web counter
Loading...

විපතක්‌ සිදුවීමට කලින් විශ්වයෙන් දෙන සංඥා

Loading...

ස්‌වභාව ධර්මය අනුව නියඟයක්‌ ඇතිවී වැස්‌ස අඩු වේ නම් අධික වියළිs සුළඟ හැමීම, ශරීරයේ තෙතමනය උරා ගැනීම, වියළීම, රාත්‍රියට ශීතාධික වීම, පැහැදිලි සූර්ය රශ්මිය ආදී ලක්‍ෂණ පහළ වේ. වර්ෂාවක්‌ ඇතිවීමට කලින් දින කීපයකදී අහසේ වළාකුල් පිරීයැම, අඳුරු ස්‌වභාවය, දහඩිය දැමීම, කපුටන්ගේ අධික ඝෝෂාව, ආදී ලක්‍ෂණ පහළ වේ. එවැනි බලයක්‌ විශ්වය තුළින් නිකුත් කරන්නේ මනුෂ්‍යයා ඇතුළුÊසියලුම සත්ත්ව සමූහයාට දැන ගැනීම උදෙසාය. මේ සඳහා හොඳම උදාහරණය වශයෙන් සුනාමි විපත පෙන්වා දිය හැකිය. මෙම විපත සිදුවීමට පෙර වෙරළබඩ සියලුම සත්ත්වයන් ඈත්වීම විශේෂ සිද්ධියක්‌ විය. ඒ සියලු සතුන් එය දැන සිටියත් මනුෂ්‍යයා එය ගණන් නොගැනීම නිසා විපතට පත්විය. දින කීපයකට කලින් වෙරළේ හැසිරෙන බල්ලන් මුහුද දෙස බලා උඩ බිරීමක්‌ සිදු වූ බව ද සැලවිය.

කෙසේ නමුත් අපගේ ජීවිතයට අදාළව එදිනෙදා කටයුතුවලදී තමන්ට හෝ නිවසේ වෙනත් සාමාජිකයෙකුට දරුවෙකුට හෝ පීඩාවක්‌ සිදුවීමට ඇත්නම් ඒ සම්බන්ධ සංඥාවක්‌ ඇතිවීමේ විශ්ව බලවේගය ක්‍රියාත්මක වේ. අපි බලමු ඒවා මොනවාද කියා විශේෂයෙන් නිවසේ වෙනස්‌කමක්‌, නිවසේ සුරතල් සතෙකුගේ අමුතු හැසිරීමක්‌, පදිංචි ඉඩමේ ගස්‌වැල් ආදියේ වෙනස්‌වීමක්‌,ඉඩමට බාහිරින් පැමිණෙන සතුන් මේ ආදී නොයෙකුත් ආකාරයෙන් විශ්ව බලවේගයක්‌ ඇති කෙරේ.

නිවසේ වෙනස්‌ වීම්

මෙහිදී නිවසේ මුදුන් බිත්තියක්‌ යටලීයට කෙලින් උඩ කෙළවරේ සිට පුපුරා පහළට දිවේ නම් ඉතා අසුබදායක වේ. නිවසේ ප්‍රධානියාට හදිසි පීඩාවකට මුහුණ දීමට සිදු වේ. ධන හානියක්‌ ඇති වේ. මුදුන් බිත්තිය බටහිර පැත්තේ නම් රෝග ව්‍යසන තත්ත්වයක්‌ ද නැගෙනහිර පැත්තේ නම් රැකියා කරදරයක්‌ ද, උතුරු පැත්තේ නම් තදබල බහිරව හා දේව දෝෂයක්‌ සමඟ රෝග තත්ත්වයක්‌ ද, දකුණු පැත්තේ නම් සහෝදරයෙකුට හෝ දරුවකුට පීඩාවක්‌ ද නියම වේ.

