web counter
Loading...

ගැස්‌ට්‍රයිටිස්‌ වලට මාසයයි අර්ශස්‌ වලට තුන්මාසයයි ඔබටත් මේවා තියෙනවනම් දැන්ම කියවන්න

Loading...

ප්‍රශ්නය – ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය මාසයක්‌ තුළ සුව කරන ක්‍රම වේදයක්‌ ඔබ අනුගමනය කරන ආයුර්වේද පරම්පරාව සතුව තිබෙන බව මෙයට දෙසතියකට පමණ පෙර ඔබ අපට කිව්වා. එය විස්‌තර කළ හැකිද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – ඔබ දන්නවා ආයුර්වේදය තුළ එක්‌ එක්‌ ගුරුකුල තිබෙනවා. උදාහරණයක්‌ ලෙස චරක ආචාර්යවරයාට අනුව බෙහෙත් කරන ගුරුකුල තිබෙනවා. එසේම සුශ්‍රැත ආචාර්යවරයාට අනුව බෙහෙත් කරන ගුරුකුල තිබෙනවා. ජ්‍යෝතිෂය ගත්තොත් ලෝකයාතන ක්‍රමයට හඳහන් බලන අය ඉන්නවා. කෘෂ්ණ මූර්ති පද්ධතියට හඳහන් බලන අය වෙනම ඉන්නවා. නීච කුල ක්‍රමවේද කියලා තවත් වෙනම ක්‍රමයක්‌ තිබෙනවා, පහත් යෑයි සම්මත කුලවලට අයිති. ඒ වගේම සිංහල බෙහෙත් ක්‍රමවල ගුරුකුල රැසක්‌ තිබෙනවා. සමහර ප්‍රාදේශීය ගුරුකුල තිබෙනවා, ඒ පළාතට විතරක්‌ ආවේණික විදියට බෙහෙත් කරන. සමහර ප්‍රදේශවල දේශීය වෛද්‍යවරු බඩ විරේක කරන්නේ අරළු වලින්. තවත් ප්‍රදේශයක මේ සඳහා ගන්නෙ සෙනෙහෙකොල. සමහර වෙද පරම්පරා තිබෙනවා, එක පුස්‌කොල පොතක්‌ විතරක්‌ තබාගෙන බෙහෙත් කරන. අට අනූවක්‌ රෝග සහ නව අනූවක්‌ ව්‍යාධිවලට බෙහෙත් ඒ පොතේ තිබෙනවා. ඒ පොත වෛද්‍ය විද්‍යාලයක්‌ හා සමානයි. බුද්ධදාස රජුගේ සාරාර්ථ සංග්‍රහය කියන වෙද පොත විතරක්‌ තබාගෙන බෙහෙත් කරන අය ගැන මා දන්නවා. ඔය විදියටම මා අයත් නවගමුවේ වෙද පරම්පරාවත් තමන්ට ආවේණික ප්‍රාදේශිය ක්‍රමයකට තමයි බෙහෙත් කරන්නේ. අපි වෙදකම තුළ මූල අග්නි (අර්ශස්‌) රෝගය සහ ගැස්‌ට්‍රයිටිස්‌ යන දෙකම අත්දුටු ප්‍රතිකාර කරනවා.

ප්‍රශ්නය – ඉතින් මොකද්ද මේ ගැස්‌ට්‍රයිටිස්‌ සඳහා වන මාසයකට සීමා වූ ප්‍රතිකාර කතාව?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – ගැස්‌ට්‍රයිටිස්‌ කියන්නේ අම්ල සහ පිත මූලික කරගත් රෝගයක්‌. සමහර ආහාර වැරදුනාමත්, විහරණ හෙවත් ඇවතුම් පැවතුම් විදි වැරදුනාමත් උදරයේ ආම්ලික සහ පිත් තත්ත්වය කෝප වෙනවා ඒ අනුව අප මුලින්ම කරන්නේ අම්ල සහ පිත්ත දෝෂ කුපිත නොවන ආහාර රටාවකට රෝගියා හැඩ ගැස්‌සවන එකයි. එනම් පොල්, මිරිස්‌ අඩු ආහාර වේලකට රෝගියා පුරුදු කරන එකයි. ඒ එක්‌කම බඩවැල්වල තිබෙන තුවාල සුව කරන බෙහෙත් පටන් ගන්නවා. ඒවා 100% ක්‌ම පිරිසිදු කසාය. අප මධ්‍යසාර අඩංගු අරිෂ්ට දෙන්නේ නැහැ. ඒවා අපේ සිංහල වෙදකමේ ඇත්තෙත් නැහැ. හැබැයි ගුලි, චූර්ණ, කල්ක යනාදිය දෙනවා. රෝගියා හරියාකාරව හැසිරෙනවා නම් ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය මාසයක්‌ තුළත් අර්ශස්‌ රෝගය මාස තුනක්‌ තුළත් සුව කළ හැකියි. සුව කළ රෝගය යළි මතු කර නොගැනීමේ වගකීම තිබෙන්නේ ලෙඩා අත මිස වෛද්‍යවරයා අත නොවෙයි.

ලබන සතියට   නොමිලේ විස්‌තර සඳහා  0713464276/ 0759061771  අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Loading...

Add Comment