web counter
Loading...

ශ්‍රේෂ්ඨ දරුවන් ලැබෙන යෝග

Loading...

අප විවාහ වන්නේ ඇයි? මේ ප්‍රශ්නයට මා දෙන පිළිතුර, ඔබ දෙන පිළිතුර නොවිය හැකිය. තුන් වැන්නාගේ පිළිතුර අප දෙදෙනාගේම පිළිතුර නොවිය හැකිය. එසේ වන්නේ ඒ ප්‍රශ්නය සංකීර්ණ බැවිනි. ඒ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරු රාශියක්‌ වෙයි.

ජීවිතයේ පුෂ්පිත අවස්‌ථාවට හෙවත් භද්‍ර යෞවන අවස්‌ථාවට පත් විට කෙනෙකුගේ සිතට හා කයට ලිංගික අපේක්‍ෂාවන් මුවහත් වෙයි. එවිට කෙනෙක්‌ විවාහයට යොමුවේ. නැත්නම් විවාහයකට පෙළඹේ.

අම්මා තාත්තා මහලු වන විට ඒ අය රැක බලා ගැනීමට අපට යුග දිවියක්‌ අවශ්‍යයි සිතෙන විටත් කෙනෙක්‌ විවාහයට පෙළඹෙති. සමාජයට ඔරොත්තු දෙන සංස්‌කෘතික ජිවිතයක්‌ ගත කිරීම සඳහා විවාහයක්‌ අවශ්‍යයෑයි සිතෙන විටත් විවාහයක්‌ ගැන සිතයි. එසේ නොවෙතොත් සිත කය දෙකම අයාලේ යා හැකිය යන බියක්‌ ඇති වූ විටත් විවාහය ගැන සිතයි. පරම්පරාව අඛණ්‌ඩව ගෙන යැමට නම් දරු මුණුපුරන් අවශ්‍ය යෑයි හැෙ`ගන විටත් තව කෙනෙක්‌ විවාහය ගැන සිතයි.

නිසි වයසේදී විවාහයක්‌ නොවී තරුණ විය ඉක්‌මවා යන තෙක්‌ අවිවාහකව සිටියොත් තමා මොකක්‌දෝ දුර්වල කමක්‌ ස`ගවා ගෙන සිටින කෙනෙක්‌ යෑයි කෙනෙකු වැරදි කෝණයකින් දැකිය හැකිය යන බිය නිසාත් කෙනෙක්‌ විවාහයට පෙළඹෙති. විධිමත් දියුණුවක්‌ ලබන්නට නම් විවාහයක්‌ විය යුතුය යන ආකල්පයක්‌ ඇති වූ විටත් කෙනෙක්‌ විවාහයකට උනන්දු වෙති. අම්මා – තාත්තා බල කරන නිසාත් විවාහය ඉක්‌මන් කරන්නෝ වෙති. තරුණ වියේදී විවාහයක්‌ වීම සමාජ චාරිත්‍රයක්‌ව ඇති නිසාත් විවාහයට පෙළඹෙති.

සමාජයේ බොහෝ දේ කෙරෙන් තනිව ජීවත් විය නොහැකිය යන පෙළඹවීමක්‌ වේ. ඒ දණ්‌ඩට අත්වැලක්‌ අවශ්‍යය. ඔරුවට කොල්ලෑවක්‌ නැතිව බැරිය. තනි අතකින් හරියට අත් පොළසන් නැඟිය නොහැකිය. ඒ සොබාදහමේ න්‍යායයි. මිනිස්‌ ජීවිතයටත් ඒ න්‍යාය පොදුය.

සමාජයේ කුඩාම සමූහ ඒකකය පවුලයි. පවුලක්‌ වීමට බිරිඳක්‌, සැමියෙක්‌, පුතෙක්‌, දුවෙක්‌ ආදී වශයෙන් සාමූහික එකතුවක්‌ විය යුතුය. පවුල් සංඛ්‍යාවක්‌ ඒකරාශී වූ විට සමාජයක්‌ නිර්මාණය වේ. එවිට හැම කෙනෙක්‌ම දිගු කාලයක්‌ පවත්නා සමාජයක සාමාජිකයෙකි.

