web counter
Loading...

ඔබේ ඉටුදෙවියන් හඳුනාගන්න – උපන් නැකතට අනුව හිමි ඉටුදෙවියන් මෙන්න

Loading...

ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රය නිර්මාණය වී ඇත්තේ නැකත් මුල්කරගෙන වීම හේතුවෙන් එකී ශාස්‌ත්‍රය අප නක්‍ෂත්‍රය ලෙසින් හඳුන්වමු. අංශක 360 කින් යුත් විශ්ව චක්‍රය සමාන කොටස්‌ 27 කට බෙදා නැකත් 27 ක්‌ ලෙස එනම් අස්‌විද නැකතින් ආරම්භ වී රේවතී නැකතින් අවසන් වන ලෙස ජ්‍යෙdතිෂ නියමයන්ට අනුව සකස්‌ කොට ඇත.

මෙළොව උපත ලබන සෑම කෙනෙකුටම තම උපන් දිනයට වේලාවට අනුව මෙම නැකත් 27 න් එකක්‌ හිමිවීම අනිවාර්ය වන අතර එයින් අදාළ ජන්මියාට විටෙක යහපතත් විටෙක අයහපතත් උදාවීම සාමාන්‍ය සන්සිද්ධියකි.

එබැවින් පෙර කී අන්ත දෙකෙන් යහපත උදාකර ගැනීමට නම් අප විසින් නිරතුරුවම උපන් නැකතට අනුව හිමි ඉටුදෙවියන් හඳුනාගෙන නිවැරැදිව පුද පූජා පවත්වා කන්නලව් කර බාරවීමෙන් උන්වහන්සේලාගේ ආශිර්වාදය තුළින් යහපත උදාකර ගැනීමට හැකියාව උදාවනු ඇත.

මෙහිදී යෝගකාරක හෙවත් කේන්ද්‍රයේ බලවත්ම ග්‍රහයා මෙන්ම ඉටුදෙවියන් ගැන අවබෝධයෙන්, භක්‌තියෙන් කටයුතු කළ යුතු අතර ඔබ පිහිට පතන දෙවියන් බලවත්වන දිනය තෝරාගෙන ඊට පෙර ඔබ උපන් දවසේ (උපන්නේ ඉරිදා නම් ඉරිදා දිනය) ඉටුදෙවියන් වැඳපුදා පිං අනුමෝදන් කර බාරහාර වීම තුළ නිසැකවම ඔබේ ප්‍රාර්ථනාව ඉටුදෙවියන් විසින් ඉටුකර දෙනු ඇත.

උපන් නැකතට අනුව හිමි ඉටුදෙවියන්

(1) අස්‌විද – අශ්විනි (2) බෙරණ – යම (3) කැති – අග්නි (4) රෙහෙන – බ්‍රහ්ම (5) මුවසිරස – චන්ද්‍ර (6) අද – රුද්‍රd (7) පුනාවස – ආදිත්‍ය (8) පුෂ – ගුරු (9) අස්‌ලිස – සර්ව (10) මා – දේව (11) පුවසල් – භාග්‍ය (12) උත්‍රපල් – ආර්මය (13) හත – සූර්යය (14) සිත – පීත්‍රත්වතථු (15) සා – වායු (16) විසා – ඉන්ද්‍රdග්නි (17) අනුර – මිත්‍ර (18) දෙට – ශක්‍ර (19) මුල – රාක්‍ෂක (20) පුවසල – මේඝ (21) උත්‍රසල – විශ්ව (22) සුවණ – විෂ්ණු (23) දෙනට – විසුන්දර (24) සියාවස – වරුණ (25) පුවපුටුප – අජ (26) උත්‍රපුqටුප – අභිබුධ (27) රේවතී – පුෂ

ජ්‍යෙdතිෂවේදී- රංජන් සිසිර කුමාර
සටහන – ධම්මික හේවාවසම්

Loading...