web counter
Loading...

පුරුෂයින්ගේ හිසකෙස් සුදුවීම හෘදයාබාධ අවදානමක ලක්ෂණයක්ද?

Loading...

යම් කෙනෙකුගේ විශේෂයෙන්ම පුරුෂයෙකුගේ හිසකෙස් සුදුවීමට පටන් ගැනීම වයසට යාම හඟවන ලක්ෂණයක් වීම අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් එවැන්නක් සිදුවීම හෘද රෝග ඇතිවීමේ පුර්ව ලක්ෂණයක් වන්නේ නම් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.

පසුගියදා ස්පාඤ්ඤයේ මලගා නගරයේ පැවැත්වු යුරෝ පි‍්‍රිවෙන්ට් 2017 (Euro Prasent 2017) වෛද්‍ය සමුළුවේදී විශේෂ අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබු අතර එය පැවැත්වු පර්යේෂකයින් විසින් හෘද රෝග වලට ගොදුරුව සිටින අයගේ කෙස් සුදු වීම හා එය හෘද රෝගයක අවදානම් තත්ත්වය පෙන්නුම් කරන්නේද යන්න පිළිබඳව අධ්‍යායනයක් කර තිබිණ. (ඒ සඳහා වැඩිහිටි එනම් වයස 50ට වැඩි අය 545ක් සහභාගි කර ගෙන තිබු අතර ඔවුන් යම් හෘදරෝගයක් වැළදී ඇති යැයි සැක කළ අය විය. ඔහුගේ X -ray පර්යේෂණවලට භාජනය කරනු ලැබූ අතර ඔවුන් අතරින් හෘදරෝග අවදානමක් පැවති අය කෙතරම් ප්‍රමාණයක් කෙස් සුදු තත්ත්වයෙන් පසුවන්නේ ද යන්න පරීක්ෂා කරන ලදී. එසේම ඔවුනට අධි රුධිර පීඩනය, දියවැඩියාව ඇතිවීමේ අවදානමක් පවතීද එසේම ඔවුන් දුම්බොන අයද ඔවුන්ගේ පවුලේ උදවියට හෘද රෝග ඉතිහාසයක් පවතී ද යන සාධක පිළිබඳව පරීක්ෂා කරන ලදී.

එහිදී ඔවුන්ට දැනගත හැකි වූ කරනු අනුව හරියටම කළු සුදු කෙස් ඇති අය යන්තමින් සුදු කෙස් පවතින අයට වඩා හෘද රෝග වලට ගොදුරු වීමේ අවදානමක් පැවතින. එසේම හෘද රෝගවලට ගොදුරු වු අයගේ කෙස් අනෙකුත් අයට වඩා සුදු පැහැගැන්වී තිබෙන අයුරු දක්නට ලැබුණු බව සඳහන් කර තිබිණ.

කෙස් සුදු වීමේ ප්‍රවණතාවයත් හෘද රෝග ඇති වීමේ තත්ත්වයත් එකිනෙකට වෙනස් ක්‍රියාවලියක් වුවත් මේදය, කොලස්ට්‍රෝල් හා අනෙකුත් ද්‍රව්‍ය එක් වී රුධිර නාල (බිත්ති ඝනවීම හෙවත් ඇතරෝස්ක්ලෙරොසිස් (Atheros Lerosis) තත්ත්වය ඇතිවන ආකාරයේ හා කෙස් සුදුවීම සිදුවන ආකාරයේ සමාන කමක් පවතින බව මෙම පර්යේෂකයින් පවසයි.

ඇතරෝස්ක්ලෙරොසිස් තත්ත්වය හා කෙස් සුදුවීම සමානව ජීව විද්‍යාත්මක මාර්ග ඔස්සේ සිදුවන අතර එම සිදුවීම් දෙකම වයසත් සමඟ වැඩිවන බව මෙම පර්යේෂණයට මුලිකව ක්‍රියාකළ ඊජිප්තුවේ කයිරෝ විශ්ව විද්‍යාලයේ හෘද රෝග විශේෂඥ අයිරිනි සැමුවල් පවසයි. “කාලය සමඟ වයසට යාම සැලකිල්ලට නොගෙන කෙස් සුදුවීම ජීව විද්‍යාත්මක ව වයසට යාම පෙන්නුම් කරන බැවින් එම තත්ත්වය හෘදයේ තන්තුක වාහිනි (Cardiovascular) අවදානමක ලක්ෂණ පෙන්නුම් කරන්නක් ලෙස අපගේ පර්යේෂණ අනුව සිතිය හැකි යැයි අයිරිනි සැමවුල් වැඩිදුරටත් පවසයි.

