web counter
Loading...

ලේ නෑයින් අතර විවාහවලින් ඉපදෙන දරුවන්ට සිදුවන දේ දන්නවද?

Loading...

ලේ නෑයන් අතර සිදුවන විවාහ ගැන ගොඩක් දෙනෙක් කතා වෙනවනේ.මේ සම්බන්ධයෙන් නීතියෙන් පවා යම් යම් කරුණු දක්වා තිබෙනවා.එම විවාහ වලින් ලැබෙන දරුවන් බරපතල ප්‍රවේණිගත රෝගවලට ලක්ව තිබෙන්නට පුලුවන්.එම නිසා ලේ නෑයන් අතර සිදුවන විවාහ ගැන සමාජය වුනත් මේ ගැන යහපත් මතයක පසුවන්නේ නැහැ.

මෙවැනි විවාහ වලින් උපදින දරුවන් මෙලෙස ආබාධ හා අංග විකල තත්වයන්ට බහුලව ලක්වීමට හේතුව කුමක්ද?මේ ගැන අපි කතා කරන්න හිතුවා. මව සහ පියා නිරෝගී වුනත් මෙවැනි තත්වයක් ඇතිවීමේ වැඩි ඉඩක් පවතිනවා.මොකද ඕනෑම පුද්ගලයෙකුගේ හානිවුන ජාන පවතින්නට පුලුවන්.නමුත් මෙම ජාන තනිව පවතිද්දි ඒවායේ ක්‍රියාකාරීත්වය අවමයි.

ඒ වගේම තමයි සාමාන්‍යයෙන් විවාහ වන දෙදනෙකු ගේ DNA ගැලපීමේදී එකම රෝගී තත්වයක් පවතීමේ ඉඩකඩ අඩුයි.එම නිසා ඔවුන්ට ජාන හානිවුනු දරුවන් ලැබීම ගැන වැඩිය අහන්නට ලැබෙන්නේ නැහැ.එහෙත් එකම පවුලේ දෙදනෙකු විවාහ වීමෙන් තනිව පවතින ජාන එකට එකතු වීම සිදුවන නිසා ඒවාට යම් ක්‍රියාකරීත්වයක් ලැබෙනවා.එම නිසා ඔවුන් දෙදනාට දාව උපදින දරුවන්ද විකෘති වූ ජාන සහිතව උපදින්නට වැඩි සම්භාවිතාවයක් තිබෙනවා.

– nethfm

Loading...