web counter
Loading...

පින්වත් දරුවන් උපදින්නට නම් මේ විදියට හැසිරෙන්න

Loading...

බුදුරජාණන් වහන්සේ කයේ මෙන්ම සිතේ නිරෝගී භාවය සහ පවිත්‍රතාව පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමු කළ ශාස්‌තෲවරයෙකි. නිරෝගී කම සඳහා පවිත්‍ර තාවය අත්‍යවශ්‍ය බව උන්වහන්සේ අවධාරණය කොට ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මෙම පවිත්‍රතාව කායික හා මානසික වශයෙන් දෙයාකාරයකට දක්‌වා ඇත.

මෙයින් කායික පවිත්‍රතාව නැවතත් බාහිර හා අභ්‍යන්තර වශයෙන් දෙයාකාරයකට බෙදා දැක්‌විය හැකිය. දත් මැදීම, මුහුණ කට සේදීම, ශරීර දෝවනය හා ස්‌නානය බාහිර පවිත්‍රතාව ලෙසද දුම්වැටි හා මත් වතුරින් වැළකීම, අපත්‍ය විය හැකි ආහාර පානාදිය ගැනීමෙන් වැළකීම හා පමණ ඉක්‌මවා ආහාර ගැනීමෙන් වැළකීම අභ්‍යන්තර පවිත්‍රතාව ලෙසද සඳහන් කළ හැක. ඒවාගේම අවශ්‍ය තරමට ව්‍යායාම් කිරීම කායික නිරෝගීතාව උදෙසා මහෝපකාරී වේ. කරුණාව, දයාව, මෛත්‍රිය, මුදිතාව නිතර සිත තුළ තිබීමත් මෛත්‍රී ආදී භාවනාවන් වැඩීමත් මානසික නිරෝගීතාව උදෙසාත් මහෝපකාරී වන බව උන්වහන්සේ අවධාරණය කොට ඇත. දැන් මේ සඳහන් කරන කරුණු ඔබට රටට ගුරුදෙගුරුන්ට වැඩදායක පින්වන්ත දරුවෙකු ලබාගන්නට පිරිය යුතු මූලික පිළිවෙත් වේ. පහත පිළිවෙත් හොදින් කියවා හැකි සෑමවිටම එA අනුව හැසිරීමට උත්සාහ කරන්න. හැබැයි මුලින්ම අවධාරණයෙන් කියන්න දෙයක්‌ තියනවා, තමන්ගේ අවශ්‍යතාව ඉටුකර ගැනීමට අවංක උවමනාව කැපවීම තියෙන්න ඕන මේ කාරණාවට. මම කියන නිසාවෙන්වත්, සහකරු හෝ සහකාරිය කියන නිසාවත් මේ පිළිවෙත් කරලනම් ප්‍රතිඵල ගන්න අමාරුයි.

1) තමන්ගේ නීත්‍යනුකූල බිරිඳ හෝ ස්‌වාමියා සමග ඇයට හෝ ඔහුට හිංසනයක්‌ නොවන පරිදි ලිංගික ජීවිත ගත කළ හැකි වුවත් ගැබ දරන කාලයේ අධික කාම ආශාවන් පාලනය කර ගන්න. පාලනය යනු එAවා තදින්ම සිත තුළ මිරිකාගෙන සිටීම නොවේ. ධර්මය ගැන සිහිකිරීම තුළින් එAවා පාලනය කරන්න. අනවශ්‍ය පරිදි ආශාවන් සන්තෘප්ත කරගැනීමෙන් වළකින්න.

2) ධාර්මිකව දවස ගෙවා දැමීම ඉතාම වැදගත් කොට සිහි තබාගන්න. නිතරම බුදුගුණ මෙනෙහි කිරීම ඉහළම ප්‍රතිඵල ලබා ගැනීමට සුදුසුම ක්‍රමයක්‌. මෙය කෙතරම් පුරුදු කළ යුතුද යත් ක්‍ෂණිකව ශරීරයේ යමෙකු හෝ යමෙක ගැටීමකදී පවා බුදුගුණ සිහිවන තරමට ප්‍රගුණ කරන්න. අපේ අයට හුරුවෙලා තිබෙන්නේ ගැටුණු දෙය සම`ග ගැටීමට නෙA.

