web counter
Loading...

මදසරු භාවයෙන් පෙළේ නම් ශුක්‍රාණු වඩවන ආහාර හඳුනාගන්න අලුකෙසෙල්වල ශුක්‍රාණු නාශක ගුණ තිබේ

Loading...

පුරුෂ මදසරු භාවය ගැන කතා බහ කිරීමේදී මේ සඳහා ප්‍රධානකොට හේතු වී තිබෙන්නේ හෝර්මෝනවල අසමතුලිතතාවය බව පෙනේ. විශේෂයෙන්ම, පිටියුටරි ග්‍රන්ථිවලින් ශ්‍රාවය වන හෝර්මෝන, ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වයට සහ ශුක්‍රාණුවල ගුණාත්මකභාවයට හේතුවන අතර එම හෝර්මෝන ටෙස්‌ටස්‌ටෙරෝන් (Testestorone) ප්‍රොජෙස්‌ටරෝන් (Projesteron) සහ ඇන්ඩ්‍රජන් (Androgen) වැනි හෝර්මෝනය.

ශුක්‍රාණුවල ගුණාත්මකභාවය ඇතිකරවන ප්‍රොaටියේ- (proteaze) හයලුරොනිඩේ- (Hyaluronidaze) හෝර්මෝනවල ගුණාත්මකභාවය අඩුවීම නිසා පුරුෂ මදසරුභාවය ඇතිවීමේ හැකියාව තිබේ.

ශුක්‍රාණුවක හිස, ගෙල, කඳ සහ වලිගය ලෙසින් කොටස්‌වීමේදී හිස ප්‍රදේශයේ ප්‍රොaටියේස්‌ හෝර්මෝනය තිබේ. ඩිම්බයේ පටලය සිදුරුකර සංසේචනය වීම වෙනුවෙන් ප්‍රොaටියේස්‌ හෝර්මෝනය නිසි පරිදි ක්‍රියාත්මක නොවී නම් ගැටලුවක්‌ ඇතිවේ.

එනම් හෝර්මෝනය නිසි පරිදි ක්‍රියාත්මක වීම තුළ ඩිම්බ පටලය සිදුරු කිරීමේ හැකියාව ලැබේ.

හයලුරොනිඩේස්‌ හෝර්මෝනයෙන් කරන්නේ ශුක්‍රාණුවක පිහිනීමට ශක්‌තිය ලබා දීමයි. එනම් ශුකාණුවක්‌ ක්‍රියාකාරීවීමට මෙම හෝර්මෝන දෙකම වැදගත් වන බව පෙනේ. ශුක්‍රාණුවක්‌ ඩිම්බයක්‌ සමඟ සංසේචනය වීමට නම් නියමිත ක්‍රියාකාරිත්වය තිබිය යුතු අතර එසේ නොවී නම් සංසේචනයක්‌ සිදුවීමට හැකියාවක්‌ නොවේ.

එමෙන්ම ඇතැම් පුද්ගලයන්ගේ ශුක්‍ර තරලයේ තිබිය යුතු ශුක්‍රාණු අඩුවීම නිසාත් සංසේචනයට අවස්‌ථාවක්‌ ඇති නොවේ. මේ අනුව බලන කළ අන්තරාසර්ග පද්ධතිය එනම් හෝර්මෝන නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා එය මදසරු භාවයට ප්‍රබල හේතුවක්‌ බව පෙන්වා දීමේ හැකියාව තිබේ.

මෙයට අමතරව චර්යාවන්ද මදසරු භාවයට ප්‍රබල හේතූන් වන අවස්‌ථා ඇති අතර නූතන සමාජය හමුවේ ඒ සඳහා බලපාන අහිතකර චර්යාවන් වැඩි බවක්‌ දක්‌නට ලැබේ.

ශුකාණු ගබඩාකර තිබෙන්නේ වෘෂණ කෝෂවල බාහිර පරිසරයට නිරාවරණය වන ලෙසට උෂ්ණත්වය අඩු අගයක පවත්වා ගනිමිනි. උෂ්ණත්වය අඩු අඟයක පවත්වා ගැනීමට වෘෂණ කෝෂ සිරුරින් පිටතට නිරාවරණය වීමට හේතුව උෂ්ණත්වයට ශුකාණු හානි වීමෙන් වළක්‌වා ගැනීමට ස්‌වභාව ධර්මයෙන්ම වූ පිහිටීමක්‌ය. එහෙත් වර්තමානයේ එවන් වූ කාරණාවට යම් අවධානයක්‌ යොමු නොකරමින් අධික උෂ්ණත්වයක්‌ රඳවා ගන්නා ඇඳුම්වලට පුරුදු වී ඇති සැටියක්‌ දක්‌නට ඇත. ඩෙනිම් කලිසම් වැනි ඇඳුම් ඇඳීමෙන් ඇතිවන අධික උෂ්ණත්වය මත ශුක්‍රාණුවල ගුණාත්මක භාවය සහ ප්‍රමාණය අඩුවීම වළක්‌වා ගැනීමට නව යෞවනයේ සිට ඇඳුම් පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

නිවැරදි ආහාර රටාවද මේ සඳහා ප්‍රබල පිටිවහලක්‌ ලබාදෙනු ඇත. සමබල ආහාර වේල, නිසි ව්‍යායාමය, පිරිසිදු ජලය අවශ්‍ය පමණ පානය කිරීම, අලුත් එළවළු පලතුරු මඟින් ශුක්‍රාණුවල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය වැඩිවනු ඇත.

