web counter
Loading...

කෝට්ටෙන් පෙරලිලා හැදෙන බෙල්ලේ ඇමැට්ටිය හොද කරගන්න මෙන්න ක්‍රම – නිදි උලුක්කුවට ප්‍රතිකාර

Loading...

නළලට තම අත් දෙක තබාගෙන නළලෙන් ශක්තිය ගෙන අත් දෙක තද කරන්න.

මෙවිට ගෙලෙහි චලයනයක් සිදු නොවිය යුතුය. නළලෙන් ගන්නා ශක්තියට සමාන ශක්තියක් අත් මඟින් යෙදිය යුතුය. ඉන් පසු එක්වර තද කිරීම නතර කරන්න. එවිට පේශීය උපරිමයට සංකෝචනය වී එක්වර ඉහිල් වේ. මෙමඟින් පේශියේ දෘඪ භාවය නැතිවනවා මෙන්ම පේශිය ශක්තිමත් ද වේ.

ඉන් පසු අත හිස පැත්තෙන් තබා එදෙසට හිසෙන් ශක්තිය ගෙන තද කරගෙන සිට පෙර මෙන් එකවර ඉහිල් කරන්න.

මෙලෙස අත්ල හිසේ පිටුපසට තබා තද කරගෙන සිට එක්වර නිදහස් කරන්න.

මෙම ව්‍යායාමය හිසේ හතර දිශාවටම තබා එක් වරකදී එක් පැත්තකට 10වරක් පමණ දවසකට 3 වරක් කරන්න. එවිට මෙය සුව වේ.

දින 3ක් ඉක්ම ගියද සුව නොවුණොත් භෞතචිකිත්සාවේ යෙදෙන තාප ප්‍රතිකාරයක් වන ආධෝරක්ත කිරණ ලබාදී සම්පුර්ණයෙන්ම මෙය සුව කළ හැකිය.

නිදි උලුක්කුව

ඇතැම් පිරිස්/ නින්දෙන් අවදි වූ පසු බෙල්ලේ උලුක්කුවක්, ඇමැට්ටි වීමක් ඇති බව පවසන වාර ඔබට අනේකවත් අසන්නට ඇති. තමන් නිදාගත් කොට්ටය අව්වේ දමා හොඳින් වේල ගත්තොත් පසුදා හොඳින් නිදා ගැනීමට හැකි බව ගැමියන් අතර ප්‍රචලිත කරුණකි. නමුත් නිදි උලුක්කුවට නිසි ප්‍රතිකාරය එය නම් නොවෙයි.

දැඩිව නින්දයාම හේතුවෙන් ගෙල ආශි‍්‍රතව මාංශ පේශීවල සිදුවන ඇදීම නිසා එය අනතුරට පත්වී මාංශ පේශිවල දෘඪ බවක් ඇති කරයි. එම මාංශ පේශිවල දැඩි බව ගෙන ඒමෙන් පේශීය තවදුරටත් ඇදීම වැලැක්වීමට ස්වභාවයෙන්ම කටයුතු කරන්නේ එහි ආරක්ෂාවටයි.

නින්දෙන් පේශියක් උපරිමය ඇදීමකට ලක් වී අනතුරට පත්වීමට පෙර ස්වභාවයෙන් එම පුද්ගලයා අවදි කිරීමට ඔහුගේ මොළය කටයුතු කරන්නේ ඔහුට හෝ ඇයට බියකරු සිහිනයක් පෙන්වා ගස්සමින් ඔහුගේ හෝ ඇයගේ එම ඉරියව්ව වෙනස් කර, පේශිය ඇදීමට ලක් වී ඇති වන අනතුරු වළක්වා ගැනීමටයි. නමුත් සමහරුන්ට දීර්ඝ දැඩි නින්දේදී මෙය සිදු නොවී පේශිය අනතුරට පත්වී නිදි උලුක්කුව ඇති වේ.

