web counter
Loading...

කොන්දේ ආබාධවලට ක්‍ෂණික සුවදෙන ප්‍රතිකාර

Loading...

රාත්‍රියේ නිදාගෙන උදැසන අවදි වූ විට කොන්දේ වේදනාවක්‌ බෙල්ලේ වේදනාවක්‌ හටගත් අත්දැකීම් අප බොහෝ දෙනකුට පවතී. මෙවැනි අවස්‌ථාවකදී අප පවසන්නේ වැරදි ඉරියව්වක සිටීම නිසා මෙම තත්ත්වය මතුවූ බවය.

වෛද්‍යතුමනි, වැරදි ඉරියව්වක සිටීමෙන් සිරුරේ ඇතිවන වෙනස්‌කම් මොනවාද?

අපි ඇවිදින විට, වාඩිවී සිටින විට, දිවීම, පැනීම, නිදාගැනීම, බරක්‌ ඉසිලීම ඇතුළු සාමාන්‍ය ජීවිතයේදී සිදුකරන ක්‍රියාකාරකම් වලදී ඒ සඳහා උපකාරීවන්නේ ශරීරය අභ්‍යන්තරයේ ඇති පටල, පටක, පේශී සහ අස්‌ථි යන ඉන්ද්‍රීය කොටස්‌ය.

අප නිවැරදි ඉරියව්වලට අනුව කටයුතු නොකරන විට මෙම ඉන්ද්‍රිය කොටස්‌වල වෙනස්‌කම් සිදුවෙනවා.

උදාහරණ දක්‌වතොත් අපි පඩිපෙළක්‌ බසින ආකාරය ගනිමු. පඩියක්‌ අතර පාද තබන සාමාන්‍ය ඉරියව්ව වෙනස්‌ කරමින් පඩියක්‌ හැර පඩියක්‌ අතර පාද තබමින් ගමන් කළොත් උකුල, දණහිස, මැණික්‌ කටුව හෝ ඇඟිලිවල ක්‍රියාකාරිත්වයේ වෙනසක්‌ සිදුවිය හැකියි. එවිට එම ඉන්ද්‍රීය කොටස්‌ පිහිටි ස්‌ථානවල තද වේදනාවක්‌ ඉදිමුමක්‌, නිල් පාට වීමක්‌ හෝ තැලීමක්‌ වැනි වෙනසක්‌ ඇතිවෙනවා.

මෙවැනි අවස්‌ථාවනට බහුලවම ලක්‌වන්නේ කොඳුඇට පෙළ, උරහිස සහ උකුල වැනි ස්‌ථානය.

මීට අමතරව ශරීරයේ ඇති ඕනෑම හන්දියක විකෘතිතාවක්‌ ඇතිවීමටද ඕනෑතරම් ඉඩ තිබෙනවා. ඉන් වැළකී සිටීමට නම් අප එදිනෙදා ජීවිතයේදී කටයුතු කරන විට නිවැරදි ඉරියව් අනුගමනය කළ යුතුයි.

එවැනි වැරදි ඉරියව්වල හිඳ කටයුතු කිරීම නිසා බහුලවම හානියට ලක්‌වන ඉන්ද්‍රියයක්‌ වනුයේ කොඳුඇට පෙළය. කොඳුඇට පෙළ ක්‍රියාකරන අස්‌ථි 26 ක්‌ පවතින නිසා එහි කුමන හෝ අස්‌ථියක්‌ අතර වෙනස්‌කමක්‌ ඇතිවුවහොත් කොන්දේ වේදනාව මතුවෙනවා.

කොඳුඇට පෙළෙහි සෑම අස්‌ථි දෙකක්‌ අතරම තරුණ අස්‌ථියක්‌ හෙවත් ජෙලි ස්‌ථරයක්‌ පිහිටා තිබෙනවා. ඉන් සිදුවන්නේ අස්‌ථි දෙකක්‌ අතර ගැටීම නවතාලීමත් අස්‌ථි ක්‍රියාකිරීමේදී ඇතිවන කම්පනය දරාගැනීමත් කොඳුඇට පෙළ හොඳින් නැමීම දිග හැරීම පහසු කරවීමත්ය.

