web counter
Loading...

ඔබට ලිංගික සිහින පෙනෙනවද මෙන්න ඒවගේ තේරුම සහ ඒවා පෙනෙන්න හේතුව

Loading...

සිහින කියන්නේ නින්දේදී දකින දර්ශනයන්ය. සිහින තිරිසන් සතුන්ටත් පෙනේ. මිනිසුන් අතරින් සිහින වැඩියෙන් දකින අයත් ඉඳහිට කලාතුරකින් දකින අයද වෙත්.

සිහින දකින්නේ ශරීරයේ දොස්‌ කිපුණ විට සෘතු විපර්යාසයන් හේතුකොට ගෙන හිත නොසන්සුන් වූ විට යම් යම් සිද්ධීන් තදින් සිත තුළට කිඳා බැසීමෙන් සිහින පෙනේ. මේ සිහින අතරින් සමහර ඒවා අර්ථ විරහිතය. සමහර සිහින මතු සිදුවන විපත්ති හා යහපත ගෙන දෙන සිහිනද දකී.

ඈත අතීතයේ සිටම සිහිනවල යම් කිසි සත්‍යතාවක්‌ ඇති බව මිනිසා විශ්වාස කොට ඇත. මේ සිහිනයන් අතර ලොව ප්‍රකට ඉතිහාසගත සිහිනයන්ද ඇත. මහාමයා දේවිය දුටු සිහිනය, කොසොල් රජු දුටු සිහිනය වේදේහ රජු සිහිනය ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ පියා දුටු සිහිනය, මහම්මත්තුමා දුටු සිහිනය ලොව ප්‍රසිද්ධියක්‌ මෙන්ම වැදගත් වේ.

සිහිනවල අර්ථයත් බොහෝය. හැම එකක්‌ම සිත තුළින්ම උපදින ඒවාය. සිහින දකින්නේ නින්දේදි පමණක්‌ නොව දවල් හීන දකින්නෝද සිටී.

සිහිනයන්හි ගැබ් වී ඇති අර්ථයන් බොහෝය. ඒ හැම එකක්‌ම සිත තුළින්ම උපදින ඒවාය. මිනිසාගේ කාමාශාවන් සිතුවිල්ලට ආවිට ලිංගික සිහිනයන් පෙනේ.

යම් දරුවකු උපදින්නෙත් පිළිසිඳ ගන්නේත් කාමය පිළිබඳ හැඟීම් සමගමයි. ළදරුවාගේ කිරි ඉරවීම, ගිලීම, විකීම ආදී දේවලින් කාමාශාවන් තෘප්තිමත් වේ. මීට පසු ළදරුවාගේ කාමාශාවන් වර්ධනය වනුයේ ඔහුගේ ශරීරාංග තුළින්මය. ඔහු එයට නිමිති වන දෙය ස්‌පර්ශ කරයි. උරයි. විකයි, සිඹ තෘප්තිමත් වෙයි. සමහර ළමයි ඇඟිල්ල කටේ දමා උරයි. සිය ලිගුව පිරිමදියි. මේ හැමකින්ම කෙරෙන්නේ ළමයාගේ ලිංගික ආශාවන් සංතර්පනය කිරීමයි.

ළමයා වැඩෙන විට මේ ආශාවන් මෝරයි. සමාජයෙන් ගුරු හුරුකම් ලබයි. වැඩිහිටියන්ගේ පැවැත්ම ඔහුගේ කුතුහලයට ලක්‌වෙයි. හැඟීම් බලයෙන් හා බියෙන් ඒවා යටපත් කර ගනී. වැඩෙන අවධියේදී යටපත් වූ හැඟීම් ඉස්‌මතු වේ. මේ අවධියේ ඔහු තම සිත පාලනය කර ගැනීමට දැඩි උත්සාහයක යෙදෙයි. ඒ අතර බාහිර අරමුණු වැඩිවියට පත් ළමයා පෙළයි. පිරිමි ළමුන් නම් වෙනත් ස්‌ත්‍රියන් කෙරේ පිළිසිඳ සිතක්‌ ඇති කර ගනී. සමහර විට පිරිමි ළමයා සිය මට කෙරේත් ගැහැනු ළමයා සිය පියා. කෙරේත් පිළිසිඳ සිතක්‌ ඇති කර ගනී. මේ අතර ඔහු සදාචාරයට ද මුහුණ පායි මෙයට මූලික හේතුව කුඩා කාලයේ සිට තුරුණු වියට එළැඹෙන තෙක්‌ ඔහු ඇය ලැබූ මැඩගත් අත්දැකීම් සිතුවිලි යටි හිතේ තැන්පත් වීමයි. බොහොමයක්‌ ලිංගික සිහින ලෙස පෙනෙන්නේ යටපත් වූ ආශාවන් ඉස්‌මතු වී ආ විට බව කිව හැක.