වැරදි ඉරියව් නිසා ටෝටිකෝලීස් තත්ත්වය ඇති වීමට ද පුළුවන. බොහෝ අවස්ථාවලදී දෙමාපියන් විසින් දරුවන් එකම අතට තබාගෙන මව්කිරි දීම, නිදි කරවීම ආදී වැරදි ඉරියව් නිසා මාංශ පේශීන් කෙටි වීමෙන් මේ තත්ත්වය ඇති විය හැක. එබැවින් දරුවන්ට කිරි දීමේදී දරුවා එකම පැත්තට නොව දෙපැත්තට හරවා කිර දීම ඉතා වැදගත්ය. තවද නිදිකර වීමේදී මොහොතක් හිස දකුණු පැත්තට තවත් මොහොතකදී හිස වම් පැත්තකටද හරවා තැබිය යුතුය.

නිදි උලුක්කුව ඇති වූ අවස්ථාවල දී සිදුකළ යුතු ප්‍රතිකාර

නිදි උලුක්කුව ඇති වූ අවස්ථාවන්වල දී ගෙල අයිස්වලින් තැවීම සිදුකළ යුතු වේ. එහිදී තැබීමට ගන්නා අයිස්, රෙදි කැබැල්ලක ඔතා තැවීම සිදුකළ යුතු අතර එක තැන වැඩි වේලාවක් තබා සිටීම සුදුසු නැත. මෙම ප්‍රතිකර්මය පළමු දිනයේදී සිදුකළ යුතු අතර එදින තුළ බෙල්ල හැරවීමට හෝ කරකැවීමට උත්සාහ නොගත යුතුය. බොහෝ දෙනෙක් සිතනුයේ කෙසේ හෝ නැති වූ චලන පරාසය ඉක්මනින් ලබා ගැනීමය. එලෙස සිදු කිරීමෙන් රෝගී තත්ත්වය වැඩි වේ. මාංශ පේශීන්වල දෘඪ භාවය තවත් වැඩි වේ.

මේ සඳහා ප්‍රථමයෙන් කළ යුතු වන්නේ ඇදීමට ලක් වූ පේශිය ඉහිල් කරන ව්‍යායාම සහ විවේකයයි.

පේශීන් ඉහිල් කරන ව්‍යායාමයක්

මේසයක් ළඟ පුටුවකින් වාඩි වී, නිකට තෙක් මේසය මත කොට්ට තබා, ඔඵවේ බර කොට්ට මතට නිදහස් කරන්න. එවිට ඔළුවේ බර බෙල්ලට ගමන් නොකර නිකට හරහා කොට්ට මතට වැටෙන බැවින් ගෙලෙහි පේශිවලට ඇති වන ආතතිය නැති වී එය ඉහිල් වේ. එවිට දෘඪ භාවය නැති වී යයි. ඉන් පසුව මේ සඳහා ස්ථිති ව්‍යායාම සිදු කළ හැක. (ඉබචබඪජ ඥයඥපජඪඵඥඵ)

නළලට තම අත් දෙක තබාගෙන නළලෙන් ශක්තිය ගෙන අත් දෙක තද කරන්න.

මෙවිට ගෙලෙහි චලයනයක් සිදු නොවිය යුතුය. නළලෙන් ගන්නා ශක්තියට සමාන ශක්තියක් අත් මඟින් යෙදිය යුතුය. ඉන් පසු එක්වර තද කිරීම නතර කරන්න. එවිට පේශීය උපරිමයට සංකෝචනය වී එක්වර ඉහිල් වේ. මෙමඟින් පේශියේ දෘඪ භාවය නැතිවනවා මෙන්ම පේශිය ශක්තිමත් ද වේ.

ඉන් පසු අත හිස පැත්තෙන් තබා එදෙසට හිසෙන් ශක්තිය ගෙන තද කරගෙන සිට පෙර මෙන් එකවර ඉහිල් කරන්න.

මෙලෙස අත්ල හිසේ පිටුපසට තබා තද කරගෙන සිට එක්වර නිදහස් කරන්න.

මෙම ව්‍යායාමය හිසේ 4 දිශාවටම තබා එක් වරකදී එක් පැත්තකට 10වරක් පමණ දවසකට 3 වරක් කරන්න. එවිට මෙය සුව වේ.

දින 3ක් ඉක්ම ගියද සුව නොවුවොත් භෞතචිකිත්සාවේ යෙදෙන තාප ප්‍රතිකාරයක් වන ආධෝරක්ත කිරණ ලබාදී සම්පුර්ණයෙන්ම මෙය සුව කළ හැකිය.

Loading...

Add Comment