web counter
Loading...

ඔබේ පෙම්වතාගේ උපන් වෙලාව අනුව ඔහු ගැන කියවෙන රහස්

Loading...

ඔබ දන්නවද එක් එක් පුද්ගලයා උපන් වෙලාව අනුව ඔවුන්ගේ චරිතය පිලිබදව හොදින් දැනගත හැකි බව. මේ කියන්න යන්නේ ගෑණුළමයින්ට තමන්ගේ පෙම්වතා කොහොම කෙනෙක්ද කියලා දැනගන්න විදිහක් ගැනයි. ඔහු කැමති අකමැති දේ අඳුරගෙන ඔහුව තේරුම් ගන්න ඔබට මෙයින් උදවුවක් වෙයි.

මධ්‍යම රාත්‍රී 12 ත් පාන්දර 2 ත් අතර

ඔබේ පෙම්වතාත් මේ වෙලාව තුල ඉපදුන අයෙක් නම් ඔබ ගොඩක් වාසනාවන්තයි. ඔහු ඔහුගේ උපරිම අවධානය යොමු කරන්නේ පවුල වෙනුවෙන්. ඔහු බොහොම නිර්භීත සැහැල්ලුවෙන් කාලය ගත කරන්න කැමති පුද්ගලයෙක්. අධ්‍යාපන කටයුතු වලට වැඩි උනන්දුවක් දක්වන අතර අන් අයට උදවු කරමින් ජීවිතය ගැන ධනාත්මක ලෙස සිතන පතන කෙනෙක්. නිතරම ස්ථාවර අදහස් දරන ඔහු තමාගේ වගේම අවට අයගේ ආරක්ෂාව ගැන වඩාත් උනන්දු වෙන අයෙක්.

පාන්දර 2ත් 4ත් අතර

ඔහු ටිකක් කලබලකාරී නමුත් අපූරු කෙනෙක්. ඔහු කියවන්න ලියන්න වගේම ඇවිදින්නත් ප්‍රියකරන අතර ක්‍රීඩා වල නිරත වෙන්නත් වැඩි කැමැත්තක් දක්වනවා.නිතරම අලුත් අලුත් දේවල් හොයාගෙන යන්න කැමති ඔහු හොද සන්නිවේදකයෙක් වගේම විස්වාසනීය සහකරුවෙක්.

පාන්දර 4ත් 6ත් අතර

ඔවුන් අනාගතය ගැන වැඩිපුර වදවෙන අයෙක් නමුත් ඔහු අන් අයට වඩා ආදරණියයි. ටිකක් තනියම ජිවිතේ ගොඩ නගාගන්න අමාරුයි. ඔහු තමන් සතු දේවල් අන් අය සමග බෙදා හදාගෙන ඔහු වටා සිටින අයට උදවු කරමින් ජිවත් වෙන්න කැමති කෙනෙක්. නමුත් සමහර වෙලාවල් වලට ඔහු මුරණ්ඩු අයෙක්.

උදේ 6ත් 8ත් අතර

මේ වෙලාව තුල ඉපදුන අය ඔවුන්ගේ අවශ්‍යතාවය මත ඕනෑම කලාවකට දක්ෂතා දක්වනවා.  නමුත් මේ අය ඔවුන්ගේ හැකියාවන් පිලිබදව ඉන්නේ ලොකු ආඩම්බර කමකින්. මේ නිසා ඔවුන් ඔවුන්වම වැඩිපුර අගය කර ගන්නවා. ඔවුන් සිතන්නේ අනෙක් අය නිතරම ඔහු කියන දේවල්ම පමණක් කල යුතුයි කියලා. ඒ වගේම තමයි මේ අයගේ තීරණ දැඩියි.

උදේ 8ත් 10ත් අතර

මේ වෙලාව අතර ඉපදුන අය බොහොම සංවේදීයි.  මොවුන් වැඩිය කැමති නෑ සමාජය තුළ ප්‍රසිද්ධ වෙන්න. හැම වෙලාවකම බලන්නේ තනිවම ඉන්න. ඔවුන් නිතරම උත්සහ කරන්නේ සාමකාමීව ජිවත් වෙන්න. අන් අයට උදවු කරන්න සහ මග පෙන්වන්න මොවුන් නිතරම උත්සහ කරනවා.