නිවස තුළ පොළවේ ඉරි තැලීමක්‌ සමඟÊබිත්ති මුල්ලක්‌ ඉරි තැලී යැම ඊසාන පැත්තෙන් සිදුÊවේ නම් නිවසේ ප්‍රධානියාට හෝ වෙනත් අයෙකුට හිසේ ස්‌නායු රෝග තත්ත්වයක්‌ ඇතිවන ලකුණකි. නිවසේ මැද පොළවේ පිපිරීමක්‌, ඉරි තැලීමක්‌ සිදු වේ නම් නිවසේ භාර්යාවට ගර්භාෂ හෝ කුස තුළ ස්‌නායු රෝගයක්‌ හට ගැනීමේ ලක්‍ෂණයකි. නිරිත කෙළවරේ බිත්ති මුල්ල හා පොළවේ ඉරිතැලීම සිදුවේ නම් නිවැසියාට පාද ආශ්‍රිත බලවත් රෝග තත්ත්වයක්‌ ඇති වීමේ ලකුණකි. නිවසේ ගිනිකොණ වයඹ දිසාවලින් බිත්ති හා පොළවේ පිපිරීම් ඉරි තලා යැම් ආදී සිදුවී ඇත්නම් නිවැසියාගේ උරහිස්‌, දණහිස්‌ ආදී ස්‌ථානවල ස්‌නායු රෝගයක්‌ හට ගැනීමට ලක්‍ෂණයකි. නිවසක වාස්‌තු පුරුෂයාගේ පිහිටීම අනුව ඉහත ලක්‍ෂණ ඇති වූ විට නිවසේ දොaෂ තත්ත්වය පරීක්‍ෂා කර බහිරව පූජාවක්‌ තැබීමෙන් ඉහත කී හානිකර අසහන තත්ත්වයන් සමනය වී යනු ඇත.

කෙසේ නමුත් නිවසේ යම් අයකුට හදිසි විපත් කරදර ආදිය සිදුවීමට ප්‍රථම නිවසේ ඉහත කී විවිධ වෙනස්‌වීම් ඇතිවීම විශ්වයෙන් දෙන සංඥා වශයෙන් දැක්‌විය හැක. නමුත් මේවා ගණන් නොගන්නා අය අප අතර සිටින බව ද පැවසිය යුතුය.

නිවසේ සිටින සතුන්ගේ හැසිරීම

මෙහිදී විශේෂයෙන් නිවෙස්‌වල ඇති කරන සුනඛයා ප්‍රධාන වශයෙන් සැලකිය හැකි වේ. නිවසේ ප්‍රධාන දොර ඉදිරියේ සිටිමින් බටහිර බලාගෙන උඩු බුරලනු ලැබුවේ නම් නිවසට අසතුටුදායක සිදුවීමකි. එළ ගවයන් හා මී ගවයන් පදිංචි ඉඩමේ සිටී නම්, එම සතුන් රාත්‍රි 12.00 පසු වූ විට තදින් කලබල වී තප්පුලයි නම් බලවත් ලෙස බහිරව දොaෂයකි. ගවයන්ට රෝග සෑදී මිය යැම පවා සිදු වේ. හැකි ඉක්‌මණින් බහිරව පූජාවක්‌ තැබිය යුතු වේ. මෙම විශ්වය තුළ සැරිසරන බහිරව ඇතුළු නොයෙකුත් අදෘෂ්‍යමාන කොටස්‌ මනුෂ්‍යයන්ගෙන් දොල පිදේනි බලාපොරොත්තුවෙන් ඉඩමේ සැරිසරන විට ගව ආදී සතුන් බියට පත් වී කෑ ගසනු ඇත. මෙය ගණන් නොගත හොත් පදිංචි ස්‌ථානයේ බලවත් කරදරකාරී තත්ත්වයක්‌ ඇති වේ. එම නිසා විශ්වය විසින් එම සතුන්ගේ මාර්ගයෙන් දෙන සංඥාව කෙරෙහි ක්‍රියාත්මක විය යුතුය. නිවසේ වැඩි කාලයක්‌ සිටි ගේකුරුල්ලන් හිටි හැටියේ නිවසින් පිට වී යන්නේ නිවසට හානියක්‌ සොරුන්ගෙන් අලාභ හානියක්‌ හෝ කෙනෙකුට විපතක්‌ සිදු වීමේ සංඥාවකි. නිවසේ යම් ස්‌ථානයක කාලයක්‌ තිස්‌සේ මී මැස්‌සන් පැණි වද බැඳ පදිංචි වී සිට පසුව එය අතහැර යන්නේ ස්‌ථානයට කරදරයක්‌ හා විශාල පාඩුවක්‌ සිදුවීමට ඇති නිසාය. මෙය වටහා ගත හොත් එයින් වැළකීමට හැකි වේ. එනිසා මී මැස්‌සන්ගේ මෙම විශ්ව සඥාව වටහා ගත යුතුය.