කෙනෙකුට යට සඳහන් කරන ලද අවශ්‍යතාවන් කීපයක්‌ම නිසා විවාහයට පත්වේ. විවාහ වනතුරු පිය අයිතියක්‌ හෝ මව් අයිතියක්‌ සම්මත නැත. ඒ නිසා තරුණ විය තුළදී විවාහයක්‌ අවශ්‍යයි. ඒත් විවාහ ජීවිතයේ වඩාත් වැදගත් වන්නේ දරුවන්ය. ශ්‍රෝෂ්ඨ දරුවා සමාජය ඔපවත් කරයි.

ඔබේ ජන්ම කෙන්ද්‍රයේ විෂ්ණු ස්‌ථානයන් හතරක්‌ හා ලක්‍ෂ්මී ස්‌ථානයන් දෙකක්‌ වේ. විෂ්aණු – ලක්‍ෂ්මි යුවළකි. ජන්ම කේන්ද්‍රයේ 1, 4, 7, 10 යන ස්‌ථාන හතර විෂ්ණු ස්‌ථානයන්ය. 5 සහ 9 ලක්‍ෂ්මි ස්‌ථානයන්ය. ගුරු හෙවත් බ්‍රහස්‌පති පුත්‍ර කාරකයාය. ඒ නිසා ලක්‍ෂ්මි ස්‌ථානයත්, විෂ්ණු ස්‌ථානයත් හිමි ග්‍රහයන් දෙදෙනා සුබ රාශියක යෝගව පුත්‍ර කාරක හෝ විවාහයෙන් පසු ඔබට ලැබෙන දරුවෝ ලග්නාධිපතිගේ එක්‌වීමක්‌ යෙදෙන මොහොත විෂ්ණු – ලක්‍ෂ්මි දෙදෙනා ඉතාම සතුටින් සිටින අවස්‌ථාවයි. ඒ මොහොතේ අඹු – සැමි යුවළකගේ එකතු වීමකින් ප්‍රතිසන්ධි කේන්ද්‍රය ගොඩනඟන මොහොත උදාර වංශය බබළවන දරුවකු පිළිසිඳ ගන්නා මොහොතයි. එසේ සංවිධානාත්මකව දරු උපතකට මුල්ගල් තබන මවු පියොත් ඔවුන් නිසා උපදින දරුවෝත් වාසනාවන්තයෝ ය.

විවාහයේ මුඛ්‍ය පරමාර්ථය ‘දරුඵලය’ නිසා මේ ලිපියෙන් අද දරුඵල ගැන කතා කරමු. දරුවෝ වර්ග කිහිපයකි.

1. වංශය බබළවන දරුවා

2. උගත් දරුවා

3. ධනවත් දරුවා

4. නිරෝගී දරුවා

වශයෙන් පළමු කොට දරුවන් 4 දෙනෙකු ගැන සඳහන් වේ. තවත් ආචාර්ය මතයක්‌

අනුව

1. තේජෝ බල පුත්‍රයා

2. විරූපී දරුවා

3. ශ්‍රීමත් භාග්‍යවන්ත දරුවා

4. කුශාග්‍ර බුද්ධිමත් දරුවා

එසේම නිවුන් දරු උපත් 6 ක්‌ ගැන පත පොතේ සඳහන් වේ. ඒ මෙසේ ය.

1. කුජ – බුධ – ගුරු තිදෙන පුරුෂ රාශි වල සිටීම.

2. සඳු – සිකුරු ස්‌ත්‍රී රාශිවල වීම.

3. ලග්නය හා සඳු ස්‌ත්‍රී රාශිවල යෙදී සිටියදී පුරුෂ ග්‍රහයෙකුගේ දෘෂ්ටියට ලක්‌වීම

4. ස්‌ත්‍රී රාශිවල ප්‍රබල කුජ – බුධ – ගුරු ලග්නගත වීම.

5. ස්‌වක්‍ෂේත්‍ර රාශියකට නවාංශකයකට පැමිණි බුධගේ දැකීම පළමු කී උභය රාශියක ග්‍රහයන්ට ලැබීම.