මේ අතර ඊශ්‍රලයේ මවුන්ට් සිනායි (Mount Sinai)රෝහලේ ශල්‍ය වෛද්‍ය ඇලන් ස්ටුවර්ට් එම සොයා ගැනීම ගැන තමා පුදුමයට පත් වන නමුත් කෙස් සුදුවීම වයසට යාම හඟවන්නක් නිසා සමහරවිට එම තත්ත්වය හෘද රෝගය ඇතිවීමේ අවදානමක් පෙන්නුම් කළ හැකි බවත් පවසයි. එහෙත් අකලයට සුදුකෙස් සහිත බොහෝ දෙනෙකු සිටින බව අමතක නොකළ යුතු බවද හෙතෙම පවසයි. “ඔබගේ සිරුරේ වෙනත් අංශවලද වයසට යාම සිදුවිය හැකියි. ඒ අනුව අකලට හිසකෙස් පැසැණු අයගේද හෘදය වස්තුවට සම්බන්ධ ධමනි වලද එම වයසට යාමා සිදු විය හැකි” යැයි හෙතෙම පවසයි.

මේ අතර කැලිෆෝනියාවේ සැන්ටමොනිකා නගරයේ පිහිටි ප්‍රොවිඩන්ස් සෙන්ට් ජොන්ස් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිචඩ් රයිට් පවසන අන්දමට මෙම තත්ත්වය කාන්තාවන්ට ද බලපෑ හැකිය. මෙම පර්යේෂකයින් පුරුෂයින් මේ සඳහා තෝරාගනු ලැබුවේ කාන්තාවන්ට වඩා පුරුෂයින් වීමට හේතුව ඔවුන්ගේ කෙස් සුදුවීම ඉක්මනට සිදුවන බැවින් යැයි හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් හිස කෙස් සුදු වීම නිසා හෘද රෝග ඇතිවීමේ අවදානමක් ඇතැයි සිතා කලබලවීම අවශ්‍ය නොවන බව ඇමරිකාවේ ඔහයියෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ වෙක්ස්්‍යර් වෛද්‍ය මධ්‍යස්ථානයේ හෘද රෝග විශේෂඥ රාගවේන්ද්‍ර බලිගා පවසන අතර පර්යේෂකයන් විසින් කෙස් සුදුවීම සහ හෘද රෝග අතර සබඳතාවයක් ඇතිබව පවසා ඇතත් ඇත්ත වශයෙන්ම කෙස් පැසීම නිසා හෘද රෝග ඇති වන්නේ ද නැත්තම් හෘද රෝග නිසා කෙස් සුදුවීම සිදුවන්නේ ද යන්න ඔවුන් විසින් හරිහැටි සනාථ කර නොමැති බවද හෙතෙම අවධාරණය කරයි.

එසේම කෙස් සුදු වීම වැලැක්වීම සඳහා කිසිවක් කිරීමට නොහැකි නමුත් හෘද රෝග වළක්වා ගැනීම සඳහා නිරතුරුව ව්‍යායාමයේ යෙදීම, හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම, කොලස්ට්‍රෝල් තත්ත්වය පාලනය කිරීම. දුම්බීම සිදුනොකිරීම වැනි ක්‍රියාවලින් කළහැකි බවද හෙතෙම පවසයි. එසේම හිසකෙස් කළු කරගැනීමෙන් හෘදරෝග වලක්වාගත නොහැකි බවද හෙතෙම පවසයි.

කෙස් සුදවීම නිසා හෘද රෝග ඇතිවීමේ අවදානමක් ඇතිවේ යැයි ඔබ තුළ බියක් ඇති වුවහොත් වෛද්‍යවරයා හමු වී ඒ පිළිබඳව පරීක්ෂා කරගත හැකියි.

එහෙයින් හිටිහැටියේ ඔබගේ හිසේ සුදු කෙස් දුටුවහොත් පසුවදාට හෘදයා බාධයක් ඇති විය නොහැකි බව ස්ටුවර්ට් හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Loading...