web counter
Loading...

දත් කැක්‌කුම සමනය කර ගන්න නිවසේදී කළ හැකි පිළියම්

Loading...

වේදනාවන් අතරින් ඉවසන්න නොහැකි පීඩාකාරි වේදනාවක්‌ ලෙස දත් කැක්‌කුම හඳුනාගත හැකිය. බොහෝදෙනා මෙම වේදනාව ඇතිවූ විට ප්‍රතිකාර කිරීම ලෙස ෆාමයි වලින් ලබාගන්නා වේදනා නාශක භාවිත කරන අවස්‌ථා සුලබව දැකගත හැකිය.

එහෙත් ඔබේ නිවසේදීම ශරීරයට හිතකර දේශීය ප්‍රතිකාරයක්‌ කිරීමෙන් ඔබේ වේදනාව සමනය කරගත හැකියි. කරාබුනැටි තෙල්, දෙහි, ඉඟුරු, ලුණු වැනි එදිනෙදා භාවිතයට ගන්නා ස්‌වාභාවික ඖෂධවලින් ඔබට නිවසේදීම ප්‍රතිකාර කර ගැනීමට පහසුයි.

කරාබුනැටි තෙල්

දත් කැක්‌කුමෙන් අසහනයට පත් මොහොතක ඔබට භාවිත කළ හැකි සාර්ථකම ප්‍රතිකාරය මෙයයි. කරාබු නැටි තෙල් සහ පොල් තෙල් සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍රකර කපු පුළුන් කැබැල්ලක පොඟවා වේදනාව ගෙන දෙන දත අසලින් රඳවා තබා ගැනීම කළ යුතුයි. විනාඩි කිහිපයකින් ඔබේ දත් කැක්‌කුමෙන් ඇතිවන වේදනාව සමනය වන්නේ ඔබට සහනයක්‌ සැලසීමෙනුයි.

කරාබුනැටිවල පවතින ප්‍රතිබැක්‌ටීරියා කාරක ගුණය සහ ප්‍රදාහය කියන තත්ත්වය සමනය කරන ගුණය මෙම වේදනාව ස්‌වාභාවිකව සමනය කිරීමට හේතුවක්‌ වේ.

දෙහි

ආහාර රස ගැන්වීමට පමණක්‌ නොව රෝග සුවපත් කිරීමේදී ආයුර්වේදයේදී බහුලව දෙහි භාවිතයට ගනියි. දත් කැක්‌කුම නිසා ඇතිවන වේදනාවේදී දෙහි යුෂ ස්‌වල්පයක්‌ පුළුන් කැබැල්ලක තවරා වේදනාව ඇති ස්‌ථානයේ ඇතිල්ලීම කළ හැකියි.

දෙහිවල සිටි්‍රක්‌ අම්ලය හා විටමින් සී යන පෝෂණ සංඝටක අඩංගුයි. දත් වලට මෙන් විදුරු මස්‌ සඳහා සුවයක්‌ ලබාදීමට ප්‍රතිඔක්‌සිකාරක ලෙස ක්‍රියාකරන්නේ සිටි්‍රක්‌ අම්ලය හා විටමින් සී යන සංඝටකයි.

ඉඟුරු

ඉඟුරු නිවසක අනිවාර්යයෙන්ම පවතින ඔසුවකි. ඉඟුරු කැබැල්ලක්‌ තලා එම තලපය ඔබගේ දත් කැක්‌කුම පවතින ස්‌ථානයේ තැබීම කළ හැකියි.

ඉඟුරුවල ඇති සැර ගතිය හේතුවෙන් ප්‍රථමයෙන් යම් අපහසුතාවක්‌ දැනුවාද සුළු වේලාවකින් පසුව දත හිරිවැටී ඇති බවත් ඔබට දැනෙයි. ඉන් අනතුරුව ඔබට සහනයක්‌ ලැබී දත් කැක්‌කුම සුව වේ.

ලුණු

දත් කැක්‌කුම ඇති ස්‌ථානයේ ලුණු තබාගෙන මඳ වේලාවක්‌ සිටීමෙන් ඔබට සහනයක්‌ හිමිවේ.

ලුණුවල පවතින විෂබීජ නාශක ගුණය මගින් දත් ආශ්‍රිත ඇති විෂබීජ නාශනය කිරීමක්‌ද සිදු වේ.

සටහන – මදුශානි ගමගේ
අන්තර්ජාලය ඇසුරිනි

සංස්‌කරණය වසන්තා ශ්‍රියාකාන්ති

Loading...