web counter
Loading...

ප්‍රථම ලිංගික එක්‌ වීමෙන් වසර 5ට පසු සැම තරුනික්ම අනිවාර්යෙන්ම මේ දේ සිදු කරන්න

Loading...

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සැදෙන පිළිකා අතුරින් ගැබ් ගෙල පිළිකාව දෙවැනි ස්‌ථානය ගනී. පුර්ව පිළිකා අවධියේදී හඳුනා ගත්තේ නම් එම තත්ත්වය පිළිකාවක්‌ බවට පත් වීම වැළැක්‌විය හැකිය.  ගැබ් ගෙල පිළිකාව බොහෝ දුරට ගැබ් ගෙල ආශ්‍රිතව හියුමන් පැපිලෝමා වෛරසය ආසාදනය දිගුකල් පැවැතීම මඟින් ඇති විය හැක.

පූර්ව පිළිකා අවදියේදී රෝග ලක්‌ෂණ නොමැති වූවත් පැප් පරීක්‌ෂණයක්‌ මඟින් රෝගය හඳුනා ගෙන නිසි ප්‍රතිකාර මඟින් පිළිකාව ඇති වීම වැළැක්‌වීය හැකිය.  ගැබ් ගෙල පිළිකාවක රෝග ලක්‌ෂණ යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනය, ලිංගික සංසර්ගයට පසු රුධිර වහනය, යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුතු ශ්‍රාවයක්‌ පිට වීම, මාස්‌ ශුද්ධිය නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිට වීම වැනි රෝග ලක්‌ෂණයන්ය. මෙම රෝග ලක්‌ෂණ පිළිකාවක්‌ නොවන තත්ත්වවලදීද ඇති විය හැකි බව සිහි තබා ගන්න.

ගැබ් ගෙල පිළිකාවක අවදානම වැඩි කවුරුන්ටද?

හියුමන් පැපිලෝමා නමැති වෛරස ආසාදිත කාන්තාවන්ට, අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹු කාන්තාවන්ට, බහු පුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන්ට, බහු ස්‌ත්‍රී සේවනයේ යෙදෙන පුරුෂයන් සමඟ ලිංගිකව සම්බන්ධ වන කාන්තාවන්ට, අක්‍රියව හෝ දුම් පානයේ යෙදෙන (සිගරට්‌ දුම ආඝ්‍රාතය කරන) කාන්තාවන්ට, විවිධ රෝග සඳහා ප්‍රතිශක්‌තිකරණය හීන කරවන බෙහෙත් ගන්නා කාන්තාවන්ට, ලිංගිකව බෝවන රෝග සෑදී ඇති කාන්තාවන්ට

ගැබ් ගෙල පිළිකාවක්‌ හඳුනා ගැනීම සඳහා පැප් පරීක්‌ෂණයකට සහභාගි වීමේදී මාස්‌ ශුද්ධිය නොමැති දිනෙක පරීක්‌ෂණ සඳහා යොමු විය යුතුය. පැප් පරීක්‌ෂණය නිරෝගි කාන්තාවන් වෙනුවෙනි. අවුරුදු 35 වැඩි කාන්තාවන් මේ සඳහා යොමු විය යුතු අතර, ලිංගික සම්බන්ධතා පවත්වන කාන්තාවන් පැප් පරීක්‌ෂණයට යොමු කරනු ලැබේ.

ලිංගික සම්බන්ධතා පවත්වන කාන්තාවන් ප්‍රථම ලිංගික එක්‌ වීමෙන් වසර 5 කට පසු පරීක්‌ෂණයට යොමු විය යුතුය.

රෝහල් මඟින් පැවැත්වෙන ප්‍රදේශයේ සුවනාරි සායන තුළින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මඟින් පවත්වනු ලබන සුවනාරි සායනයෙන් පිළිකා කලින් හඳුනා ගැනීමේ ජාතික සායනයෙන් නොමිලේ පැප් පරීක්‌ෂාව සිදු කර ගත හැක.

ඇල්විටිගල මාවත නාරහේන්පිට පිහිටා තිබේ. මෙහිදී ඔබට නොමිලේ සේවාවන් ලබා ගත හැක.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති දේශනයක්‌ මඟිනි.

ජාතික පිළිකා මර්දන වැඩසටහන

Loading...