web counter
Loading...

පොරොන්දම් ගැලපුනත් මෙවන් අඟනුන් දැන විවාහ විය යුතුයි

Loading...

විවාහ පොරොන්දම් ගැලපුනත් හඳුනාගත නොහැකි කම් සතරෙහි එන ලලනාවන් ගැන ඔබ මෙතෙක්‌ නොදන්නවා ඇත. එසේනම් ඔවුන් හඳුනාගනිමු. ඉපැරැණි වියතුන් අනිටු ලක්‍ෂණයන්ගෙන් හෙබි කාන්තාවන් විවාහ කරගතහොත් විවාහ ජීවිතයේ නීරසයත් අවාසනාවන්තවීමත් සිදුවී දුප්පත් කාලකණ්‌ණියකු වන බව පවසා ඇත්තේ මෙසේය.

පිළිබඳව කම් සත – කියයුතු බොහෝ දැ ඇත
ඇත්තෝ එදනු සිත – ඇසුරු කරදෙනු මැනවි පතපොත

දිනක්‌ උමාව තම මෙහෙසුරුගෙන් යුගදිවිය සරු කරගනු රිසි යොවුන් දනන් විසින් අතගැනීමට සුදුසු කාන්තාව කවුදැයි පහදාදෙන ලෙස සමුණානන්ගෙන් (හිමියාගෙන්) පැනයක්‌ ඇසුවේය. එවිට ඔහු දුන් පිළිතුර මෙසේය. සළෙල මන නුවන් බැඳෙන එළලු පැහැති සිරුරෙන් යුත් ගතෙහි විරළ ලෙස කෙටි සියුම් සිනිදුලොම් ඇති බිඟුවැලක්‌වැනි නයන සනසන බැම යුවලකින් හෙබි හසඟනක සේ සුලලිත ලැසි ගමනින් යන එන රෝස පැහැති මල් දෑස පිනවන සුකොමල දෙකපොල් ඇති. සිතු නතුකරන මුතුඇට වැනි සුදොaසුදු දසන් පෙළින් හෙබනා සිහින් ඉඟක්‌ ඇති නෙළුම් පෙති දෙකක්‌ වන් කැළුම් විහිදෙන නුවන් සඟලකින් හෙබි කුමරිය පහත් කුළයක උපත ලැබුවත් පෙම්බර සුන්දර බිරිඳක්‌ වීමට වාසනාව ඇති උතුම් ළඳකි.

විනීත ගති පැවැතුම් වලින් තොර, අපියකරු දසන් පෙළකින් යුත් නිලට හුරු කසාවන් පැහැයෙන් මුසු දෙනෙත් සඟලක්‌ ඇති අත් පා ලොමින් ගැවසී ගත් කඳක්‌වත් මහත් ඉඟක්‌ ඇති යුවතිය රජ කුමරියක වූවද වාසනාවත් බිරිඳක්‌ වීමට පින් ඇතියක්‌ නොවන්නීය. මෙවන් කත කිසිසේත් විවාහයට නොගත යුත්තියකි.

පිඟුවන් (කළු පැහැදෙපැහැයෙන් මුසු) තරබාරු සිරුරක්‌ ඇති ලෙඩ ගතියෙන් පෙළෙන කය පුරා ගණ ලොම් රැඳි කටකාර තරුණිය අත ගන්නට සුදුසු කතක්‌ නොවන්නීය.

ගස්‌කොළන්, නැකැත්තරු, නදී, අවරගිරි, (සවස හිරු සැඟවී යන බටහිරින් පිහිටි කඳු) විහඟුන් සුපුන්, බිහිසුණු දේවල් ආදියේ නම් ඇති කතුන්ද සුබ සරණයට නොහොබී.

එහෙත් ගංගා, යමුනා, ගෝමතී, සරස්‌වතී, නර්මදා, කාවේථි, සින්දු, කළ්‍යාණි වැනි උතුම් නදීන්ගේ නම්ද මාලතී, තුල්ථි, චන්දන, සුමන ආදී තුරු ලතා වන්ගේ නම්ද රේවති, රෝහිනී, අස්‌විනී වැනි නැකැත් තරුවල නම්ද ඇති තරුණියෝ විවාහයට සුදුසු වෙති. එබඳු නම් ඇති යුවතියෝද වාසනාවන් බිරියන් වීමට වාසනාව ඇති අය ලෙස සැලකේ. විකෘති ඇස්‌ඇති හා නිලට කළට හුරු කසාවන් සිරුරැති පහත් ගති පැවතුම් ඇති විලිලැඡ්ජාව බිය නැති ඉක්‌මන්කාර, මුහුණෙහි ගෙඩිඇති, සිනාසෙනවිට කම්මුල් වල ගැසෙන කාන්තාවෝ ඛන්ධතී හෙවත් දුරාචාරී කතුන් ලෙස හඳුන්වා ඇත. ඔවුනට අසරණ කාලකණ්‌ණී ජීවිත ගෙවන්නට සිදුවන නිසා අතගැනීමට නුසුදුසු යයි කම් සතර දතුවන් විසින් පවසා ඇත.

