web counter
Loading...

රට පුරා යන ඉන්ෆ්ලුවන්සා වෛරසයෙන් බේරෙන්නනම් මේ දේවල් කරන්න එපා

Loading...

මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවන්සා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමට නම් සාප්පු සවාරි නොයන්නැයි වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර මහත්මිය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්, කුඩා දරුවන් හා නිදන්ගත රෝගවලින් පීඩා විඳින්නන්ට (දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ) මෙම වෛරසය පහසුවෙන් ආසාදනය වන බැවින් වඩාත් කල්පනාකාරී වන ලෙස ඇය ඉල්ලීමක් කරයි.
මෙම වෛරසය ඕනෑම ස්ථානයක තිබිය හැකි බැවින් සබන් ගා නිතරම අත් පිරිසිදුව තබා ගැනීමෙන් වෛරසය ආසාදනය වීම වළක්වා ගත හැකි බව විශේෂඥවරිය කියා සිටියි.

මුහුණ හා කට අපිරිසිදු අත්වලින් පිස දැමීමෙන් හා ඇල්ලීමෙන් මෙම වෛරසය පහසුවෙන් ශ්වසන මාර්ගයට ඇතුළු විය හැකි යැයිද ඇය පෙන්වා දේ.
සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන පිරිස ඉතා අධික බැවින් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, නිදන්ගත රෝගවලින් පීඩා විඳින්නන් හා වයස්ගත පුද්ගලයන් එම පිරිස අතරට නොයා විකල්ප ක්‍රමයක් ලෙස එනම් අවුරුදු තදබදයට පෙර ගම් බිම් බලා යාම වඩාත් උචිත බවද ඇය පෙන්වාදේ.

ශ්‍රියානි විජේසිංහ

Loading...