web counter
Loading...

පීණස, සමේ රෝග, මුත්‍රා රෝග, ආතරයිටිස්‌ කොඳු ඇටපෙළ ආබාධ වලට ප්‍රතිකාර කරන කොබෙයිගනේ දම්පිටියේ වෙද මහත්තයා

Loading...

කොබෙයිගනේ දම්පිටිය වෙද මහතාගේ ප්‍රතිකාර ගැන ඇසූ අප එහි වැඩි වගතුග දැනකියා ගන්නට ඒ මහතාගේ වෙද පියසට ගොඩ වැදුනෙමු.  කොබෙයිගනේ පාදෙණිය මාර්ගයේ සතිපොළ මංසන්ධිය පසුකර කි. මී. 1 ක්‌ පමණ දුර ගෙවා ගිය පසු වෙද පියස අපට හමුවිය. අප එහි යන විටත් දිවයිනේ නන්දෙසින් පැමිණ සිටි රෝගී ජනතාවට වෙද මහතා ප්‍රතිකාර කරමින් සිටියේය. වෙද නිවසේ සොබාවික ඖෂධවල සුගන්ධයෙන් නැවුම් ප්‍රබෝධයකට පත්ව සිටි අපට වෙද මහතා විසින් ඉතා සුහදශීලීව පිළිගන්නා ලදී.

නිතර සිනාසෙන අහිංසක ගැමි හෙළයෙකු මෙන් සරමකින් පමණක්‌ සැරසී සිටින වෙද මහතා ඉතා කාරුණිකව ප්‍රතිකාර කරයි. ප්‍රිය තෙපුලින් වේදනා බරිත රෝගීන්ව සතුටු කරවමින් දම්පිටිය වෙද මහතා සිදුකරන ප්‍රතිකාර විලාසය දුටු අපට ඒ මහතාගේ හෙදකමින් අත්ගුණයෙන් තරම වැටහෙන සුළුය. සන්ධි ඉදිමීමේ ආබාධයෙන් පෙළුණ රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටි වෙද මහතා තෛල ගැල්වීම බෙහෙත් බැඳීම් ආදිය සිදුකර ඔවුන්ව විවේක ගන්වා අප සමග කතාබහට එක්‌විය.

මහත්තයෝ මම මේ වෙදකම පටන් ගත්තෙ අවුරුදු තිස්‌ දෙකකටත් වැඩියි. සෙම, පීණස, සමේ රෝග, මුත්‍රා රෝග, ආතරයිටිස්‌ කොඳු ඇටපෙළ ආබාධ වලට ප්‍රතිකාර කරනවා. ඒත් ඉතින් මිනිස්‌සු අතර මාව ආතරයිටිස්‌ කොඳු ඇටපෙළ රෝගවලට ප්‍රත්‍යක්‍ෂ වෙද මහතෙක්‌ විදිහට විශේෂ වෙලා. දැනට මගෙන් ප්‍රතිකාර ගන්න එන අය අතරින් වැඩි දෙනෙක්‌ ඔය කීව අමාරුවලටයි බෙහෙත් ගන්න එන්නෙ. මේ ඉන්න අයගෙන් තොරතුරු ගනිද්දී ඔබලට ඒ බව වැටහේවි.

එසේ කියමින් වෙද මහතා සිය ඖෂධ පෙන්වමින් එමගින් රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන අයුරු පැහැදිළි කළේය.

මේ ඖෂධ මටම විශේෂ වෙච්ච ඖෂධයි. ඇත්තෙන්ම කීවොත් මේවා රහස්‌ බෙහෙත්. තරුණ කාලේ ඉඳන්ම මම විශ්ව ශක්‌තිය, නොපෙනෙන ශුද්ධ බලවේග එක්‌කලා දැහැමෙන් සෙමෙන් ඇතිවූ සම්බන්ධයක්‌ තිබුණා. ඒ හරහා තමයි මේ විශේෂ ඖෂධ සකස්‌ වෙන්නෙ. තෛල, කල්ක, කසාය වගේම පත්තු බඳින්න මැල්ලුම් වලටත් ඔය කීව එකිනෙකට වෙනස්‌ රහස්‌ බෙහෙත් තමයි යොදා ගත්තෙ. බොහොමයක්‌ම ඖෂධ වත්තෙන් පිටියෙන් හොයා ගන්නෙ. ඉතින් බටහිර වෙදකමේ වගේ අතුරු ආබාධයක්‌ ඇතිවෙන්නෙ නැහැ.