3) උදේ දවල් සවස හැකි සෑම විටම අනන්ත බුදු ගුණයට උපහාර කරමින් තමන්ට හැකි උපරිම අයුරින් ජීවමාන බුදුන් වහන්සේට උපහාර කරමියි සිතාගෙන දානය ගිලන්පස පූජාවන් ආදිය තබන්න. පිරිසිදු ශීලයක්‌ රකිමින් ශ්‍රද්ධාවෙන් බුද්ධ පූජාකරන තැන්වලට සර්වඥ හා මහ රහත් ධාතුන් වහන්සේලා වඩින අවස්‌ථාත් තිබෙන බව අමතක කරන්න එපා. එහෙම වැඩියොත් ගෙදරට කිරි උතුරන බව සහතිකයි.

4) මාංශ භක්‍ෂණය කියන්නේ නරකම පුරුද්දක්‌. මතක තියා ගන්න ඔබේ සිතුවිලි අනුව තමයි දරුවගේ මනස සකස්‌ වෙන්නේ. අම්මගෙ විතරක්‌ නොවයි තාත්තගෙ හැසිරීමත් අම්මගෙ සිතුවිලි හරහා දරුවගේ මනසට බලපානවා. එA නිසා මේ කුණු මස්‌ මාංශවලින් කුස පුරවගෙන දරුවගේ අනාගතය නම් විනාශ කරන්න එපා. බටහිර ඊනියා වෛද්‍ය විද්‍යාවෙන් කියයි මාංශ භක්‍ෂණයෙන් වැළකීමෙන් එක එක අඩුපාඩු හැදෙයි කියලා. ඔය ගැටවලට අහුවෙන්න එපා. මාංශ භක්‍ෂණයෙන් දරුවට ලැබෙන්නේ විනාශයක්‌ පමණයි. සත්ව ආහාර වලින් කිරි ආශ්‍රිත ආහාර ගත්තටනම් ප්‍රශ්නයක්‌ නෑ. එAක බුදුරජානන් වහන්සේ පවා අනුදැන වදාළ දෙයක්‌.

5) සෑම විටම පිරිසිදු එළවළු පලතුරු පමණක්‌ ආහාරයට ගන්න. විෂ රසායන යොදලා හදන ඉදවන එළවළු පලතුරු කනවනම් ශරීරයට කොහොමත් අගුණයි. කඩෙන් ගන්නේ නැතුව තියන තැනකින් ගසෙන් නෙළාගන්න පුළුවන්නම් හරිම වටිනවා. එA විතරක්‌ නෙවෙයි මස්‌ මාංශ නොගැනීමෙන් සිsදුවෙනවා කියන විටමින් ඌණතා මේ පිරිසිදු ස්‌වාභාවික ආහාරවලින් මගහැරෙනවා. ඊට අමතරව තේ පානය වෙනුවට බෙලිමල් නෙල්ලි පොල්පලා වගේ දේවල් වගේම කැඳ වර්ගත් තමන්ගේ ශරීරයට සුදුසු ආකාරයට සිංහල වෛද්‍ය උපදෙස්‌ අනුව ගැනීම ඉතාම සුදුසුයි. විශේෂයෙන්ම ගොටුකොළ වගේ කැඳ වර්ග ලේ ධාතුව වර්ධනයට ඉතාම වැදගත්.

6) මෛත්‍රිය සිතේ සෑම විටම තබාගන්න. තරහ ඊර්ෂාව වෛරය සිතින් ඉවත්කර ගත යුතුමය. මොන කැඳ වර්ගයක්‌ ගැ`ඵම් ගනන් බීවත් වෛරයෙන් සිදුවන ලේ අපිරිසිදු බව කවදාවත් ශුද්ධ කරන්න නම් බැහැ. සිත නිතර බුදු බණට යොමු කරන්න. රාත්‍රී නින්දට පෙර පිරිත් සූත්‍ර කීපයක්‌ සඡ්Cධායනා කිරීමට හැකිනම් හරිම වටිනවා.