දෙබර මැස්‌සන් නිවසේ මුදුන් යටලීයේ කූඩුවක්‌ බැඳ ඇත්නම් ඉතාම අසුබදායක වේ. විශේෂයෙන් නිවසේ මූලිකයාට තදබල මානසික පීඩනයකට හේතු වන සිද්ධියක්‌ මුල් වේ. සිහි විකලවීමට පවා සිදු වේ. තදබල අදෘෂ්‍යමාන දොaෂයක්‌ ද බලපානු ඇත. මෙවැනි දෙයක්‌ සිදු වූ වහාම දින 7 ක්‌ බෝධි පූජා තබා දෙවියන්ට පිං අනුමෝදන් කර ඉන් පසුව සිකුරාදා දිනයක දෙවියන් උදෙසා දේව දානයක්‌ පිළියෙළ කර දරුවන් කීපදෙනකුට දෙන්න. දේව මණ්‌ඩලයට පූජාවක්‌ තබා ශාන්තිය උදාකර ගන්න. පසුව දෙබරය අස්‌ කරන්න.

නිවස තුළට පොල්කිච්චන්, ඇටිකුකුලන් පැමිණීම ද ඉතාම අසුබදායක සිද්ධියක්‌ ඇතිවීමේ පෙර නිමිත්තකි. නිවසේ කල් ගත වූ රෝගියෙක්‌ සිටී නම් විමසිලිමත් වන්න. සතා සිවුපාවා කුරුල්ලා පවා මනුෂ්‍යයාට ඉතා ළං වී මේ ආකාරයෙන් සංඥා දැනුම් දීම් විශ්වය තුළ ක්‍රියාත්මක වීම කෙතරම් පුදුම සහගතද?

ගස්‌වැල් වලින් සිදුවන වෙනස්‌කම්

නිවසට ආසන්නව ගස්‌ලබු ගසක ගෙඩි හට ගැනීම ඉතා අධිකව සිදුවීම අසුබ සිදුවීමක පෙර නිමිත්තකි. ඉතා කුඩාවට මුදුනේ පටන් අඩි 3 ක්‌ පමණ පහළට කඳ නොපෙනෙන ලෙස ගෙඩි හටගෙන අධික බරට ගස කඩා වැටුනු අවස්‌ථාවක එම නිවසේ ගර්භනී ස්‌ත්‍රියගේ දරුවා ගබ්සා වී නැතිවිය. පුහුල් වැලක්‌ තිබේ නම් එහි ඉතා අධිකව ගෙඩි හට ගැනීම නිවසට විපතක නිමිත්තකි. මුරුංගා ගස ද එසේමය. නිවසට බටහිරින් කෙසෙල් ගසක පොළවේ සිට අඩි 6 ක්‌ උසින් කඳ පැලී කෙසෙල් මුහය එළියට පැමිණීම ද එම නිවසේ අයකට විපතක සංඥවකි. මේ ආකාරයට සිදුවන විශ්ව බලවේගයකට අනුව සිදුවන සංඥ දැනුම් දීම් ගැන සැලකිලිමත් වන්නේ නම් සිදුවන විපත අවම ගැනීමේ අවස්‌ථාව ඔබවෙත උදා වනු ඇත.

වැඩිදුර විස්‌තර දැන ගැනීමට 0774347574 අංකය අමතන්න.

ජ්‍යෙතිර්වේදී – ඡේ. ගුණපාල
කුඩා උඩුව – හොරණ

Loading...