web counter
Loading...

දියවැඩියාව නිසා පිරිහී යන ලිංගික ශක්‌තිය යළි නගා සිටුවීමට ආයුර්වේද ප්‍රතිකාර ඇත

Loading...

මම අවුරුදු 50 ක විධායක ශ්‍රෝණියේ රැකියාවක නියුතු පුද්ගලයෙක්‌මි. වසර පහක පමණ පටන් දියවැඩියා රෝගයට ප්‍රතිකාර ගනිමි. නමුත් මාගේ රුධිරයේ සීනි මට්‌ටම පහත බැසීමක්‌ සිදුනොවන අතර පහත පවතින කායික දුර්වලතාවයන්ද ක්‍රමයෙන් වැඩිවනවා මිස සුවපත් බවක්‌ පෙන්නුම් නොකරයි.

බලවත්ම ගැටලුව වන්නේ ලිංගික ශක්‌තියද සීඝ්‍රයෙන් පිරිහී යැමය. මෙම තත්ත්වය නිසා මම බලවත් ලෙස මානසික පීඩාවට පත්ව සිටිමි. වෛද්‍යතුමනි මාහට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය තුළින් පිළිසරණක්‌ ලබාගත හැකිද?

පිළිතුර – දියවැඩියාව හෝ වෙනත් කායික රෝග තත්ත්වයක්‌ කලක්‌ තිස්‌සේ පැවැතීමත් ඊට නිසි පිළියම් නොකිරීමත් නිසා පුද්ගලයකු කාලයක්‌ සමඟ විවිධ දුර්වලතාවයන්ට ලක්‌විය හැකිය.

ලිංගික ශක්‌තිය පිරිහී යැමද එයටම අදාළ කරුණකි. මෙවැනි තත්ත්වයන්ට ආයුර්වේද ප්‍රතිකාර කිරීමේදී පවතින මූලික රෝග තත්ත්වයන්ට සුදුසු ප්‍රතිකාර කරන අතරම පිරීහි ඇති කායික ශක්‌තීන් නැවත පුනර්ජීවනය කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඇති විශිෂ්ට වෛද්‍ය ක්‍රමයක්‌ මත රසායන සහ වාජිකරණ ඖෂධ භාවිතය අප සිදුකරනු ලබයි.

එවැනි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීමෙන් ඔබට දැන් පවතින සියලු රෝග තත්ත්වයනට සහනයක්‌ ලබාගත හැකි බව මට විශ්වාසයෙන් යුතුව කිව හැකිය.

ප්‍රශ්නය –

වෛද්‍යතුමනි මම වයස අවුරුදු 33 ක කාන්තාවක්‌මි. විවාහ වී වසර හතරක්‌ ගත වේ. තවම අපට දරුසම්පත් නොමැත. මේ සඳහා අප දෙදෙනාට සිදු කළ වෛද්‍ය පරීක්‌ෂණවලදී සැමියාගේ කිසිදු දොaෂයක්‌ නැති බව වාර්තා විය. මාගේ ඩිම්බ මේරීමේ ගැටලුවක්‌ ඇති බව හෙළි විය. මීට අමතරව මාගේ ශරීරයේ උෂ්ණාධික බව වැඩිවීම සහ ගැස්‌ට්‍රයිටීස්‌ තත්ත්වයක්‌ද පවතී.

මෙම තත්ත්වයන් මග හරවා ගෙන අපට ඉක්‌මනින් දරු ඵල ලබාගැනීමට ආයුර්වේද ප්‍රතිකාර තිබෙනවාද?.

මාලා කාන්ති – මීගමුව

පිළිතුර –

දරුවකු අපේක්‌ෂා කරන කාලයේදී කාන්තාවකගේ ශරීර අභ්‍යන්තර හෝමෝනවල අසමතුලිතතාවයක්‌ සහ වෙනත් කායික රෝග තත්ත්වයන් පැවතීම දරුඵල ලබා ගැනීමට මහත් බාධාවකි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් මේවාට පිළියම් ඇති අතර රෝගියා සමඟ සාකච්ඡා කර පරීක්‌ෂා කර බලා පවතින තත්ත්වය නිවැරදිව හඳුනාගෙන කායික දුර්වල තාවයන් මග හැරවීම සඳහා සහ ශරීර අභ්‍යන්තරයේ එන්සයිම සහ හෝමෝනවල සමතුලිතතාවය ඇති කරන ප්‍රතිaකාර යොදනු ලබයි.

එම ක්‍රමවේදය තුළින් ඔබට ඉක්‌මනින් නිරෝගී දරු සම්පත් ලබාගැනීමට වාසනාව උදාකර ගත හැකිය.

ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීම තුළින් ගර්භනී කාලයේදී ඔබට ඇතිවන අපහසුතාවයන්ද දුරකර ගැනීමට හැකියාව තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක 0713009088 හෝ 0713007000 ඇමැතීමෙන් වෛද්‍යතුමන් සම්බන්ධකරගත හැකිය.

Loading...