7) දෙදෙනාම මෛත්‍රී භාවනාව පුරුදු කරන්න ඕනෑ. එAක අනිවාර්යම අංගයක්‌. විශේෂයෙන්ම සහකරු සහකාරියට තරහ ඇවිස්‌සෙන්නේ නැති විදිහට වැඩ කරන්න ඕනැ. මවත් හැමවිටම ඉවසන්න පුරුදු වෙන්න ඕනෙමයි. අර අපේ අම්මලා කියන්නේ මාපට ඇ`ගිල්ලෙන් උඩට කිසි දෙයක්‌ ගන්න එපා කියලා. එA වගේ කිසිම දෙයක්‌ ගණන් ගන්න එපා.

8) තමන් වගේම ගැබිණි අයට විශේෂයෙන් සලකන්න. සතුන්ට පවා කරුනාවෙන් සලකන්න. කුඹල් ගෙවල් කැඩීම පැටව් ලැබෙන්න ඉන්න සතුන්ට හින්සා කිරීම විශේෂයෙන් අත්හළ යුතුයි. මස්‌ මාංශ ආහාරයට ගැනීම අප භයානකයි කියලා හඳුන්වන්නේ ඒ මස්‌ මාංශ ගැබ්බර සතුන්ගේ වෙන්න පුළුවන් නිසා. පුළුවන් කමක්‌ තියනව නම් මාතෘ සායනවලට දානයක්‌ දෙන්න. ගැබිණි වාට්‌ටුවලට දන් දෙන්න. හරිම වටිනවා.

මා හමුවීමට ආ එක්‌ යුවළකගේ ස්‌වාමියා තද බල ලෙස මස්‌ මාංශයන්ට ගිජු වී සිටියා. සෑම ආහාර වේලකටම මස්‌ මාංශ අවශ්‍යම බව ඔහුගේ බිරිඳ කියා සිටියා. ආහාර වේලකට මසක්‌ මාළුවක්‌ නොතිබුණොත් බිරිඳට අඩන්තේට්‌ටම් කිරීමට පවා ඔහු පෙළඹී සිටියා. නිතරම ශීතකරණය ඇර මස්‌ මාළු ඇතිදැයි බලන බවත් එAවා පිසින තුරු ඉවසුම් නොදෙන කේන්තියකින් පසුවෙන බවත් ඔහුගේ බිරිඳ මා හා පැවසුවා. දරුඵල සඳහා ආධ්‍යාත්මික සුවය පතාගෙන මා හමුවීමට පැමිණෙන යුවළක්‌ ඇත්නම් ඔවුන් දෙපලට අනිවාර්යයෙන්ම මත් වතුර දුම් බීම මස්‌ මාංශයෙන් තොරව ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව ඉතා ශීලවන්තව කළ යුතු වත් පිළිවෙත් මා ඔවුනට නියම කරනවා. ඉහත සිද්ධියට භාජන වූ යුවළට නියම කරන ලද වත්පිළිවෙත් කිරීමට නොහැකිව තිබුණේ පුරුෂයා අසාමාන්‍ය ලෙස මස්‌ මාංශයන්ට ගිජුව සිටිය නිසාවෙනි. මෙම කරුණ පිළිබඳව මා ධ්‍යානයට සමවැදී බැලූ කල ස්‌වාමි පුරුෂයාගේ ශරීරයට නිරි සතෙකු ඇතුළු වී සිටියා. නිරිසතාගෙන් තිබුණාවූ බාධාවන් ඉවත් කිරීමෙන් අනතුරුව අද වන විට ඇය අටමස්‌ ගැබිණියක වන්නට වාසනාව හිමිකර ගෙන තිබෙනවා. වාසනාවන්ත දරුවෙකුගේ මවුපියන් වන්නට ප්‍රාර්ථනා කරනා ඔබට පිළිපැදිය යුතු තවත් කරුණු අපි ඉදිරි කලාපයේදී කතා කරමු.

මහගොඩගේ යෝගී තුමා

Loading...