6. සම අංශකවල සිටි ග්‍රහයන් නිසා සම ලිංගික දරුවෝ උපදිති.

එසේම නපුංසකයන් උපදින යෝග 6 ක්‌ ගැන ද පරණ පත පොතේ සඳහන් වෙයි. ඒ මෙසේ ය.

1. ඔත්තේ රාශිවල සිටි චන්ද්‍රයා – රවි දෙදෙන ඔවුනොවුන්ගේ දෘෂ්ටියට පාත්‍ර වීම.

2. ඔත්තේ රාශිවල සිටි ශනි – බුධ ඔවුනොවුන් දැකීම.

3. ඔත්තේ රාශියක කුජත් සම`ග හෝ ඉරට්‌ටේ රාශියක රවිත් ඔවුනොවුන් දැකීම.

4. සඳු හා බුධ කුජගේ දෘෂ්ටියට ලක්‌වීම.

5. ඔත්තේ රාශියකට ගිය සඳුත් ලග්නයත් කුජගේ දැකීමට ලක්‌ වීම.

6. සිකුරුත් තත්කාල ලග්නයත් සඳුත් පුරුෂ රාශිවල සිටිවිට ද නපුංශකයෝ උපදිති.

ශ්‍රේෂ්ඨ දරුවන් 4 දෙනෙකු ගැන මුලින් සඳහන් කෙළෙමි. එම දරුවන්ගේ උපත සිදුවන්නේ නිෂේක ලග්නය අනුවය. ප්‍රතිසන්ධි කේන්ද්‍රය වශයෙන් හඳුන්වනු ලබන්නේ එයයි. ව්‍යවහාරයේ පවත්නා වචනයෙන් සඳහන් කළොත් පිළිsසිඳ ගැනීම සිදුවන මොහොතේ උදා ලග්නයයි. වෛද්‍යවරයා විසින් බිහි කරනු ලබන්නේ එයට දින 270 කට පමණ පෙර මවුකුස පිළිසිඳගත් දරුවාය. එවැනි බලවත් දරුවකු උපදින්නේ ග්‍රහයන් වැඩිගණනක්‌ ශුභ රාශිවල සුවිශේෂ බල ඇතිව සිටින කාල වකවානුව තුළ පමණි. ඒ අවස්‌ථාව ඉදිරියට පිහිටන අයුරු බලා විවාහ නැකත හදා ගත යුතුය. එබඳු බලවත් නැකතක්‌ සෑදිය හැක්‌කේ දැනුමෙන් මුහුකුරා ගිය ජ්‍යෙdතිෂවේදියෙකුට පමණි. ජ්‍යෙdතිෂ කඩකාරයෙකුට බැරිය. විශේෂයෙන් බලවත් නැකතකදී සඳු බලවත්ව සිටිය යුතුයි. ලක්‌ – ස්‌මි යන වචන දෙක එකතු වීමෙන් ලක්‍ෂ්මී යන වචනය නිර්මාණය වී ඇත. මෙහි ලක්‌ යනු ඉංග්‍රීසි භාෂාවේ ඛඹCණ (ලක්‌) නොවේ. ‘ලක්‌කෝවා අලක්‌කෝ හෝතී’ යන යෙදුම සිහිපත් කරන්න. මේ ලක්‍ෂ්මී යෝගය වාස්‌තු විද්‍යාවේදීද සඳහන් වේ. ඒ ලක්‍ෂ්මී භූමියයි. එය ජය භූමියයි. ජය භූමිය ජය ගෙන දේ. නාග – ගුරුළු සටනේදී ගුරුලා නාගයාට පරදින්නේ ජය භූමියේදීය. විජිත පුර සටනේදී කඩොලැතා විජිතපුරතෙක්‌ පසු බැස එතැන සිට සටන අරඹා ජයගත් බව ථූප වංශයේ සඳහන්ය.

