web counter
Loading...

කිරි අම්මාවරුන්ගේ දානය නිවැරදිව තියන්නේ මෙහෙමයි

Loading...

එදා නියඟය දුරුවී වැස්‌ස ලබාගැනීමේ මෙන්ම දෙවියන්ගේ ලෙඩ හෙවත් සරම්ප, පැපොල, කම්මුල්ගාය වැනි රෝග නිවාරණය කර ගැනීම සඳහාත් පත්තිනි දෙවියන් හට බාර වී ඇයගේ ආශිර්වාදය ලබාගැනීම පිණිස සිදුකළ කිරි අම්මාවරුන්ගේ දානය අද වන විට බොහෝ දෙනා සෞභාග්‍යය සශ්‍රීකත්වය උදාකර ගැනීම සඳහා ද පවත්වන්නාවූ බොහෝ ආනිශංස ලබාදෙන උතුම් පිංකමකි.

පත්තිනි මෑණියන්ගේ උප්පත්ති කතා ප්‍රවෘත්තියට අනුව සත් වාරයක්‌ මෙලොව උපන් හෙයින් සත් පත්තිනි නම් වන අතර එකී ආත්ම චාරිකාව සංකේතවත් කරමින් කිරි අම්මාවරුන් සත් දෙනකුට කිරි ආහාර පූජා කර ඔවුන් සතුටු කරවා එම කුසල් පත්තිනි මෑණියන්ට අනුමෝදන් කර ඇයගේ පිහිට ආරක්‍ෂාව ලබා තම කටයුතු සාර්ථකත්වයට පත්කරගත හැකි සුවිශේෂ දානමය පිංකමකි.

මොල පත්තිනි, කරමාල පත්තිනි, ගිනිමාල පත්තිනි, දෙවොල් පත්තිනි, සමන් පත්තිනි, අයිපරා පත්තිනි, සිද්ධ පත්තිනි යන නාමයන්ගෙන් පෙනී සිටිමින් දිවිහිමියෙන් පතිදම් සුරැකි පත්තිනි දෙවඟන සතු ශක්‌තිය හා කරුණාව අප වෙත ළඟාකර ගැනීම උදෙසා අප විසින් සකස්‌ කරන කිරි දානය පවිත්‍ර වූ ෙච්තනාවෙන් නොඉඳුල්ව සකස්‌ කළ යුතු අතර ගුණවත් චරිතවත් අම්මාවරුන් සත්දෙනකු ඒ සඳහා පා දොaවනය කොට වඩම්මවා ගැනීමට ද කල්පනාකාරී විය යුතුය.

තම යහපත, දියුණුව, සශ්‍රීකත්වය බලාපොරොත්තු වන ඕනෑම අයෙක්‌ තම තමන් සාධාරණව උපයාගත් මුදලින් තමන්ට පහසු දිනයකදී පත්තිනි මෑණියන් මූලික කර ගනිමින් කිරි අම්මාවරුන්ගේ දානය පිළිගැන්වීම සූදානම් කරගත හැකිය.

එදිනට දානය දීමට සූදානම් කර ඇත්තේ තම නිවසෙහි නැත්නම් ව්‍යාපාරික ස්‌ථානයෙහි නම් එම ස්‌ථානය පිරිසිදු කොට කහ දියර ඉස උඩු වියන් බැඳ පැමිණෙන මවුවරුන් සත්දෙනාගේ පා දොaවනය කර එතැන් සිට පාවඩ එලා මහත් හරසරින් කැඳවා පැදුරු මත සුදු පිරුවට එලා ආසන සැකසිය යුතුය.

ගෙහිමියා හෝ ව්‍යාපාරික ස්‌ථානයේ හිමිකරු විසින් පැමිණි ප්‍රධාන කිරි අම්මාගේ ද සහාය ඇතිව පළමුව බුද්ධ පූජාව පූජා කළ යුතු අතර ඊට මඳක්‌ පහළින් පිළියෙල කරගත් විශේෂ ආසනයක්‌ මත පත්තිනි දේවියගේ පිළිමයක්‌ හෝ පිංතූරයක්‌ තබා කහ පැහැති සුවඳ මල්, පහන්, සුවඳ දුම්, පලතුරු වට්‌ටියක්‌ සමඟ දානය වෙනුවෙන් සකස්‌ කරගත් කිරිබත්, කිරියා, කැවුම් ආදිය ද පූජා කර මෙලෙස කන්නලව් කරන්න.

