වෙනවා. බලවත් අයගේ ඇසුර සමීපත බව ඉතාමත් ඉහල මට්ටමෙන් දැනෙන වසරක් ලෙසින් හඳුන්වන පුළුවන්. දරු පල පිළිබඳව යම් කිසි බලාපොරොත්තුවෙන් සිටින මකර ලග්න හිමියන්ට තමන්ගේ අරමුණු බලාපොරොත්තු පවා සාක්ෂාත් කර ගන්න තිබෙන්නා වූ ග්‍රහ රටාව ඉතාමත් වැදගත් වෙනවා. නිරෝගී සුවයට අනිවාර්යයෙන්ම සුබ ග්‍රහ පිහිටීමක් තමයි ගෙනදෙන්නේ. පසුගිය කාලය පුරාවටම යම් කිසි රෝග පීඩාවකින් ඔබ පීඩා වින්දානම් නිරෝගී සම්පත්තිය ඇති කර ගන්න ඉතාමත් යහපත්. සෙම් රෝග පීඩා විටින් විට හිස ආශ්‍රිතව උත්සන්න වීමේ ඉඩකඩ තිබෙනවා. ඒ නිසාවෙන් ඔන්න අවේලාවේ ස්නානය කිරීම නං එතරම් හිතකර තාවයක් නෙමෙයි ගෙන දෙන්නෙ. බදාදා සිකුරාදා දින දෙක ඔබගේ සුබ කටයුතු වලට තබා ගන්න. ඒ වගේම ලා නිල් පැහැය වගේම ලා කොළ පැහැය ඔබේ ජයග්‍රාහී වර්ණ ලෙසින් හඳුන්වන් පුළුවන්. හැකියාවක් තිබේ නම් සෑම සෙනසුරාදා දිනකම ලඟම ඇති විහාරස්ථානයකට බෝධි පූජාවක් තබලා කිරි කොළ නවයක් මත තබලා එළඟි තෙල් පහන් නවයක් දල්වලා බලන්න. අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන් වසරක් තමයි මකර ලග්නයේ උපන් ඔබටත් මේ උදා වෙලා තියෙන්නේ.

කුම්භ ලග්නය – එකොලොස් වන රාශි වූ කුම්භ ලග්නයේ උපන් ඔබට මේ වසර කොහොමද? ඉතිං ඔන්න ලග්නාධිපති සියලූම ලැබීම් පෙන්නුම් කරන අයස්ථානගතව තමයි වසර පුරාවටම කුම්භ ලග්නයේ උපන් ඔබේ ගමන් කරන්නේ. යෝගකාරක සිකුරු ලග්නෙන් දෙවැන්නේ උච්ච බලයෙන් යුතුව ගමන් කරද්දි රාජ්‍යකාරක රවි බුධ ලග්නෙන් තුන් වැන්න වූ වික්‍රමස්ථාන ගතවත් අඟහරු ලග්නෙන් හතර වැන්නෙත් ඒ වගේම ලග්න ගතව කේතුත් ලග්නෙන් හත් වැන්නේ රාහුත් ගමන් කරමින් තමයි කුම්භ ලග්නයේ උපන් ඔබට මේ අළුත් වසර තිළිණ කරල තියෙන්නේ. විශේෂයෙන්ම මූල්‍ය ශක්තිය වර්ධනය කර ගන්න තිබෙන්නා වූ ග්‍රහ සිත්තම ඉතාමත් වැදගත්. අනුන් යටතේ කරනු ලබන කටයුතු වලට වඩා තමාගේම ස්වාධීන කටයුතු වලින් ඉහල ජයග්‍රහණ ඉහල මූල්‍ය ඉලක්ක සපුරා ගන්න ඔන්න කුම්භ ලග්න හිමියන්ට මේ වසරේ තිබෙන ග්‍රහ රටාව ඉතාමත් වැදගත් වෙනවා. උසස් අයගේ අනුග්‍රහය නිරන්තරයෙන්ම තමන්ට ලැබෙන නිසාවෙන් ඉහල වූ ආර්ථික රටාවක් වගේම සමාජ වටපිටාවක් ගොඩනගා ගන්න කුම්භ ලග්න හිමියන්ට ඉතාමත් සුබයි. ගෘහ ජීවිතය ආශ්‍රිතව ගත් කල ඒ තුල තිබෙන්නා වූ සමගිය සහජීවනයට ඉතාමත් සුබ කාලයක් ලෙසින් හඳුන්වන් පුළුවන්. පවුලේ අය සමඟ වැඩිපුර කාලය ගත කිරීමේ ඉඩකඩ ඔන්න කුම්භ ලග්න හිමියන්ට ගෙනදෙනවා. ඒ වගේම තමයි පවුලට නව අළුත් සාමාජිකයින් එකතුවන වසරක් ලෙසිනුත් මේ වසර හඳුන්වන්න පුළුවන්. විදේශගත පදිංචිවීම් බලාපොරොත්තුවන කුම්භ ලග්න හිහමියන්ගේ බලාපොරොත්තු අති සාර්ථක අන්දමින් නිමකර ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. ඒ වගේම තමයි නිධන්ගත රෝග පීඩා උත්සන්න වීමේ ඉඩකඩ කුම්භ ලග්න හිමියන්ට ටිකක් වැඞී. තෙල් හා සීනි සහිත ආහාර පාන ආදිය පාලනයෙන් යුතුව ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. අඟහරුවාදා සිකුරාදා දින දෙක ඔබේ සුබ කටයුතු වලට තබා ගන්න. මේ වසර අති සාර්ථක අන්දමින් නිම කර ගන්න පුළුවන්. ඒ වගේම නිල් පැහැය සහ ලා කොළ පැහැය තමයි කුම්භ ලග්නයේ උපන් ඔබේ ජයග්‍රාහී වර්ණ වෙන්නේ. මේ වසරේ ජයග්‍රහණ අපේක්ෂා කරන කුම්භ ලග්න හිහමියන් තමන්ගේ දකුණු අතේ උසට ගැලපෙන විදිහට පෙරහන්කඩ ගොටු නවයක් මාසේ පළමුවන සෙනසුරාදා දිනයක ලඟම ඇති විහාරස්ථානයකට පූජ කරලා බලන්න. අනිවාර්යයෙන්ම සාර්ථක වසරක් බවට පහසුවෙන් පත්කර ගන්න පුළුවන්.

