web counter
Loading...

වෛද්‍යවරුන් පවා පුදුමයට පත් වූ අර්ශස් රෝගය සදහා සුවය ගෙනදෙන ස්වභාවික ප්‍රතිකාර

Loading...

මේ හැමරොයිඩ් (අර්ශස් රෝග ) තත්වය කියන්නේ ගුදමාර්ගයේ හරි ගුදමාර්ගය අවසන්වන ස්ථානයේ රුධිරය සැපයෙන නාල ඉදිමීමක් ඇති වීම. මේ රෝග තත්වය ඇති උනහම දිගු කලක් තියන දැඩි වේදනාවක් දැනෙනෙවා. මේ රෝගයේ රෝග ලක්ෂණ වෙන්නේ මළපහ කරන අවස්ථාවේදී ලේ පිට වීම සහ කැසීම වැනි තත්වයන්.

ඉතින් මේ රෝගයෙන් පීඩා විදින කෙනෙක් කරන ඉක්මන්ම දේ තමයි OTC ඖෂධ ලබා ගන්න එක. ඒ කොහොම උනත් මේ OTC ඖෂධ වලින් ඇතිවෙන අතුරු ආභාද ගැන ඒ අය නොදන්නවා වෙන්න පුළුවන්. අද අපි ඔයාලට කියන්න හදන්නේ හැමරොයිඩ් රෝග තත්වයට සුවයක් ගෙන දෙන අතුරු ආභාද කිසිවක් නැති ස්වභාවික බෙහෙත් වට්ටෝරු කිහිපයක් සකස් කරගන්න ආකාරයයි.

සුදු ළුණු

සුදු ළුණු බික් තුනකට බේ පත්‍ර (bay leaves) තුනක් එක්කර ගෙන හොදින් තලා ගන්න. ඉන් පසුව රත් කර ගැනීමට සුදුසු භාජනයකට දමා විනාඩි දහයක කාලයක් හොදින් රත් කරන්න. විනාඩි දහයෙන් පසුව භාජනය ගින්නෙන් ඉවතට ගෙන සිසිල් වෙන්න තබා ආසාදනය වූ ස්ථානයේ සකස් කරගත් මිශ්‍රණය ආලේප කරන්න. මේ ආකාරයට දවසට වාර තුන බැගින් සිදු කරන්න.

කැමෝමයල් (Chamomile)

ප්‍රයෝජනයන් විශාල ප්‍රමාණයක් තියන ඖෂධීය ශාකයක් තමයි මේ කැමෝමයල් කියන්නේ. ඉතින් මේ කැමෝමයල් ගුදයේ ආසාදන වලට සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. කැමෝමයල් මගින් තේ පානයක් සකස් කරගන්න. එම තේ පානය සිසිල් වුවාට පසුව ආසාදනය ඇති ස්ථානයේ ආලේප කරන්න. ඔබේ වේදනාවට සුවයක් ලැබෙන තුරු මේ ආකාරයට ප්‍රතිකාර ක්‍රමය දිනපතා සිදු කරන්න.

ස්වභාවික ඇපල් වලින් සකස් කල විනාකිරි

හැමරොයිඩ් රෝග තත්වයට ඉතාමත් හොද ස්වභාවික ප්‍රතිකාර ක්‍රමයක් විදිහට 100 % ස්වභාවික ඇපල් වලින් සකස් කර ගත් විනාකිරි භාවිතා කරන්න පුළුවන්. මේ ප්‍රතිකාරය සිදු කරන්න කරන්න තියෙන්නේ, කපු පුළුන් කැබැල්ලක් ඇපල් විනාකිරි වල පොගවලා ආසාදනය වී ඇති ස්ථානයේ ආලේප කරන එක විතරයි. මේ ප්‍රතිකාර ක්‍රමයෙන් රුධිරය වහනය වීම වගේම කැසීමත් නැති කර ගන්න පුළුවන්. ඒ වගේම ඇපල් විනාකිරි තේ හැන්දක් ජලය සමග එකතු කරලා පානය කලත් කලින් සදහන් කල ආකාරයටම හැමරොයිඩ් රෝග තත්වයෙන් ඇතිවෙන රුධිර වහනය වගේම කැසීමට සුවයක් ලබා ගන්න පුළුවන්.

කෝමාරිකා

ශරීරයේ විවිධ අසාත්මිකතා වලට සුවයක් ගෙන දෙන මේ කෝමාරිකා හැමරොයිඩ් රෝග තත්වයට ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් වෙනවා. කෝමාරිකා පත්‍ර කිහිපයක් ගෙන කටු ඉවත් කර ගෙන ශීතකරණයේ තබන්න. සිසිල් වූ කෝමාරිකා පත්‍ර ගෙන ආසාදනය වූ ස්ථානයේ කෝමාරිකා යුෂ ආලේප කරන්න. වැඩි දුර ප්‍රතිකාර ක්‍රමයක් සදහා කෝමාරිකා පත්‍රයෙන් කෝමාරිකා ජෙල් ඉවත් කරගෙන ආසාදනය වූ ස්ථානයේ ආලේප කරන්න පුළුවන්. මෙමගිනුත් ආසාදනයට ඉක්මන සුවයක් ලැබේවි.

අල

අපේ සමේ ඇති අනවශ්‍ය තරලයන් උරා ගැනීමේ හැකියාවක් මේ අල වලට ඇති නිසා හැමරොයිඩ් රෝග තත්වයට අල මගින් ඉක්මන් සුවයක් ගෙන දෙනවා. විශේෂයෙන්ම හැමරොයිඩ් රෝග තත්වයට ඇති වෙන රුධිර වහනයට. අල ගෙඩි කිහිපයක් ගෙන පිරිසිදු කර හොදින් අඹරා ආලේපනයක් සකස් කර ගන්න. මේ ආලේපනය ආසාදනය ඇති වූ ස්ථානයේ ආලේප කර වියලීමට ඉඩ හරින්න. මේ ආකාරයට අල මගින් සකස් කල ආලේපනය වියලීමට ඉඩ හැරීමෙන් හැමරොයිඩ් රෝග තත්වයෙන් ඇති වෙන රුධිර වහනයට ඉක්මන් සුවයක් ලැබේවි.

Loading...