web counter
Loading...

වයස්ගත වූ විට ඇසේ සුද ඇතිවන්න හේතු සහ ඇසේ සුද ඇතිවීම වළක්වා ගන්න ඔබ කල යුතු දේ

Loading...

මිනිසාට මුහුණ දීමට සිදුවන බොහෝ බරපතළ මට්ටමේ රෝග ගණනාවකි. ඒ අතුරින් ඇතැම් රෝග අවස්ථාවන් කල්තබා හඳුනා ගැනීම පහසු වනවා පමණක් නොව ඊට අදාළ පිළිවෙත් අනුව ජීවන රටාවන් සකසා ගැනීම හරහා ඒවායින් වැළකී සිටීමට ද හැකිවීම ඉතා විශේෂිතය. එවැනි වූ රෝග අතරත් බොහෝ බෝ නොවන රෝග පිළිබඳ මේ අවධානය වැඩි වශයෙන් යෙදිය යුතු අතර එසේ අවධානය යොමු කළ යුතු තවත් රෝග අවස්ථාවන් ගණනාවක් මේ වනවිට ඉතා සුලබව ව්‍යාප්තව පවතියි. එම රෝග අතර ඇසේ සුද ඇතිවීමේ රෝග අවස්ථාව පිළිබඳ බහුලව කථාබහට ලක්වන අතර පුද්ගලයා ක්‍රමයෙන් වයස් ගතවීමත් සමඟ ඇතිවන මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු මෙවර ලිපිය යටතේ විමසා බලමු.

ඇසේ සුද ඇතිවීමට බලපාන හේතු මොනවාද? ,දියවැඩියාව රෝගී තත්ත්වය ,මාංශ පේශිවල දුර්වලතාවන් ,වැඩිහිටි වියේදි ශරීරයේ සිදුවන රසායනික විපර්යාස,තරුණ කාලයේදී සිදුවන අනතුරුවලින් ඇසට සිදුවන බලපෑම,ජානමය වශයෙන් වන බලපෑම (ඥාතීන් අතර සිදුවන විවාහ වැනි),ගැබිනි අවධියේ සැර ඖෂධ ගැනීම,ගර්භණී අවධියේදී අනතුරුවලට ලක්වීම,ගැබිනි මුල් සමයේ ජර්මන් සරම්ප වැළඳීම,ඇසක සුද ඇතිවීම යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද?

පුද්ගලයෙකු ක්‍රමයෙන් වයස් ගත වීමත් සමඟ ඇතිවන අක්ෂි ආබාධ අතර ඉතා සුලබව දැකගත හැකි රෝග අවස්ථාවක් වශයෙන් ඇසේ සුද ඇතිවීම පිළිබඳ හැඳින්විය හැකියි. වයස්ගත වී ඇති ජනගහනය පිළිබඳ සලකා බලන විට ඉන් 1/5අතර ප්‍රමාණයකට මෙම රෝග තත්ත්වය දැකගත හැකියි. බොහෝදුරට මීට ගොදුරුවන වැඩිහිටියන් අතුරින් බහුතරයක් වයස අවුරුදු 74 ඉක්ම වූ අය වීම ඉතා විශේෂිතයි.

ඇසේ සුද ඇතිවීමේදී සිදුවන ක්‍රියාවලිය පහත අකාරයට පැහැදිලි කළ හැකියි. නිරෝගී අක්ෂි කාචයක් තුළින් ඉතා පැහැදිලිව ආලෝකය ගමන් කරන අතර මෙම රෝග අවස්ථාව යටතේදී එම ක්‍රියාවලියට බාධා ඇති කරවනු ලැබේ. එනම් ක්‍රමයෙන් පුද්ගලයකු වියපත් වනවිට ප්‍රෝටීන්වලින් නිර්මාණය වී ඇති මිනිසාගේ අක්ෂි කාචය යම් රසායනික වෙනසකට භාජනය වේ. එම රසායනික වෙනස නිසා ඒ මත කහ දුඹුරු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වී ඒ තුළින් ආලෝකය ගමන් කිරීමට බාධා ඇති කරනු ලැබේ. මෙසේ ඇස තුළ සිදුවන මෙම ආලෝකය ගමනාගමන ක්‍රියාවලියට සිදුවන බාධාව මත ඇසේ පෙනීමට බාධා ඇති කරවිය හැකියි.

ඇසේ සුද ඉවත් කිරීමට ප්‍රතිකාර තිබෙනවාද? ඒ මොනවාද? – ඇසේ සුද ඇතිවීම වළක්වා ගැනීමට ඖෂධමය ප්‍රතිකාර නොමැති අතර ඊට ප්‍රතිකාර සිදු කළ හැක්කේ සැත්කම් මාර්ගයෙනි. මේ සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන සැත්කම් වර්ග දෙකක් පිළිබඳව හඳුන්වා දියහැකියි. ඒවා පහත ආකාරයි.

1. ECCE – Extra Capsular Extraction Surgery , 2. Phaco Surgery

ඉහත ක්‍රම හරහා අදාළ රෝගියාගේ රෝග ස්වභාවය අනුව වඩාත් උචිත වන්නේ කුමන සැත්කම ද යන්න පිළිබඳ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබන අතර එම අදාළ සැත්කම හරහා රෝගී තත්ත්වය පහසුවෙන් ඉවත් කර ගැනීමේ හැකියාවක් පවතියි. මෙම සැත්කම් පිළිබඳ වෙන් වශයෙන් පහත ආකාරයට හඳුන්වා දිය හැකියි.

ECCE – Extra Capsular Extraction Surgery  – මෙම සැත්කම යටතේ සිදු වන්නේ තරමක විශාල කැපුමක් යොදා අක්ෂි කාචය සැලකිය යුතු ප්‍රමාණයකින් පිටතට ගෙන සැත්කම් සිදු කිරීමයි.

Phaco Surgery – මෙහිදී සිදු කරනු ලබන්නේ කුඩා සිදුරක් හරහා ඇතුළු කරනු ලබන්නේ විශේෂිත උපකරණයක් ආධාරයෙනි. එම සිදුර බොහෝදුරට මිලි මීටර් 2.6 – 3 ත් අතර වේ. එම සිදුර ඔස්සේ ඇස තුළට ඇතුළු කරන උපකරණය මඟින් ඇසේ සුද ඉවත් කිරීමට අවශ්‍ය ශල්‍යමය කටයුතු වඩාත් පහසුවෙන් සිදු කරනු ලැබේ. ඉහත පැහැදිලි කළ ක්‍රම දෙක හරහාම ඇසේ සුද ඉවත් කිරීමේදී ඇස තුළ කාච තැන්පත් කිරීම ද ඉතා විශේෂිතයි

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයාතනය – මිහිර වික්‍රමාරච්චි – dinamina

Loading...