මීන ලග්නය – අවසාන රාශිය වූ මීන ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ මේ වසර ඔබට කොහොමද කියලා නේද? මීන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති බ්‍රහස්පති වෙනදා වගේම මේ වසරත් ආරම්භ වෙන්නේ ලග්නෙන් හත් වැන්නේ කේන්ද්‍රගත බලයෙන් යුතුව ගමන් කරමින්. ලග්නගතව සිකුරු බලවත් වෙලා පංච මහා පුරුෂ යොගයක් වන මාලවී යෝගයත් රාජ්‍යකාරක රවි සහ බුධ බලවත් වෙලා පවතින ලග්නෙන් දෙවැන්න වූ ධනස්ථාන ගතව. බුධ ආදිත්‍ය යෝගයක් උභයචාරී යෝගයක් යෙදී තිබෙද්දි අඟහරු තුන් වැන්න වූ වික්‍රමස්ථානගතව ගමන් කරමින් තමයි මීන ලග්න හිමියන්ට මේ වසර තිළිණ කරන්නේ. බොහෝ විට ආර්ථික රටාවන් තුල යම් යම් අහිතකරතා සිදුවීමේ ඉබකඩ තිබෙනවා. දුර දිග නොසිතා කරනු ලබන ගනුදෙනු නිසා වෙන් රැවටීම් මුලාවේ වැටීම් වගේම මූල්‍ය පාඩු සිදු වීමේ ඉඩකඩ වැඞී. ණය මුදලක් ගැනීමේදී වගේම ණය මුදලක් දීමේදීත් දෙපාරක් නෙමෙයි ඊට වඩා වැඩි වාර ගාණක් සිතා බැලීම තමයි වැදගත් වන්නේ. වැයපස බහුල කරන නිසාවෙන් ආයෝජන කටයුතු වලදී මීන ලග්න හිමියන් ඉතාමත් ඉහල බුද්ධියකින් යුතුව කටයුතු කලොත් තිබෙන්නා වූ අවහිරතාවයන් ඔබට පහසුවෙන් මගහරවා ගැනීමේ ශක්තිය ගෙනදෙනවා. ගෘහ ජීවිතය ආශ්‍රිතව ගත් කල බොහෝ විට ආවේගශීලී කතාබහ තමයි මේ වසර තුල ඔබට අවහිරතා ගෙන දෙචන්නේ. පවුලේ සමගිය සහජීවනය සොරා ගනු ලබන ආකාර ඔබගේ ආවේගශීලී කතාබහ හේතු වෙන්න පුළුවන්. ඉවසීම උපේක්ෂා සහගත බව ප්‍රගුණ කර ගන්නා තරමට තමයි අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනිමේ ඉඩකඩ පවතින්නෙ. දරුපල ආශ්‍රිතව යම් යම් අර්බුධකාරී වටපිටාවක් නිර්මාණය වීමේ ඉඩකඩ තිබෙන නිසා මීන ලග්න හිමියන් ඒ ආශ්‍රිතව කටයුතු කරද්දි වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න අමතක කරන්න එපා. සෞඛ්‍ය තත්වයන්ට පවා එතරම් හිතකර වටපිටාවක් නෙමෙයි ගෙනදෙන්නේ. මුත්‍රා ආබාධතා වැනි තත්වයන්ට ලක් වීමේ ඉඩකඩ තිබෙන නිසා එවැනි සුළු අසනිප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වඩාත් වැදගත් වෙනවා. අඟහරුවාදා බ්‍රහස්පතින්දා දින දෙක ඔබේ සුබ කටයුතු වලට තබා ගන්න. කහ සහ රන්වන් පැහැය ඔබේ ජයග්‍රාහී වර්ණ වෙනවා. මීන ලග්නයේ උපන් ඔබටත් පුළුවන්කම තිබෙනව නම් සෑම මසකම පළමුවන බ්‍රහස්පතින්දා දින තුල ගිලන්ව ඇති භික්ෂුවකට හෝ පූජ්‍ය පක්ෂයේ කෙනෙකුට බෙහෙත් ද්‍රව්‍ය ස්වල්පයක් දන් දෙන්න අනිවාර්යයෙන් සාර්ථක වසරක් බවට පහසුවෙන්ම පත් කර ගන්න පුළුවන්.

ලැබුවා වූ සිංහල අළුත් අවුරුද්ද ඔබ සෑම දෙනාගේම යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ප්‍රාර්ථනා කරන අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වන ආයු සැප බල වර්ණ ප්‍රඥා ගුණාංග වලින් වර්ධනය වන වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

මාධ්‍යවේදී, රාජ්‍ය සම්මානලාභී ලේඛක, ඉන්දියානු උපාධිධාරී, ජ්‍යෝතිෂ්‍ය ශිරෝමණී, දේශාභිමානී – නිශාන්ත පෙරේරා මහතා (hirufm)

Loading...