කොඳු ඇටපෙළ අවසන් වීම හන්දිපත් කැක්‌කුම ඉදිමීම අත්පා ඇඟිලි කොර වීම වෙග් ආතරයිටිස්‌ තත්ත්වයන්ට ප්‍රතිකාර කරන්නෙ පියවර තුනක්‌ වශයෙන්. සමහරුන්ට පළමු වරටම සුවය දැනෙනවා. මුලින්ම රෝගියාට මැල්ලුම් බෙහෙත් බඳිනවා. ඊට පස්‌සෙ සියුම් නහර මතු කරලා ඒවා දිගහරින්න තෙල් ගානවා.

දෙවැනි වරටත් අවශ්‍ය විදිහට පත්තු පැණි මැල්ලුම් බඳිනවා. තුන්වන පියවර විහිහට ගෙදරරි තවා ගත්ත තැවිලි පොට්‌ටනියක්‌ තෛල ආලේaපයක්‌ දෙනවා. ඒක දින කීපයක්‌ කළාම සුවය ලැබෙනවා. සමහරු කියනවා සිංහල බෙහෙත් කරන්න ගොඩක්‌ කල් යනවා කියලා. ඒක කොච්චර මුසාවක්‌ද? මගෙන් ප්‍රතිකාර ගන්න එන්නෙ රටේ විවිධ ප්‍රදේශවල විවිධ රැකියාවල නියතු උදවිය. සමහරු ලක්‍ෂ ගණන් වියදම් කරලා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මාස ගණන් අවුරුදු ගණන් පෙති කරල් බීලා ඇඟත් නහරත් කරකර ගත්ත අයයි. ඇත්තෙන්ම මගෙ මේ ප්‍රතිකාර ? ආතරයිටිස්‌ රෝගියකුට උපරිම වශයෙන් මාසයකදී සුවය අත්වෙනවා.

මගෙන් අද අවසාන වතාවට බෙහෙත් ග්න ආපු අය මෙතන ඉන්නවා. ඒ අයගෙන් දැනගන්න පුළුවනි ගමේ වෙදකමේ ගුණ අගුණ. දම්පිටිය වෙදමහතාගෙන් සුවය ලබා අප වෙතට තොරතුරු සැපයූවන් රැසක්‌ වූ අතර ඉන් කිහිප දෙනෙකුගේ අදහස්‌ හැකි පමණින් ඔබ වෙතට දිගහැර දක්‌වමු. යක්‌කල කොස්‌කඳවල සිට පැමිණි චන්ද්‍රලතා විඡේනායක මහත්මිය මෙසේ අදහස්‌ එක්‌කළාය. මම අවුරුදු උත්සවයකදී කඹ අදින තරගයකට ගිහිල්ලා වෙච්ච වැටීමකින් කොඳු ඇටයක්‌ ඇද ගහලා, කොන්ද අමාeව හැදුණා. දැන් අවුරුදු අටක්‌ තිස්‌සේ ඉංග්‍රීසි ප්‍රතිකාර කෙරුවා. නවලෝක රෝහලෙන් කීවා කොඳු ඇටය හදන්න ඔපරේෂන් එකක්‌ තියෙනවා කරන්න ඒක කරන්න ලක්‍ෂ 5 කට වැඩිය යනවා. ජනාධිපති අරමුදලෙන් ලක්‍ෂ 2 ක්‌ අරන් දෙනවා. ඉතිරි ලක්‍ෂ තුන හොයාගන්න කියලා. ඒ අතරම රෝහලෙන් කීවා ඔපරේෂන් එක කළාම පසු කලෙකදී අංශභාගෙ හැදෙන්න ඉඩක්‌ තියෙනවා ඒකේ වගකීම අපට භාරගන්න බෑ කියලා.

ඔන්න ඔහොම අවදානම් තත්ත්වයක ඉද්දී තමයි කොබෙයිගනේ දම්පිටිය වෙද මහතා ගැන යක්‌කල ගල්තොටමුල්ල ප්‍රදේශයේ අක්‌කා කෙනෙක්‌ගෙන් දැනගන්න ලැබුනේ.