ශුක්‍රාණු වඩවන ආහාර ලෙසට පුරාණ ආයුර්වේදයේ සඳහන් ආහාර වර්ග කිහිපයක්‌ තිබේ. එනම් වැල්පෙනෙල, සුරියකාන්ත ඇට, වඳුරු මෑ ඇට, උඳු, කොල්ලු, නේත්‍රපලම්, කෙසෙල් ගෙඩි, දුරියම්, පලාකොළ වර්ග වැනි දේ ආහාරයට එකතුකර ගැනීමත් ප්‍රොaටීන සහිත ආහාර වන දඹල, සෝයා බෝංචි, කවුපි, මුං වැනි ධාන්‍ය වර්ගත් ඉතා යෝග්‍යය.

අලුකෙසෙල් දරුවකු බලාපොරොත්තු වන පිරිමි අයට නුසුදුසු බව කියන්නේ අලු කෙසෙල්වල ශුක්‍රාණු නාශක ගුණයක්‌ තිබෙන නිසාවෙනි.

පුරාණ ආයුර්වේද ග්‍රන්ථයක ඇති මෙම අපූරු කවිය බලන්න.

වැල්පෙනෙල ශාකා

ගිතෙලින් මලවා කා

අඹු නොතකන එකා

සියක්‌ අඹුවන් පතයි නිසැ කා

අතීතයේ ගැමි ගෙවල්වල පලා කොටුවේ වැල් පෙනෙල වැල් සිටුවා තැබූ බවටත්, පුතු විවාහ වී නිවසට කැඳවාගෙන එන ලේලියට නැන්දම්මා විසින් කලවම් මැල්ලුමට වැල්පෙනෙල කොළ මිටක්‌ දෙකක්‌ එක්‌කිරීමට උපදෙස්‌ ලබාදුන් අයුරුත් අතීත කතා තුළ සඳහන්ව තිබේ.

මදසරු භාවයෙන් පෙළේ නම් ශුක්‍රාණුවල ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වර්ධනයක්‌ ඇතිකර ගැනීමට ඒ සඳහා හේතුව සොයා බැලිය යුතුය. පරීක්‍ෂණ මඟින් ඒ සඳහා හේතුව සොයා ගත හැක.

හෝර්මෝන අසමතුලිතතාවයක්‌ නම් අසමතුලිතතාවය පවතින හෝමෝනය හඳුනාගෙන චීන කටු චිකිත්සාවෙන් නිවැරදි ප්‍රතිඵල ලබාගත හැක. චීන කටු චිකිත්සාවෙන් නිල උත්තේජනය මඟින් හෝර්මෝන සමතුලිතතාවයට පත්වේ. ඒ අතරතුර ශුකාණුවල ගුණාත්මකතාවය අඩුවන ආහාර. උෂ්ණ ඇඳුමින් වැළකීම වැනි දෙයට අවධානය යොමු කළ යුතුය.

චීන කටු චිකිත්සාව තුළ මදසරුභාවයට ප්‍රතිකාර ලබා ගැනීමේදී මාස 3 ක ප්‍රතිකාරයෙන් පසු හෝර්මෝන පරික්‌ෂාකර බලා පැහැදිලිව වෙනස වටහාගත හැක. සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌ ලෙසට චීනකටු ප්‍රතිකාර ක්‍රමය පෙන්වා දීමේ හැකියාව තිබේ.

විවාහක යුවළකට දරුවන් නොමැති විට එහි සම්පූර්ණ වරද කාන්තාව වෙත යොමුවන අතර ඒ තුළින් කාන්තාවන් බොහෝ මානසික පීඩාවන්ට පත්වන අයුරක්‌ අදටත් තැනෙක සමාජය හමුවේ දක්‌නට ලැබේ. එහෙත් ඒ සඳහා පිරිමියාගේ ඇති අඩුපාඩු පිළිබඳ සමාජය දැනුවත් වී සිටිය යුතු වන්නේ කාන්තාව පිට සියලු වරද නොපැටවීමටය.

දරුවන් නොමැති විටෙක දෙදෙනාම පරික්‌ෂාකර බලාගැනීමෙන් පසු අවශ්‍ය පුද්ගලයා ප්‍රතිකාරයට යොමුවිය යුතුය.

ඩෙනිම් කලිසම, කලිසම් සාක්‌කුවේ ජංගම දුරකතන දමාගෙන සිටීම ශුක්‍රාණුවල සක්‍රියතාවය අඩුකරන බව තේරුම් ගෙන කටයුතු කළ යුතු වන්නේ ශුක්‍රාණු තිබුණාට ගුණාත්මකභාවය නොමැති නම් සංසේචනයක්‌ සිදු නොවන නිසාවෙනි.

දරුවකු බලාපොරොත්තුව සිටින විවාහක යුවලකට ඒ සඳහා පිරිමියාගේ යම් අඩුපාඩුවක්‌ වේ නම් චීන කටු චිකිත්සාව යටතේ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තිබේ. වැල්ලවත්ත, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථාන පාරේ පිහිටි මහාචාර්ය ඇන්ටන් ජයසුරිය අනුස්‌මරණ රෝහලේදී චීන කටු චිකිත්සාව නොමිලයේ ලබා ගැනීමේ හැකියාව ඇත.

කාන්තා මදසරුභාවය පිළිබඳ ලබන සතියේ 

Loading...