(මතු සම්බන්ධයි)

ආචාර්ය පියසේන රතුවිතාන
0777270056

ජීවිතයට නායකත්වය ගෙන දෙන පාලන අංකය

අංක විද්‍යාවට අනුව සුවිශේෂී වූ අංක වර්ග රාශියකි. ඒ අතරින් රැකියාව, තරාතිරම තීරණය කරන විශේෂ හිමිකමක්‌ පාලන අංකය සතුව පවතී. පාලන අංකය සකසා ගන්නේ උපන් දිනය පමණක්‌ තනි අංකයක්‌ වන සේ සුළුකර ගැනීමෙනි. උදාහරණයක්‌ ලෙස ඔබ ඉපදුණේ 6 වැනිදා නම් ඔබේ පාලන අංකය වන්නේ අංක 6 යි. එසේම ඔබ ඉපදුණේ 15 වැනිදා නම් 1+5 = 6 පාලන අංකය වේ.

පාලන අංකය යනු බොහෝ විට කෙනෙකුට වාසනාව ගෙනෙන අංකය ලෙසද හැඳින්විය හැක. ජ්‍යෙdතිෂයට අනුව කෙනෙකුගේ ජන්ම පත්‍රයේ 10 වැන්න, 10 අධිපති, 10 ට දෘෂඨි දෙන ග්‍රහයන් 10 කාරක ග්‍රහයන් අනුව රැකියාව තීරණය වේ. ඒ හා සමානවම පාලන අංකයට අනුවද කෙනෙකුගේ රැකියාව, බල අධිකාරිය පැතිරවීම තනතුරු ලාභ ආදිය පැවසිය හැකිය.

ඒ අනුව එක්‌ එක්‌ අංකයට හිමි පාලන අධිකාරීත්වය දැන් විමසා බලමු.

මාසයේ 1, 10 වැනිදා 28 වැනිදා උපන් කෙනෙකුගේ පාලන අංකය වන්නේ රවි ග්‍රහයාට හිමි අංක 1 වේ. ඒ අනුව හමුදා ක්‌ෂේත්‍රයන්, නීතිය සම්බන්ධ රැකියා, අධිකරණ කටයුතු, ආධිය සුදුසු වේ. මේ පුද්ගලයා නිවසේද බලය තමා අතට ගෙන සෘජු පාලන ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන ස්‌වරූපයන් උසුලයි.

සඳු ග්‍රහයාට හිමි අංක 2 න් පාලනය වන පුද්ගලයන් මාසයේ 2 වැනිදා 11 වැනිදා 20 වැනිදා උපත ලබති. නිවසේ නිසි තැන අපේක්‍ෂා කරන අංක 2 හිමි වූවෝ සාර්ථක ව්‍යාපාරිකයෝ වෙති. එසේ කලා ක්‌ෂේත්‍ර වලද නියෑලීමෙන් ප්‍රසිද්ධියට පත්විය හැක. ගුරු වෘත්තිය මෙන්ම කථිකාචාර්යවරුද මේ පාලන අංකයෙන් බිහි වේ.

පාලන අංක 3 හිමි වන්නේ මාසයේ 3, 12 සහ 30 වන දින උපන් අයටය. අංක 3 හිමි වූවන්ට ඕනෑම රැකියාවක්‌ කිරීමට හැකියාව පවතී. ඉදිරි දැක්‌මක්‌ සහිත මෙම පුද්ගලයෝ ඉක්‌මණින් දියුණුව කරා ළඟා වන්නෝය.

මාසයේ 4 වැනි දින 13 වැනි දින හා 22 වැනි දින හා 31 උපන් අයගේ පාලන අංකය වන්නේ අංක 4 යි. දේශපාලනය, සංචාරක සේවා, ව්‍යාපාර තම වෘත්තීය කරගන්නා මොවුන් සෘජු පාලන ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරති.

ඕනෑම මාසයක 5 වැනි දින ද 14 වන දින හා 23 වන දින උපන් අයට අංක 5 පාලන අංකය වේ.

බුධට අයිති අංක 5 න් උපන්නෝ බුද්ධිය මෙහෙයවා කරන වෘත්තීන්ට යෝග්‍ය අය වේ. ගණිතඥයන්, ඉංජිනේරුවන්, නීතිවේදීන් පමණක්‌ නොව දක්‍ෂ ජ්‍යෙdතිර්වේදීන්ද පාලන අංක 5 යටතින් ජන්ම ලාභය ලබති. තීක්‍ෂණ නුවණක්‌ හිමි මේ පුද්ගලයන්ට හොඳ මතක ශක්‌තියක්‌ හිමිවේ. දුර දක්‌නා නුවණින්ද යුක්‌තය.

