web counter
Loading...

මත්පැනට සහ දුම්පානයට ඇබ්බැහි වීම නවතා ගන්න ඔබත් කැමැතිද?

Loading...

සැබැවින්ම මද්‍යසාර සහ දුම්පානය පුරුද්දට කරන දෙයකි. පෙලඹවීමක්‌ මත හෝ කැමැත්ත ආශාව මුල්කර ගනිමින් පිරිමින් මේ සඳහා යොමුවන බවක්‌ පෙනේ. මැදි වයස වන විට මද්‍යසාර සහ දුම්පානයට පිරිමින්ගේ යොමුවීම වැඩි බවක්‌ හඳුනාගෙන තිබේ. බොහෝ තැනකදී මෙම යොමුවීම සිදුවන්නේ ආශ්‍රය නිසාවෙන් බව පෙනේ.

පුරුද්දෙන් අත් මිදෙන්නට අවශ්‍ය වූවත් ඒ සඳහා මානසික බලපෑම තමා තුළින් ගොඩනොනැඟීම හේතුවෙන් පුද්ගලයාට අත් මිදීමට අපහසුතාවක්‌ ඇතිවේ.

මෙය උත්සාහයෙන්ම මඟහරවා ගත යුතු තත්ත්වයකි. තවද මේ සඳහා ප්‍රතිකාරයක්‌ සඳහා උනන්දු වීමක්‌ නොවන්නේ ප්‍රතිකාර ඇති බවට නොදන්නාකම නිසාවෙන් වීමට පුළුවන.

මත්පැන් වැඩිපුර භාවිතය නිසාවෙන් මධ්‍ය ස්‌නායු පද්ධතිය සහ පර්යන්ත ස්‌නායු පද්ධතියේ අක්‍රමිකතා ඇති වී එම අක්‍රමිකතා තවදුරටත් වර්ධනය වී ස්‌නායු දත්ත කොටස්‌ දුර්වල වී ඇඟිලි අක්‍රිය තත්ත්වයට පවා පත්වීමට පුළුවන. තවද ඇඟිලි හිරිවැටෙන තත්ත්වයක්‌ ඇති විය හැකි අතර පුද්ගල සමබරතාවය හැකිව යන අවස්‌ථා ඇත. තවත් පිරිසකගේ ඇඟිලි නවන්නට බැරිව අක්‍රිය වන අවස්‌ථාත් තිබේ.

මෙවැනි සංකූලතා ඇති වූ පසු පුද්ගලයා තව දුරටත් ඇබ්බැහි වන්නේ ඇතිවන සංකූලතා මඟහරවා ගැනීමටයි. එනම් මානසිකව මත්පැන් පිහිට සොයන තත්ත්වයක්‌ ඇතිවන්නේ මෙවැනි අවස්‌ථාවන් මඟහරවා ගැනීමටයි.

මත්පැන් භාවිතයේදී දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් වැඩිවීම, සිරෝසිස්‌, අක්‌මා ආබාධ, වෘත රෝග වැනි තත්ත්වයන් බහුලව ඇතිවීමට පුළුවන. ස්‌නායු දුර්වලතා නිසාවෙන් තව බොහෝ සංකූලතා මතුවිය හැක.

මානසික තත්ත්වයක්‌ නිසා හෝ කාංසිය නිසා මත්පැන් පානයට යොමු වී නම් නිසි උපදේශනයකට යොමු වීම වැදගත්ය. එවිට උපදේශනය තුළින් නිසි මඟපෙන්වීමක්‌ ලබාදෙනු ඇත.

මේ සඳහා සාර්ථක විදිහට මත්පැන් පානය සහ දුම්පානය මඟහරවා ගැනීමට වීනකටු චිකිත්සාවේ ප්‍රයෝජන ලබා ගැනීමේ හැකියාව තිබේ.

මෙහිදී දුර්වල මනස යම් මානසික ඒකාග්‍රතාවයකට පත්කර ධනාත්මක චින්තනයක්‌ ඇතිවන ආකාරයෙන් උපදේශනය කර චීන කටු ප්‍රතිකාර කරනු ලැබේ. මත්පැනට සහ දුම් පානයට ඇබ්බැහි වීම නතර කර ඒවා එපා වන තත්ත්වයට පත්කිරීම එනම් මානසිකව එපා කරවීමක්‌ චීන කටු චිකිත්සාව තුළින් සිදුකරනු ලැබේ.

දිගුකාලීනව මත්පැනට යොමු වූ පුද්ගලයාට මත්ද්‍රව්‍ය වලින් මිදවූ පසු ඇතිවන සංකූලතා එනම් ආහාර අරුචිය, මළ බද්ධය, නින්ද නොයැම, අතපය වෙව්ලීම මඟහරවා ගැනීමට චීන කටු ප්‍රතිකාර කරන අතරතුර ඉහත සංකූලතා ඉවත්කර ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙනු ලැබේ.

සුව වූ පසු සාමාජීය වශයෙන් තම මනස තුළින් පුනරුත්ථාපනයට උත්සාහ ගත යුතුය. පවුල තුළින් ඒ සඳහා සහයෝගය ලබාදිය යුතුය. මත්පැන් පරිසරවලින් හැකිතාක්‌ ඈත් වී සිsටිය යුතුය. එවිට පුරුද්ද නැවත ඇතිවීමක්‌ නැත.

