web counter
Loading...

දවස් 30න් මහත් වෙන්න විශ්මිත දේශීය රහස් බෙහෙත් වට්ටෝරු මෙන්න

Loading...

මහත අයට කෙට්ටු වෙන්න තියෙන බලවත් ආශාවත් කෙට්ටු අයට මහත් වෙන්න තියන බලවත් අශාවත් මොන වගේද කියලා ආයේ ඔයාලට අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නෑනේ. මිනිස්සුන්ට මේ ලෝකේ තියන ලොකුම ප්‍රශ්න දෙකක් තමයි මේ. මහත් වෙන්නත් කෙට්ටු වෙන්නත් නොයෙක් විදියේ ඖෂධ බටහිර වෙදකමේ තිබුනනත් ඒවායින් ඇතිවෙන අතුරු ආබාධ එහෙමත් නැත්තන් සයිඞ් ඉෆෙක්ට්ස් හරිම වැඩියි.

ඉතින් ඇග කෙට්ටු කරගන්න හරි මහත් කරගන්න හරි ඛෙහෙත් බීලා අන්තිමේට නැති ලෙඩ 1000ක් විතර හදාගෙනයි නවතින්න වෙන්නේ. ඔයාලා සමහරවිට දැකලත් ඇති සමහර උදවිය මහත් වෙන්න ඛෙහෙත් බීලා ඒයාලගේ මූන විතරක් මහත් වෙලා තියනවා. ඉතින් අද විශ්ම ලෝකයෙන් ඔයාලට කියලා දෙන්නම් අපේ ආයුර්වේදයේ තියන ඛෙහෙත් ක‍්‍රම මගින් ශරීරය මහත් කර ගන්න හැටි. මේ ආයුර්වේද ක්‍රම ඔයගොල්ලෝ නිවැරදිව භාවිතා කරොත් කෙසග ඇග හොද පෘෂ්ටිමත් ඇගක් බවට පත් කර ගන්න පුළුවන් වේවි

මෙන්න එහෙනම් රහස් දේශීය ඛෙහෙත් වට්ටෝරු

කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපලා එය මතට පිරිසිඳු කිතුල් පැනි දමා රාත්‍රී ආහාරයට පෙර කෑම.

රටඉඳි වල ඇට ඉවත් කර ඒතුලට එලගිතෙල් පුරවා මීපැනි මිශ‍්‍රිත භාජනයක බහාතබා, උදේ සවස ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එලකිරි පානය.

නැවුම් එලකිරි වලට පිරිසිඳු එලගි තෙල් ස්වල්පයක් දමා පානය කරන්න.

හාතවාරිය අල වලින් කැඳ සාද පානය කරන්න.

අලූත් උක් හකුරු,එලගි තෙල් හා මීපැනි සමග මිශ‍්‍රකර ගුලි සාදා කෑමට පසු ගැනීම.

තිප්පිලි, වියලි ඉගුරු චූර්නය ස්වල්ප ප‍්‍රමානයක් බත් සමග මිශ‍්‍ර කර කෑම (පිලිස්සුම් තුවාල ඇත්නම් අගුනයි.

බිත්තර සුදුමදය එලකිරි සමග මිශ‍්‍ර කර පානය.

කුෂ්මාන්ඩ රසායනය උදේ සවස තේ හැඳි 2ක ප‍්‍රමානයක් කා එල කිරි පානය කරන්න.

මහත් වෙන්න තවත් රහසිගත වට්ටොරුවක් පහලින් දක්වන්නම්. හැබැයි මේ ඛෙහෙත් වට්ටෝරුව කල් තබා ගැනීම ගැන ප්‍රශ්න තියෙනවා.

1 උදු පිටි ග්‍රෑම් 50ක්

2 රටඉදි ගෙඩි 20ක්

3 ඉදුණු අළු කෙසෙල් ගෙඩි 3ක්

4 එළගිතෙල් මි.ලි 50ක්

5 මීපැණි මි.ලි 50ක්

(පිරිසිදු එළගිතෙල්, මී පැණි හොයා ගන්න වෙනවා)

ඉස්සෙලම අළු කෙසෙල් පොතු හැර කැබලි කපා ගන්න.ඊට පස්සේ රටඉදි වල ඇට ඉවත් කරගන්න. දැන් මේ රටඉදි,අළු කෙසෙල් ටික වියලි බදුනකට දමා ගන්න. ඒකට ම ඔයා ලග තියෙන උදු පිටි ටිකත් දාලා හොදට අතින් පොඩි කරගන්න. මේක තලපයක් වගේ වෙන විදියට හොදට පොඩි කර ගන්න ඕන. ඒක හොදට හදා ගත්තට පස්සේ ඔයා කරන්න ඕන අර මී පැණි ටිකයි එළගිතෙල් ටිකයි එකට දාලා හොදට අනාගන්න. දැන් ඔයා ඛෙහෙත හදලා ඉවරයි.

වැදගත්ම දේ තමයි මේකට කෘමින් සහ සුළං නොයෙන ලෙස වසා තබා ගැනීමයි. දැන් මේ හදාගත්ත ඛෙහෙතෙන් නෙල්ලි ගෙඩියක් තරම් ප්‍රමාණයක් උදේ හවස ගන්න. එතකොට ඔයාගේ ඔය කෙට්ටුව මට්ටු වෙලා ඇගපත මහත් වෙනවා.කිසිම අතුරු ආබාධයක් නැතුව.ඔයාට සැක නැතුව මේක භාවිතා කරන්න පුළුවන් මොකද ඔයා ම හදපු නිසාත් මේකට දැම්මේ මොනවද කියලා ඔයා දන්නා නිසාත්.

අනිත් දේ තමා මේ සමග එළකිරි වීදුරුවක් ඉගුරු පෙති තුනක් පමණ දාලා පැය බාගයකට පස්සේ බොන්න. එතකොට තවත් හොද ප්‍රතිපල ඔයාට ගන්න පුළුවන්.අපි අපේ දේ විශ්වාස කරන්න ඕන.අනික මේක අත්දුටු වෙදකමක් වැඩි වියදමක් නැතුව අතුරු අබාධ නැතුව ඔයාට ඕන දේ කර ගන්න පුළුවන් වෙනවා.කරලම බලන්න ඔයාටම වෙනස තේරෙයි.

Loading...