මොකද එයත් වෙද මහත්තයගෙන් ස්‌නායු ආබාධයකට බෙහෙත් අරන් හොඳටම සුවය ලබපු කෙනෙක්‌. ඒ විශ්වාසෙට මමත් එතුමාගෙන් ප්‍රතිකාර ගන්න ආවේ. මෙහාට ආප මුල් දවසෙ බොහොම කරුණාවෙන් බලලා කීවා මේකට ඔපරේෂන් කරන්නවත් සල්ලි සම්මාදන් කරකර ඇවිදින්න මම ඉඩ තියන්නෙ නෑ කියලා. මගෙ ලෙඩේ එතුමා භාරගත්තා. අද මම වෙද ගෙදරට ආපු තුන්වැනි වතාව. හරියට කොන්ද නමාගෙන දිග ඇරගෙන එක දිගට වැඩක්‌ කරන්න බැරිව හිටපු මට දැන් තියෙන සහනය කියාගන්න බෑ.

වෙද මහත්තයා කීවා අදින් පස්‌සෙ එන්න අවශ්‍ය නැහැ කියලා.

ජාඇල සිට පැමිණි ආර්. එම්. එස්‌. ප්‍රියන්ත මහතා – මම ආතරයිටිස්‌ රෝගය නිසා ඉංග්‍රීසි ප්‍රතිකාර ගත්තා. බැරිම තැන 2009 අවුරුද්දෙ කොළඹ මූලික රෝහලේ නැවතිලා ප්‍රතිකාර ගත්තා. එම්. ආර්. අයි. පරීක්‍ෂණ, ස්‌කෑන් පරීක්‍ෂණ කෙරුවා. මාස එකහමාරක්‌ රෝහලේ ඉඳලා දැනෙන සුවයක්‌ නැති තැන ටිකට්‌ කපාගෙන ගෙදර ආවා. ඊට පස්‌සෙ සිංහල බෙහෙත් වලට යොමුවෙලා ඉද්දී තමයි ජාඇල හිතවතියක්‌ මාර්ගයෙන් දම්පිටිය වෙද මහත්තයාගේ ප්‍රතිකාරවලට යොමුවුණේ. කොන්දෙන් පහළ කකුල් දෙකත් එක්‌ක වලංගු නැතිව හිටපු මට දැන් දෙපයින් මගෙ කටයුතු ටික කරගන්න හැකියාව තිබෙනවා. තව වතාවක්‌ දෙකක්‌ ප්‍රතිකාර කරන්න වෙයි කියලා වෙද මහත්තයා කීවා.

රංගිකා දුලාරි මහත්මිය ද ගම්පහ සිට සන්ධිපත් ඉදිමීම හා පාදවල කොරයට ප්‍රතිකාර ගැනීමට පැමිණ මේ වන විට සුවය ලබමින් සිටින වෘතියෙන් සෞඛ්‍ය සේවිකාවකි. කෘතිම දණහිසක්‌ බද්ධ කිරීමට සිදුව තිබූ ඇයට එකී දණහිස්‌ බද්ධයකින් තොරව පෙර පරිදිම කටයුතු කිරීමට වෙද මහතාගේ ප්‍රතිකාර තුළින් හැකියාව ලැබී ඇතැයි සතුටින් අප සමග පැවසුවේ දම්පිටිය වෙද මහතාට පිං දෙමිනි. මෙසේ ඔබට දම්පිටිය වෙද මහතා පිළිබඳ කී නොකී අප අත්දුටු දේ අනුව ප්‍රත්‍යක්‍ෂ වූයේ දහසකුත් දුක්‌ කම්කටොළු ඉවසා දරා ගනිමින් අසරණ රෝගින්ගේ දුක්‌ වේදනා උදුරා ගන්නා පාරම්පික වෙද මහතුන්ගේ වටිනාකමෙත් සමාජය තුළ දේශීය වෛද්‍යවරයාට හිමිකරදී ඇති තත්ත්වය හා වපසරිය කෙතරම් යුක්‌ති යුක්‌තිද යන්න නැවත නැවත විමසා බැලිය යුතු බවයි.

කොබෙයිගනේ දම්පිටිය වෙද මැදුරෙන් එදින අප සමුගන්නට සැරසෙද්දී වෙද මහතා සිය වෙදකමේ ඖෂධ සපයා ගැනීමේ සිට රෝගීන්ට ඇප උපස්‌ථානාදිය කිරීම තෙක්‌ සහයෝගය ලබාදෙන බිරිඳ වන මාලාරංජනී දියණියන් වන ප්‍රියංගිකා හේමකුමාරි ධම්මිකා ප්‍රීති කුමාරි ලබා දෙන්නා වූ පිටුවහල ආදරයෙන් සිහිපත් කළේය.

විමලසිරි අගලකඩ

පඬුවස්‌නුවර විශේෂ
මිස්‌සක සූරියබණ්‌ඩාර

Loading...