සිත පිළිබඳ විග්‍රහයක යෙදුන සිග්මන් ෙµ්‍රdයිඩ් මෙසේ කියා ඇත. ඇතැම් සිහින යමෙකුගේ ලිංගික අවශ්‍යතාවන් හා ආශාවන් පැහැදිලි කරන කැඩපතකැයි ඔහු කීවේය. ඔහු තර්කානුකූලව සෘජුව කීවේ සිහින ලෝකයේ මැවී පෙනුණු සංකේතයක්‌ අනුවය. සිහින වලින් ලිංගික සිදුවීම් පමණක්‌ නොව සාමාජික සාදාචාරත්මක දාමරික සිද්ධීන්ද අරමුණු වේ. මිනිසාගේ කාමයෙහි වර්ධනය අනුව මිනිසා දකින සිහින වල අර්ථද නිරූපණය කළ හැක.

ලිංගික සිහින ලෝකයේ මැවී පෙනෙන සංකේත තුළින් අර්ථවත් වන සිහින පිළිබඳ පලයන් හා විපාකයන් පෙර අපර පඬුවන් විසින් මෙසේ පෙන්වා ඇත.

ගණිකාව – රූමත් ගණිකාවක්‌ දුටුවොත් ධන සම්පත් ලැබේ. ගරු නම්බු ලැබේ.

ගෑනු ළමයි – වැඩිවිය නොපැමිණි ළමයකු හා සංවාසය කිරීම හෝ දූෂණය කිරීම හෝ දුටුවොත් ඔහු කල කෝලාහල වලට ගොදුරුවේ. නින්දා අපහාසවලට ලක්‌වේ.

විවාහක කත- රූමත් විවාහක කතක්‌ තම නිවසට එනවා දුටුවොත් ඔහුට සැප සම්පත් ලැබේ. ඉදිරි කාලය යහපත් වේ.

පරදාරය – යමකු අන් ස්‌ත්‍රියක්‌ සමග සංවාසයේ යෙදෙනවා දුටු වහොත් ඔහු නින්දා අපහාසවලට ලක්‌වේ. ධන හානි සිදුවේ.

තරුණිය – කීර්ති ප්‍රසංසාව ලැබේ. තරුණියක හා සංවාසයේ යෙදෙනවා දුටුවොත් නින්දා අපහාසවලට ගොදුරු වේ. කල කෝලහලවලට ලක්‌වේ. තරුණ කතක හා සතුටු සාමීචියෙහි යෙදෙනවා දුටුවොත් හොඳ කාලයක්‌ උදාවේ. පෙම් බස්‌ දි දී සිටිනවා දුටුවොත් උසස්‌ තනතුරු ලැබේ. තරුණ කතක්‌ බලහත් කාරයෙන් ගෙන යනවා දුටුවොත් දුක්‌ කරදර සහිත කාලයක්‌ උදාවේ.

තරුණයෙකු තරුණියක හා ආදර බස්‌ පවසමින් පාළු ස්‌ථානයක සිටිනවා දුටුවොත් රජයෙන් ගරු බුහුමන් ලැබේ. උසස්‌ තනතුරු හා වාසනාවන්ත දරුවන් ලැබේ.

රූමත් කතක්‌ අතට අතදී කතා කරනවා දුටුවොත් ධන සම්පත් ලැබේ. ඉදිරි කාලය යහපත් වේ.

මැණික්‌ පෙට්‌ටිය – තරුණ කතක්‌ මැණික්‌ පෙට්‌ටියක්‌ විවෘත කොට පෙට්‌ටිය ඇතුළ පැත්ත සිහිනයෙන් දකීනම් ඇය කාට හෝ ඇගේ ආලය පිදීමේ නිමිත්තකි. මැණික්‌ පෙට්‌ටියක්‌ නැති වෙනවා දිටී නම් ප්‍රෙAම සම්බන්ධයක්‌ කැඩී යැම සිදුවේ.

ඥති මිත්‍රයන් – තරුණයෙකු ඥති මිත්‍රයන් සමග එකතු වී පිළිසඳර කතාවක යෙදී සිටිනවා අවිවාහකයකු සිහිනෙන් දුටුවොත් ළඟදී විවාහයක්‌ කර ගැනීමට සිදුවේ.

ඉදිකටු – ඉදිකටු අනිනවා සීනෙන් දුටුවොත් ආලය සඳහා පෙළඹවීමේ හෝ පෙම්වතියක්‌ ලැබීමේ නිමිත්තකි. මෙයින් තෘප්තිමත් කාම සම්භෝගයක්‌ ලැබීමද සිදුවේ.

