web counter
Loading...

මව පියා ඝාතනය කිරීමට මනස නොසන්සුන් වන හැටි

Loading...

‘බීමතින් පැමිණි පුතා තම මව සහ පියා කපා කොටා මරාදමලා, තම දරු දෙදෙනා සමඟ මව පාලමෙන් ගඟට පැන දිවි නසාගනී’ මෙවැනි පුවත් වර්තමානයේ අපට බහුලව දකින්නට ලැබේ. මේ තරම් මිනිසුන් දරුණු තත්ත්වයට පත්ව ඇත්තේ ඇයි දැයි කියා අපි නාඩි විද්‍යාවට අනුව විමසා බලමු.

වෛද්‍යතුමනි, මිනිසුන්ගේ සිත් මේ තරම් දරුණු තත්ත්වයකට පත්වීමට බලපාන නාඩි විකෘතිතා මොනවාද?

යම් පුද්ගලයකුට තමාගේ ජීවිතය විනාශ කරගැනීමට හෝ අන් අයගේ ජීවිත විනාශ කිරීමට පියවී සිහියෙන් බැහැ. ඒ සඳහා ඔවුන්ගේ සිහිය විකල් විය යුතුයි.

සිහිය විකල් වීම කියන්නේ එම පුද්ගලයාගේ නාඩි ක්‍රියාකාරීත්වය විකෘති වීමයි. එහිදී ප්‍රධාන වශයෙන්ම විකෘති වන නාඩි ලෙස කම්පන නාඩිය, චිත්ත විපර්යාස නාඩිය, පෙර භව නාඩිය සහ උන්මත්තක නාඩිය යන නාඩි දැක්‌විය හැකියි.

මෙම නාඩි විකෘතිතා සිදුවීමට බලපාන ප්‍රබලතම කරුණ තමයි පෙර භවයන්හිදී සිදුකරන ලද අකුසල්වල බලපෑම. මේ සඳහා ආගමක්‌, ජාතියක්‌ බලපාන්නේ නැහැ. තමුන් අතින් පෙර භවයන්හිදී සිදුවූ බරපතළ වැරැදි ක්‍රියා තමා කුමන ජාතියක්‌ යටතේ වුව කුමන ආගමක්‌ යටතේ වුව ඉපදුනත් ඵලදීම වළක්‌වා ගන්න අමාරුයි.

මේ සම්බන්ධව සෘෂිනාඩි වෛද්‍යවරුන් පවසා ඇත්තේ මෙසේය,

“පෙර ආත්ම හේතු භාගා, අකුසල කර්මා, මරණං, මරණං, මරණ සහේතුං, දාරකා, වයෝවෘද්ධා, මනුස්‌සා මරණං”.

මෙයින් පවසන්නේ කිසියම් පුද්ගලයකු පෙර ආත්ම භවයේදී සිදුකළ අකුසල කර්මවල බලපෑම නිසා සියදිවි හානිකර ගැනීම, කුඩා දරුවාගේ සිට වැඩිමහල් පුද්ගලයා දක්‌වා වූ පිරිස ඝාතනයට යොමුවන බවය.

වෛද්‍යතුමනි, මෙම අකුසල කර්මවල බලපෑම නැති කරගත නොහැකිද?

බරපතළ අකුසල කර්මයක්‌ සිදුකර තිබෙනවා නම් එහි බලපෑම නැතිsකර ගන්න බැහැ. නමුත් අපට සිදුවීමට යන හානිය පාලනය කරගත හැකියි. උදාහරණයක්‌ විදිහට යම්කිසි පුද්ගලයකු නිතර කලකිරීමෙන් සමාජයේ විවිධ පුද්ගලයන් සමඟ ගැටුම් ඇතිකර ගනිමින් දෙමාපියන්, බිරිඳ දූ දරුවන් සමඟ රණ්‌ඩුසරුවල් වෙමින් ජීවත්වනවා නම් එම තැනැත්තා ගැන විශේෂ අවධානයක්‌ යොමුකළ යුතු වෙනවා.