එමෙන්ම සමාජයේ තවත් බහුල ප්‍රශ්නයක්‌ ලෙසින් දක්‌නට ඇති දුම් පානය, දුම් පානය කරන අයට මෙන්ම නොකරන අයටත් ප්‍රබල තර්ජනයකි. සක්‍රිය දුම්පානය සහ අක්‍රිය දුම්පානය ලෙසින් කොටස්‌ දෙකකට වෙන්වන්නේ ඒ නිසාවෙනි. කෙළින්ම දුම්බොන්නා සක්‍රිය දුම්පානයට අයත් වන අතර වෙනත් අයකුගේ සිගරට්‌ දුම් ආග්‍රහණ කරන්නා අක්‍රිය දුම්පානයට හසුවේ.

යහළුවන්ගේ පෙලඹවීම මත දුම්පානයට යොමු වීම වැඩි බව පෙනේ. තරුණ පිරිමි ළමෝ අත්හදා බැලීමක්‌ වශයෙන් ඇතිකර ගන්නා වූ දුම්පානය ඇබ්බැහි වීමක්‌ දක්‌වා දිව යන්නේ සිගරට්‌ වල ඇති නිකොටින් නමැති රසායන ද්‍රව්‍ය නිසාවෙනි. නිකොටින් නොදැනුවත්වම ඇබ්බැහිවීමක්‌ ලබාදීම එයට හේතුවයි.

දුම්පානය නිසාවෙන් හෘද රෝග, පිළිකා, පෙනහලු රෝග, ශ්වසන ආබාධ, ලිංගික අප්‍රාණිකත්වය වැනි රෝගාබාධ ඇති විය හැකි අතර අභ්‍යන්තර ඉන්ද්‍රියට විය හැකි බලපෑම වැඩිය.

මෙවැනි භයානක තත්ත්වය දැන දැනත් දුම්පානයට ඇබ්බැහි වීම සැබැවින්ම කනගාටුදායකය.

පුරුද්ද අතහැර ගැනීමට නොහැකි වීම මෙහි දීද ඇතිවන තත්ත්වයයි. මනසින් අතහැර ගැනීමට නොහැකි තත්ත්වය මත දිගිsන් දිගිටම ඇබ්බැහිය දුර දිග යනු ඇත.

දුම්පානය අත්හැර ගැනීම සඳහාත් චීන කටු ප්‍රතිකාර ක්‍රමය තුළ සාර්ථක ප්‍රතිකාර ක්‍රම ඇත.

පුද්ගලයාගේ මනස ශක්‌තිමත් කර ස්‌ථාවර තත්ත්වයේ පවත්වාගෙන යැමට අදාලවන ප්‍රතිකාර ක්‍රමද චීන කටු වෛද්‍ය ක්‍රමය තුළ තිබේ. ප්‍රතිකාර කරන අතුරතුර දින 03 ක්‌ පමණ වන විට පුද්ගලයාගේ පැහැදිලි වෙනසක්‌ හඳුනාගත හැක.

දුම්පානයේදී වන සංකූලතා අතර කටින් කෙළ වැගිරීම, නින්ද අඩුකම, ආහාර අරුචිය, මළ බද්ධය සිගරට්‌ එකක්‌ නොමැතිව වැසිකිළි යැමේ අපහසුව, වැඩිපුර කුසගින්න, අධිකව පැණි බීමට යොමු වීම වැනි දෙය මූලික වනු ඇත.

මෙවැනි තත්ත්වයන් ඇතිවන විට සංකූලතා මඟහැර දුම්බීම මඟහරවා ගැනීමටද චීන කටු ප්‍රතිකාර ක්‍රමය තුළ සාර්ථක ක්‍රම තිබේ. මේ අවස්‌ථාවේදී ද පවුලේ සහයෝගය ඉතා අවශ්‍යය. දුම්බීම නැවතූ පුද්ගලයාට නැවත සිගරට්‌ටුවක්‌ නොබොන ආකාරයට අවට පරිසරය සකස්‌ කර දීම පවුලේ වගකීමක්‌ වනු ඇත.

දුම්පානය, මත්පැනට ඇබ්බැහි වී එය නවතා ගැනීමට නොහැකිව ලතවෙන අය අතර ඔබත් සිටිනවා නම් ඔබේ පියා, ස්‌වාමියා, පුතා හෝ ඥතියා එයින් ගලවා ගැනීමට චීන කටු ප්‍රතිකාර සඳහා නොමිලේ යොමු වීමට ඔබටත් අවස්‌ථාවක්‌ තිබේ. වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථාන පාරේ මහාචාර්ය ඇන්ටන් ජයසූරිය අනුස්‌මරණ රෝහලේ දී ඒ සඳහා අවස්‌ථාව තිබේ.

වෛද්‍ය අමිලා කේ. ජයසිංහ
සංස්‌කරණය වසන්තා ශ්‍රියාකාන්ති

Loading...