සිකුරුට අයත් අංක 6 පාලන අංකය වන්නේ මාසයේ 6, 15 සහ 24 උපන් අයටය. මොවුන් දක්‍ෂ පරිසරවේදියෝ වෙති. මැහුම් ගෙතුම්, අත්කම් නිර්මාණයටද හපන් කම් දක්‌වන අතර ගුරු වෘත්තියද සුදුසු වේ. සියුම් කලාත්මක නිර්මාණ බිහිවීමට අංක 6 බලපෑමක්‌ පවතී.

අංක 7 හිමි වන්නේ මාසයේ 7 වැනි දින 16 වන දින හා 25 වන දින ඉපදින පුද්ගලයන්ටය. ගුප්ත කටයුතු, ජ්‍යෙdතිෂයට යහපත් පිහිටීමකි. අන්‍යයන්ට අවවාද අනුශාසනා දීමට ප්‍රිය මෙම පුද්ගලයන් තම සිතෙහි ඇති හැමදේම අන්‍යයන්ට නොපවසන සිතුවිලි ගුප්ත ස්‌වභාවයක්‌ ගන්නා අය වේ.

පාලන අංක 8 හිමි වූවේ එඩිතර ගති ඇති අය වේ. මාසයේ 8 වැනි දින 17 වන දින 28 වන දින උපත ලබති. මෙයද ජ්‍යෙdතිෂයට යහපත් පිහිටීමකි. දේශපාලනය, පිරිස්‌ කළමනාකරණයටද සුදුසු වේ. වයසට වඩා වයස ඇත්තෙකු සේ නිවසේද ඉන් පිටතද පාලන අධිකාරීත්වය උසුලයි.

මාසයේ 9 වන දින 18 වන දින 27 වන දින උපන්නෝ පාලන අංක 9 ට අයත් වෙති. කෘෂිකර්මාන්තයට යහපත් පිහිටීමකි. දක්‍ෂ ගොවියෝ මෙම අංකයෙන් බිහිවෙති. කෘෂි උපදේශකවරු, වගා නිලධාරීන් වැනි ක්‌ෂේත්‍රයන්ට වැඩි නැඹුරුතාවන් දරන්නෝ අංක 9 පාලන අධිකාරියට හසු වූවෝ වෙති. අංක 9 කුජට අයත් විට නිසාද භූමියට සම්බන්ධ රැකියා වලට හිමිකමක්‌ දරයි. මැණික්‌ ගැරීම, පතල් කර්මාන්ත ආදියට ද යහපත් වේ.

කෙනෙක්‌ගේ උපතක්‌ සමගම ජීවිතය තීරණය වන බව ඉහත පාලන අංකයට අනුව ඔබට දැන් වැටහෙනවා ඇත. එසේම ජ්‍යෙdතිෂ මෙන්ම අංක විද්‍යාවද එකට බැඳී ඇති දම්වැලක පුරුක්‌ මෙන් සම්බන්ධතාවක්‌ ඇති විෂය ක්‌ෂේත්‍රයන් බව දැන් ඔබට මනාව පැහැදිළි වනු ඇත.

උපමාලිකා අබේරත්න
අංක විද්‍යාවේදිනී,

——————————————————————————-

දේව ඇදහිලි සහ පොල්

ඇසළ උත්සවයට පොරපොල් ගැසුවේ පත්තිනි දෙවඟනගෙන් සෙත් ලැබීමටය. පිරිත් පිංකමට පොල් මලද, ගොක්‌ අත්තද සපයා ගත්හ. මිදුල අතුගෑ ඉදල් බැඳ ගත්තේ ඉරටු මිටියෙන් ය. සිරිලකට කප්තුර වූ පොල් ගස කපා දමා කොන්ක්‍රීට්‌ වනාන්තර බිහි කරති. කිරිබතට එළකිරි වෙනුවට පොල්කිරි ආදේශ වූයේ විෂ නැසීමේ බලය පොල් කිරි සතු වූ නිසාය.