මෙලෙස එම තැනැත්තා අසාමාන්‍ය ලෙස හැසිරෙන්නේ පෙර භවයේදී කළ අකුසල කර්ම නිසයි. එනිසා එම තැනැත්තාගේ කම්පන නාඩිය, චිත්ත විපර්යාස නාඩිය, විකෘති තත්ත්වයට පත්ව තිබෙනවා. මේ අවස්‌ථාවේදී නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නොත් එම තැනැත්තාගෙන් විය හැකි දරුණු අපරාධයක්‌ වළක්‌වාගත හැකියි.

නමුත් අප බොහෝ දෙනා ඒ ගැන සැලකිල්ලක්‌ දක්‌වන්නේ නැහැ. සිදුකරන්නේ තව තවත් එම තැනැත්තාගේ නාඩි විකෘති තත්ත්වයට පත්වන ආකාරයේ ක්‍රියාවන්ය.

උදාහරණයක්‌ විදිහට අපි තරුණ දරුවකු ගැන සිතමු. එම දරුවා නොසන්සුන් නම් දෙමාපියන්ට අකීකරු නම් කළ යුත්තේ එම දරුවාට දඬුවම් කිරීමවත්, ඇසුරින් ඈත් කර දැමීමවත් නොවෙයි. දරුවගේ විකෘති වී ඇති නාඩි ප්‍රකෘති කිරීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීමයි.

නිසි ප්‍රතිකාර ලබාදෙන අතර දරුවාට ආදරය, කරුණාව ලබාදිය යුතුයි.

එසේ නොවුණහොත් දරුවා මත්ද්‍රව්‍ය, මත්පැන් ආදියට යොමු වී දරුණු තත්ත්වයට පත්විය හැකියි.

එම අවස්‌ථාවේදී දරුවාගේ පෙර අකුසල කර්මත් බලවත් වී දරුණු අපරාධවලට යොමුවෙනවා.

ඇතැම් විට උන්මත්තක නාඩිය ක්‍රියාකාරී වීම නිසා මානසික රෝගී තත්ත්වයට පත්වෙනවා.

වර්තමානයේ මෙවැනි දරුවන් ඕනෑතරම් සමාජයේ දැකගත හැකියි. දෙමාපියන්, වැඩිහිටියන් දරුවාගේ පවතින රෝග තත්ත්වය හඳුනාගෙන නැහැ.

දෙමාපියන් වැඩිහිටියත් තුළ ආදරය, කරුණාව, ඉවසීම නැතිව දරුවා තුළින් ඒවා බලාපොරොත්තු වීම වැරැදියි.

කිසියම් අයකු නොසන්සුන් බවින් පෙළෙනවා නම් එවැනි පුද්ගලයන් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අතර දිනපතා රාත්‍රි නින්දට පෙර ඇඳ මත හෝ බිම වාඩිවී ඉලක්‌කම් එකේ සිට දහයටත් දහයේ සිට එක දක්‌වාත් ආරෝහණ සහ අවරෝහණ පිළිවෙළට ගණන් කිරීමේ භාවනාව 21 වතාවක්‌ බැගින් යෙදීම කළ හැකියි.

එසේම දිනපතා උදැසනට ඔලිඳ කොළ, උඳුපියලිය කොළ හෝ කරපිංචා කොළ වලින් සකස්‌කර ගත් කොළ කැඳ පානයක්‌ ගැනීමත් කළ හැකියි.

මේ සියල්ලම අතර තම තමුන්ගේ ආගම දහම අනුව කටයුතු කිරීමත් වැදගත් වෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට දුරකථන අංක 0776500677 මඟින් වෛද්‍යතුමන් ඇමතිය හැකිය.

මහාචාර්ය වෛද්‍ය
ජිනසිරි ලියන්වෙල
අඟුලාන දුම්රියපළ පාර ලියන්වෙල සෘෂිනාඩි වෛද්‍ය මධ්‍යස්‌ථානය

Loading...