ශ්‍රී සිද්ධපත්තිනි දෙවියනි ඔබ වහන්සේ ඇතුළු කිරි අම්මාවරුන්ට ඉතා පිරිසිදුවෙන් පිළියෙල කළා වූ මෙම දානය ඉතා ගෞරවයෙන් පිළිගන්වන ලද අතර මෙම දානය පිළිගෙන අප වෙත බලපාන්නා වූ යම් අතුරු ආන්තරාවක්‌ වසංගතයක්‌ ග්‍රහ අපලයක්‌ ඇස්‌වහක්‌ කටවහක්‌ ඇත්නම් ඒ සියලු දොaසාන්ධකාර දුරුකර අප වෙත දියුණුව සෞභාග්‍යය උදාකර සිරිසෙත උදාකර දෙන සේක්‌වා.

කිරි අම්මාවරුන් දානය වළ¹ කිරි උතුරවා තම අසුන්වලින් නැගිට දෙවියන්ගේ ආසනය වැඳ නමස්‌කාර කර අදාළ ගාථා කියමින් රැස්‌ව සිටින පිරිසට දෙවියන් උදෙසා දල්වන ලද පහනෙහි තෙල් හිසෙහි ආලේප කර සෙත් පැතීමෙන් පසු දානයේ කටයුතු නිමාවට පත්වේ.

ශාන්ති කවි

සරසා මග තොට කුඩ කොඩි බඳවා

දෙපා දොවා සුදු පියවිලි සදවා

පූප කැවිලි සහ රඹකැන් ඉදවා

දන් දුනි කිරි අම්මාවරු කැඳවා

චන්දන ගෑ දුම් දස දෙස පැතිරූ

පිරිසිදු අසුනක පිරුවට ඇතිරූ

කිරිබත් වැළඳීමෙන් රස මියුරු

අම්මාවරු සලසති යම් ඉසුරු

දානෙට වැඩි කිරි අම්මා වරුනේ

ලෝ සත වෙනුවෙනි කිරි එරුණේa

සලකා මෙම දානයෙ පුර වරුණේ

සෙත් දෙන් සත් පත්තිනි දෙවි වරුණේ

සත් පත්තිනි දෙවියන් සිහි කරලා

දුන් මෙම දන් පිළිගෙන මෙත් කරලා

මොවුනගෙ දුක දොම්නස්‌ බිඳ පෙරළා

සෙත් සලසනු වරදැති මුත් දුරලා

ඔබගේ නම මුල් කර මෙම කිරි බත

ගරු බුහුමන් සහිතව වෙන් කර ඇත

නොදැන ඇතත් වරදක්‌ ඔවුනගෙ අත

දුරැර සලස්‌වා ලනු මැනසිරි සෙත

කිරිබත් රඹකැන් කැවිලි පිදෙනවා

බුලත් කපුරු දුම් පඬුරු පිදෙනවා

සුවඳ විහිදමින් කිරි ඉතිරෙනවා

සත් පත්තිනි දෙවි දිවැස්‌ හෙළනවා

සිහි කරගෙන දෙවියනි ඔබෙ නාමය

ඉටු කළෙ කිරිබත් දානය දීමය

ඇතිකර මේ අය වෙනුවෙන් ප්‍රේමය

සලසනු මැන මේ නිවසෙහි සාමය

පත්තිනි දෙවියනි දිවැස්‌ හෙළන්නයි

වරදක්‌ ඇති මුත් සමාව දෙන්නයි

අප දෙන මේ පින් සෙත් ලැබ ගන්නයි

පින් ලැබගෙන සිරි සෙත සලසන්නයි

ගේ දොර වතුපිටි ගහ කොළ වේවා

ගොවිතැන් ගව මහිසාදින් වේවා

අඹුදරු රැකී රක්‍ෂා යන මේවා

පිරිපත දුරහැර සෙත ගෙන දේවා

සතුරු විපත් අනවින දුරු වේවා

දුක්‌ දොම්නස්‌ ළතැවුල් දුරු වේවා

නින්දා අපහස ළං නොම වේවා

සිරි සෙත සැලසී දුක දුරු වේවා

රෝ දුක්‌ අසලට වත් නොම ඒවා

පේන සියක්‌ වූ බිය දුරු වේවා

සොර බිය හෝ රජ බිය දුරු වේවා

සියලු සිරින් පිරි කිරි ඉතිරේවා

සාමවිනිසුරු – දයානන්ද සිල්වා
සටහන – ධම්මික හේවාවසම්

Loading...