අපගේ කනෙහි බාහිර කණ සෑදී ඇත්තේද මෙවැනි තරුණ අස්‌ථියකිනි. නාසයේ අග කොටස සෑදී ඇත්තේද එවැනි තරුණ අස්‌ථියකිනි.

වෛද්‍යතුමනි මෙලෙස සිරුරේ වෙනස්‌කමක්‌ ඇතිවුවහොත් ආයුර්වේදයේදී ලබාදෙන ප්‍රතිකාර මොනවාද?

ආයුර්වේදයේ ඇත්තේ තෙල් ගෑමේ (තෛල අභ්‍යංග) උණු වතුරින් තැවීම, පොට්‌ටනිවලින් තැවීම (පිණ්‌ඩස්‌වේදය), හුමාලයෙන් තැවීම (වාෂ්ප ස්‌වේදය) වැනි ප්‍රතිකර්මත් පත්තු බැඳීම, මැල්ලුම් බැඳීම ආදී ප්‍රතිකර්මත්ය.

අපගේ පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම අනුව මෙවැනි අවස්‌ථාවන් සඳහා කරනු ලබන විශේෂ ප්‍රතිකාර ක්‍රමයකුත් තිබෙනවා.

එය සිදුකරනු ලබන්නේ ඖෂධීය තෙල් වර්ග තුනක්‌ මගිනි.

වෛද්‍යතුමනි මෙම ප්‍රතිකාරය ගැන පැහැදිලි කිරීමක්‌ කළ හැකිද?

අප මෙම ප්‍රතිකාරය බහුලවම යොදාගන්නේ කොන්දේ ආබාධ සහ කොඳු ඇට පෙළෙහි විකෘතිතා ඇතිවූ රෝගීන් සඳහායි.

උපතින්ම හෝ පසු කාලීනව කොඳුඇට පෙළෙහි විකෘතිතා ඇතිවූ රෝගීන්ට අප සිදුකර ඇති ප්‍රතිකාර මගින් සම්පූර්ණ සුවයක්‌ ලැබී තිබෙනවා.

මෙහිදී සිදුකරන්නේ ඖෂධීය තෙල්වර්ග තුන බුලත් කොළ මගින් අදාළ ස්‌ථානයේ ආලේප කිරීමයි. ඉන්පසු බුලත් කොළ 07 කින් එම ස්‌ථානය වසා පසුව තුවායකින්ද වසා විනාඩි 05 ක්‌ පමණ තබනවා.

මෙලෙස විනාඩි 05 ක්‌ පමණ යනවිට ඖෂධීය තෙල් වල සිසිල් බව ක්‍රම ක්‍රමයෙන් පහව ගොස්‌ උණුසුම් වන්නට පටන් ගන්නවා.

මෙම උෂ්ණත්වය සාමාන්‍ය පුද්ගලයකුට දරාගත හැකියි.

විනාඩි 05 කින් පසු වෛද්‍යවරයා විසින් තම මහපට ඇඟිලිවලින් කොඳුඇට පෙළ පිරිමදිමින් අදාළ විකෘතිතාවයන් සුවපත් කරනවා.

මෙම ප්‍රතිකාරයේදී යම් පුද්ගලයකුගේ සිරුරේ පිත හෝ සෙම කෝප වී තිබුණේ නම් එයද යම් කිසි මට්‌ටමකට සුවපත් වෙනවා.

අපගේ මෙම ප්‍රතිකාරය මගින් රෝගියාට ක්‍ෂණිකව සුවය ලැබෙනවා. එනිසා ප්‍රතිකාර වලින් වරුවකට පමණ පසු එම පුද්ගලයාට තමාගේ සාමාන්‍ය රාජකාරී කටයුතුවල යෙදිය හැකියි.

නමුත් දින හතරක්‌ පමණ යනතුරු දිවීම, පැනීම, දුර ගමන්යාම, යතුරු පැදි ධාවනය, ත්‍රිරෝද රථ වැනි ගැස්‌සෙන වාහනවල ගමන් කිරීම නොකළ යුතුයි.

මෙම ප්‍රතිකාර පිළිබඳව ඔබට වැඩිදුර විස්‌තර ලබාගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 011-2431530 ඇමැතිය හැකිය.

Loading...