හිසකෙස්‌ – හිසකෙස්‌ පුරුෂත්වය දැක්‌වෙන සංකේතයකි. හිසකේ කපනවා දැකීම හිස හා හිස පීරෙන විට තට්‌ටය පෑදී පෙනේනම් එය පුරුෂ ශක්‌තිය හිනවී යැමේ ලක්‌ෂණයකි. මෙවැනි සිහින ස්‌ත්‍රියක දකීනම් ඇගේ රූපාලංකාරය නැතිවී යැම අදහස්‌ කරයි.

රැවුල බෑම – වෙනත් කෙනෙකු තම රැවුල බානවා සිහිනෙන් දුටීනම් ඔහුට හමුවන පෙම්වතිය අස්‌ථිර ගති ඇත. වෙනස්‌ වන සුළු ස්‌ත්‍රියකි.

අශ්වයන් – අශ්වයන් දැකීමෙන් ලිංගික ආශා කුළුගැන්වීමක්‌ පෙන්නුම් කරයි. ආලය සඳහා සිත පෙළැඹවීමද සිදුවේ.

සර්පයන් – සර්පයන් දැකීම කාම සම්භෝගයෙහි ලක්‌ෂණයකි.

යතුරු – යතුරක්‌ වතුරට විසි කරනවා දැකීම ලිංගික ශක්‌තිය පිරිහිS යැමෙහි ලක්‌ෂණයකි.

කිකිළි- පැටවුන් සමග කිකිළියක්‌ දැකීමෙන් හැඟෙන්නේ රූමත් ස්‌ත්‍රියක්‌ සමග ආශ්‍රයට ඉඩක්‌ ලැබෙන බවයි.

කැසබුවා – ලස්‌සන කාන්තාවක්‌ ලැබේ.

සුදු නයා – සුදු නයකු දැකීම හෝ දෂ්ඨ කරනවා දැකීම වාසනාවන්ත පුතකු ලැබීමේ ලකුණුය.

පැල්පත් – පෙම්වතා කලකට පිට පළාතකට යයි.

විවාහ මංගලය – මරණයක්‌ අසන්නට ලැබේ. ධන විනාශයක්‌ ළඟ බව කියයි.

පැළෑටි වලට ජලය වත් කිරීම – ලස්‌සනට උයනක ඇති මල් පාත්තියකට ජලය දමනවා දැකීම ජීවිතයේ සෞභාග්‍යවත් කාලයක්‌ උදාවීමේ පෙර නිමිතිය. එමෙන්ම පෙම්වතියක්‌ ලැබෙයි. යම් විදියකින් මලක්‌ තෝරා ගැනීමට අසීරුමත් වීම මල්වලට සහ කොළවලට වතුර ඉසීම බිය වීමත් සිහිනෙන් දකීනම් ඉන් අදහස්‌ වන්නේ ස්‌ත්‍රියකගේ විශ්වාසයක්‌ ආලයක්‌ පලුදු වීමකි. පැළෑටිවලට ජලය වත්කරනවා දැකීම ශුද්ධ භාවය හා තමාගේ ප්‍රාර්ථනාව සමෘදය වීමේ ලක්‌ෂණයකි.

සොරුන් දැකීම – බහුල වශයෙන් ස්‌ත්‍රී පක්‌ෂයට බලපාන සිහිනයකි. සොරෙක්‌ තම බඩු බාහිරාදිය සොරකම් කරනවා දකීනම් එයින් ලිංගික ආශාවන් ඉස්‌මතුවන බව පෙන්නුම් කරයි. සිහින ලෝකයේ දී සොරුන් හැටියට පෙනෙන්නේ පෞරුෂත්වයයි. සොරෙක්‌ කාමරයක්‌ බිඳ ස්‌ත්‍රියක්‌ සතු වටිනා බඩු ගැනීම යන්නෙන් අදහස්‌ වන්නේ ස්‌ත්‍රියගේ කුමරි බඹසර සොරා ගැනීමය. සොරා සිහිනය දකින්නාට අනතුරක්‌ නොකරන බව පෙනේනම් එයින් අදහස්‌ වන්නේ සාමාන්‍යයෙන් කරදරයක්‌ නැති අන්දමට ලිංගික ආශ්වාදයක්‌ ඇයට ලබාගත හැකි වන බවයි. සොරා සමග පොර බැදීම් ආදියකට පෙළෙඹෙනු දකිතොත් එය බලහත්කාරයෙන් ඇගේ ලිංගිකත්වය කෙළසීමකි.

Loading...