පොල් ගෙඩිය පූජාසනය මත වැජඹෙන විට වාලම්පුරියකට වඩා අගනේය. දේව දානයට පොල් නැතිවම බැරිය. ලොව ඇති නොයිඳුල් – පිරිසිදු ඔසුපැන් ඇත්තේ පොල් ගෙඩිය තුළය.

පුරාණ බලි ඇදුරන් විසින් පොල් උපත ගෙනහැර දැක්‌වූයේ කෙසේ දැයි විමසා බලමු. එය කිසිවකුට අමතක නොවන කර්ණ රසායන මාධ්‍යයක්‌ විය.

පළමු විජ නිරිඳුට – පැමිණි දිවි දොස හරිනට

දෙපතුල තබන්නට – නැතුව සිටියයි තැඹිලි එමවිට

අයිරන් තැඹිලි යන – කොයි රට ඇත්ද ඇසූ තැන

සත් මුහුද එදෙසින – ඇතැයි කිව් රන් තැඹිලි මෙලෙසින

එරන් පොල් ගෙනෙනට – යන්නෝ කව්ද? ඇසූ විට

අනද රුසි එමවිට – ගියේ රන් පොල් ගෙනෙන විලසට

ගණිඳු අවතාරෙන් – නාලි කේරය ද විලසින්

නැදුන් උයනේ උපන් – එරන් තැඹිලිය උපත පවසන්.

තබා පොල් ඔබ පය – නොබා ආසිරි සැපවිය

එදා සිට පැවතිය – මුදා සැම ග්‍රහ දොaෂ දුරුවිය

සත් මුහුදක්‌ ඇත එතර එදෙසින

ඉරුගල් බිසවගෙ උයනෙ උපන් තැන

ගණ දෙවියෝ දුන් කිරුළිස දරමින

සත් දින පසු වී පැළපත දකිමින.

යුදෙන් වැටුණු ගණ දෙවියන්ගේ හිස

ගොසින් වැටුණි මහ හිමයක නිති ලෙස

මෙලෙසින් සක්‌ රජු දකිනා දිව ඇස

විගසින් වැටකොටු තරකළ නිති ලෙස

දිනෙන් දිනට වැඩිවිය පැමිණෙන්නේ

මුදුන් ඉරාඅතු ගොබ නිල් වන්නේ

රියන් පමණ කැකුළකි හට ගන්නේ

ගොසින් වාත සුළඟට නද දෙන්නේ

සරියට තුන් මස ගිය තැන පුබුදිති

එළියට ආ මල ඉති අග බරවෙති

පිරියට මී මැසි බඹරෝ නද දෙති

සරියට පොල් සිව් වගයක්‌ හට ගති

පළමුව රන් තැඹිලිය නම් පොල්වෙති

දෙවනුව ගොන් තැඹිලිය නම් පොල්වෙති

තුන්වෙනු නවසිද බෝදිලි පොල්වෙති

සමසක්‌ ගිය තැන පොල් ගෙඩි මෝරති

පොළොවේ ගස මුල මිහිකත වැසෙති

මහ කෙළ නා – රජු කඳමැද වැසෙති

නා – පති – සුර පති කර බඩ වැසෙති

විෂ්ණු ද ගණ දෙවි – ගෙඩියේ වැසෙති

තුන් නෙත් ගණදෙවි කිරුළිස දරනා

දුන්නෙත් මේ පොල් ගණ දෙවි විසිනා

පන්තිස්‌ යාගය ඇදුරෝ කියනා

පොල් ගෙඩියට හැම දොaෂය බසිනා

සොබමන් පොල් ගෙන පොරණැදුරෝයා

තබමින් දෙපතුල යාග කළේයා

එබැවින් පොල් තැබුවොත් ඔබ දෙපයා

සැබැවින් පහ වී යයි හැම දොෂයා

කතරගම දැඩිමුණ්‌ඩ දේවාලයේ
ප්‍රධාන කපු මහතා
නිමල් කුඩාතිහි

Loading...