උදේ 10ත් දහවල් 12ත් අතර

මේ අයට අන් අයගේ සිත් දිනා ගැනීමේ විශේෂ හැකියාවක් තියනවා. ඔවුන්ගේ රුචි අරුචි කම් තේරුම් ගන්න අයත් සමග කාලය ගත කරන්න වඩාත් කැමතියි. මොවුන් බොහොම සුහදශීලියි. නිතරම අලුත් අලුත් මිතුරන් සොයාගන්න විනෝදයෙන් කාලය ගත කරන්න කැමතියි.

දහවල් 12ත් 2ත් අතර

මොවුන් වගකීම් සහගත සහ අනාගතය හොදින් සැලසුම් කරන පුද්ගලයින්. මොවුන් හොදින්ම දන්නවා අන් අය සමග නිවැරදිව ගනුදෙනු කරන විදිහ. මොවුන් තමන්ගේ රාජකාරි ජිවිතයට මුල් තැනක් ලබා දීම නිසා බොහෝ විට පෞද්ගලික ජීවිතය තුල ගැටළු ඇතිකර ගන්නවා.

සවස 2ත් 4ත් අතර

මොවුන් ක්‍රියාශීලි සහ ගවේෂණශීලි නිසා නිතරම අලුත් දේවල් ඉදිරිපත් කරන්න සුදානමින් ඉන්නේ. බුද්ධිමත්භාවය අතින් ඉහලින්ම සිටින මොවුන් ඕනෑම ගැටලුවකට සාර්ථක හා නිවැරදි විසදුම් ලබා දීමට ඉතා දක්ෂයි.

සවස 4ත් 6ත් අතර

ධනාත්මකව සිතන සහ ශක්තිමත් පුද්ගලයන් උවත් තමන්ගේ අදහස් අන් අයත් සමග බෙදා හදා ගන්න මොවුන් එතරම් කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ වගේම මොවුන් කිසිම දෙයක් පිලිබදව ඕනෑවට වඩා විස්වාස කරන්නේ නෑ. විශේෂයෙන් ආදරය වගේ දේවල් සම්බන්ධව.

සවස 6ත් රාත්‍රී 8ත් අතර

මොවුන්ට අන් අයගේ අවශ්‍යතාවයන් හොදින් තේරුම් ගත හැකියි. ඒ වගේම අන් අයගේ විස්වාසයත් පහසුවෙන්ම දිනාගත හැකියි. නමුත් මොවුන් වඩාත් කැමති අභියෝග මගහැර සිටීමටයි. ඒ වගේම මොවුන් ජීවිතය ලැබිලා තියන විදිහටම පිළිගන්නවා.

රාත්‍රී 8ත් 10ත් අතර

මේ අය හරියට සහය නළුවෝ වගෙයි. මොවුන් නිතරම සතුටු වෙන්නේ අන් අයට උදවු උපකාර කිරීමෙන්. මොවුන් පොඩ්ඩක්වත් කැමති නෑ මොවුන් අතින් අත්වැරදීම් සිදු වෙනවට. මේ නිසාම මොවුන් නිතරම අන් අය අතර ප්‍රසාදයට ලක් වෙනවා.

රාත්‍රී 10ත් 12ත් අතර

මේ අය හොදින්ම දන්නවා ඔවුන් පිළිබදව සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබදව. මේ නිසාම ඔවුන් විනෝදයෙන් කාලය ගත කරන පිරිසක්. මොවුන්ගේ ඇති වටිනාම දෙය මොවුන් සතු නිර්මාණශීලි භාවයයි. ඔවුන් නිතරම ඔවුන්ගේ ජීවිතය ඉලක්ක ලගාකර ගැනීම සදහා මෙහෙයවනවා.

උපුටාගැනීම  – hirutv වෙබ් අඩවියෙන්

Loading...