ඉන් අනතුරුව ශිව දෙවියන් විසින් ලොව සියලු අඟනුන් ඔවුන්ගේ යහපත් ගතිගුණ හා අයහපත් ඇවතුම් පැවතුම් ආදිය අනුව උත්තම (උසස්‌) මධ්‍යම (සාමාන්‍ය) හා අධම (පහත්) යනුවෙන් කොටස්‌ තුනක්‌ මේ ආකාරයට බෙදා ඇතිබව හා ලක්‍ෂණද මෙසේ පෙන්වා දෙයි.

උත්තම කාන්තාව

නොවුස්‌ නොමිරි පැහැපත් සමක්‌ඇති, සිහින් සිරුරක්‌ ඇති ඇතිනියක මෙන් සොඳුරු ලෙස ගමන් යන රත් පියුමක්‌ වන් රතුපාට අතුල් සහිත සිය සැමියාට ඉතා හිතවත්, උතුම් ගුණදම් රකින මධ්‍යම ප්‍රමාණයේ පුන් පියයුරු ඇති පින්බර වනිතාව උත්තම හෙවත් පළමුවන ගණයට අයත්වේ.

මධ්‍යම කාන්තාව

මැදුම් ගණයේ විලාසිනියගේකද මැදුම් පමණට පිහිටා ඇත. නිල් වළා රොදක්‌ සේ ගලා හැලෙන දිගු නිල් වරළක්‌ ඇය සතුය. ඇය කිසිවිටෙක ඈලි මෑලිකම් නැති කඩිසර ලියකි.

දුක සැප දෙකෙහිම එකවගේ නොසැලී සිටියි. හැම කල්හිම ඇයට ඇත්තේ සිනාබර සිනා රැල්ළෙන් පිනාගිය සොඳුරු මුහුණකි.

ඇගේ නැබ(බුරිය) ගැඹුරුය. සැම තැනදී සැමදෙනා සමඟ මුදු මොලොක්‌ රසබස්‌ තෙපලයි. පිවිතුරු පැවතුම් වලට මෙන් පිරිසිදුකමට රිසිකරන ඇය ආගම දහමට ලැදි සැÄබර සිත් ඇත්තියකි. මද පමණට ආහාර ගනී. සැමදෙනාට සහෝදරත්වයෙන් සලකන ඇය අනුන්ගැනද තමන් ගැන මෙන්ම නොවෙනස්‌ ලෙස හිතයි. ගුරු දෙගුරුන්ට වැඩිහිටියන්ට, ගුණවතුන්ට ගරු බුහුමන් දක්‌වයි. දෙවියන් බුදුන් පුදයි. මහණ බමුණන්ට සලකයි. පිවිතුරු අදහස්‌ ඇති මෙම වනිතාව මධ්‍යම ගණයට අයත් යයි සඳහන් වේ.

අධම කාන්තාව – අධම හෙවත් පහත් ගණයේ කාන්තාවගේ ස්‌වරූපය මෙසේය. අත්පා කෙසඟය. සිරුර පුරා ලෝම ඇත. දෙනෙත නිලට හුරු කහපාටින් යුක්‌තය. දත් පෙළ දිගය. ගණය. ගණනින් අඩුය. ඉතා දොඩමළුය. වාචාලය. හයියෙන් හඬනගා සිනාසෙයි. හමරළුය බඩලොකුයි. හොස්‌ස ලඟින් මැස්‌සකු ගියවිට කොස්‌ස අරන් ගහන්නියකි.

හිතෙහි තැන්පත්කමක්‌ පිළිවෙලක්‌ නැත. අත් පා දිගය. හිසකේ අඩුය. ශරීරය දුර්ලක්‍ෂණයෙන් ගහනය. ඇය තුළ නාරි ලාලිත්‍යයක්‌ ඇත්තේම නැත.

පැරැණි සතුරුදුරන් මේ අධම කොටසට අයත් කාන්තාවන්ගේ ලක්‍ෂණයන් මෙසේ පවතී. ඇතිනිසා ඔබත් විවාහ ජීවිතයට ඇතුළුවීමට පෙර පොරොන්දම් ගැලපුනත් නොපෙනෙන ගති ලක්‍ෂණ ගැනද සොයාබලා, ලක්‍ෂණට, මුදලට, ඉඩකඩම් ගේ දොර දේපළ, යානවාහන වලට රැකියාවට ලොල්වී අධම අඟනුන් කරේ එල්ලා ගතහොත් ඔබේ යුගදිවිය අවාසනාවන්තවී කාලකණ්‌ණියෙක්‌ බවට පත්ව අපායක්‌ කරගන්ටවේ. එනිසා එවැනි කතුන්ගෙන් ඈත්වීම නුවණට හුරුය. අධම කාන්තාවක්‌ වෙසෙන ගෙට කවර දිනකදීවත් ලක්‍ෂ්මී (සිරිකත) පා නොතබයි. ඉවත බලාගනී.

ජ්‍යෙතිෂ්‍ය විද්‍යාජෝති, ගුප්ත විද්‍යාකීර්ති
රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ

Loading...