web counter
Loading...

එන්ඩොලයිකන දිලීරයෙන් පිළිකාවට පිළියමක්

Loading...

එන්ඩොලයිකන දීලීරවල පිළිකා නාශක ගුණය පවතින බව කැල‚ය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අධ්‍යනාංශය පවසයි. තෙත් කලාපීය වනාන්තරවල ශාකවල බහුලව එන්ඩොලයිකන දිලීර දැකිය හැකිය. ලයිකන යනු ශාක කඳන්, ගල් පර්වත ආදී ස්ථානවල හටගන්නා ජීවීන් කොට්ඨාසයකි. ඇල්ගියක් හා දිලීරයක් එකතු වී සාදන්නා වූ සහජීවනය තුළින් ලයිකනයක් සෑදෙන අතර එහි පටක තුළ නිදහසේ ජීවත්වන්නා වූ දිලීරය එන්ඩොලයිකන දිලීර ලෙස හඳුන්වයි. තවදුරටත් එම දිලීරවල ප්‍රතිඔක්සිකාරක, ප්‍රතිජීවක සහ ප්‍රතිදාහක ගුණයද නිරීඬණය කරමින් පවතින බව පර්යේෂකයෝ පවසති.

කැලණිය සරසවියේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම කාලීන පර්යේෂණය සිදුකෙරෙන අතර 2006 වසරේ ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලෙස්ලි ගුණතිලක මහතා සමඟ සිදුකළ පර්යේෂණයකින් එන්ඩොලයිකන දිලීර ඖෂධීය ගුණ සහිත ජෛව සක්‍රීය සංයෝග සාදන බව ලෝකයේ ප්‍රථමවරට සොයාගනු ලැබුවේද මහාචාර්යවරිය විසිනි. › ලංකාවේ මෙවැනි පර්යේෂණයක් සිදුකෙරන්නේ ප්‍රථම වතාවට වන අතර මේ සඳහා ජාතික පර්යේෂණ සභාව මූල්‍ය දායකත්වය සපයයි. මෙම පර්යේෂණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වමින් මහචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය අප සමඟ පැවැසූවේ මෙවන් අදහසකි.

‘ එන්ඩොලයිකන දිලීරවලින් ඖෂධීය සංයෝග වෙන්කර ගැනීම මෑත කාලයේ පටන්ගත් නව ප්‍රභවික සංයෝග සාදන ප්‍රභවයක් ලෙස හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් ලෙස අප භාවිත කරන බොහෝමයක් ඖෂධවල මූලාරම්භය ශාකයක්, දිලීරයක්, ඇල්ගියක් හෝ ජලජ ජීවියකු වනවා. පිළිකා නාශක ඖෂධයක් ලෙස භාවිත කරන ‘වින්ක්‍රිස්ටීන්‘ යනු මිනීමල් ශාකයෙන් වෙන්කරගත් සංයෝගයකි. දිලීරවලින් මෙවැනි ඖෂධීය ගුණ ඇති සංයෝග නිස්සාරණය කර ගත හැකි බව මුලින්ම සොයාගනු ලැබුවේද පෙනිසිලින් ඖෂධය සොයාගත් පර්යේෂයෙණි. ඒ නිසා විවිධ සංයෝග නිර්මාණය කිරීමේ හැකියාව දිලීර සතුව පවතිනවා. එබැවින් තෙත් කලාපීය ශාකවල ජිවත්වන ලයිකන ඇතුළතස්වාධීනව නිදහසේ ජීවත්වන එන්ඩොලයිකන දිලීරවලින් ජෛව සක්‍රීය සංයෝග නිපදවීමේ හැකියාව ඇතිබව දැනටමත් පර්යේෂණවලින් සොයාගැනීමට හැකිවී තිඛෙනවා. මේ වනතෙක් ලෝකයේ හඳුනාගැනීමට නොහැකි වූ සංයෝග එන්ඩොලයිකන දිලීරවල අඩංගු වන බව අප සිදුකළ පර්යේෂණවලින් තහවුරු කරගැනීමට හැකි වී තිඛෙනවා.‘

‘සිංහරාජ, හග්ගල, නකල්ස් වැනි ප්‍රදේශවල වනාන්තරවල ශාකවලින් ලයිකන එකතුකර ගෙන ඒවායින් එන්ඩොලයිකන දිලීර වෙන් වෙන් වශයෙන් අපේ පර්යේෂණාගරයේ වගා කිරීම ඇරැඹුවා. එහි අඩංගු වන සංයෝගවල ප්‍රතිජීවක, ප්‍රති ඔක්සිකාරක, ප්‍රතිදාහක, පිළිකා නාශක ගුණයයන් ඇත්දැයි අප සොයාබලනවා. එහිදී බොහෝ දුරට ඉතා සාර්ථකව භාවිත කළ හැකි සංයෝග සොයාගෙන ඒවා තවදුරටත් දියුණු කර වගා කිරීම හෝ සංස්ලේෂණ ක්‍රියාවලියක් තුළින් සංවර්ධනය කළ හැකි වෙතැයි අප විශ්වාස කරනවා.‘

‘මෙම පර්යේෂණයේ තවත් අදියරක් ලෙස කඩොලාන පරිසරයේ ඇති ලයිකන විශේෂවල තිඛෙන එන්ඩොලයිකන දිලීර වෙන්කර හඳුනාගැනීමට සහ ඒවා මගින් සාදනු ලබන විවිධ සංයෝග හඳුනාගැනීමට පර්යේෂණ ආරම්භ කළා. මෙහිදී අධික ලවණ සහිත පරිසරයක වැවෙන කඩොලාන ශාක ශුෂ්ක පරිසරයකට අනුවර්තනය වී ඇති අයුරින්ම එම ශාකවල වැවෙන ලයිකන මෙන්ම එන්ඩොලයිකන දිලීරයන්ද එවැනිම අනුවර්තනයකට ලක්ව ඇති බැවින් එවැනි විශේෂවල මෙතෙක් හඳුනා නොගත් ආකාරයේ සංයෝග ඇතැයි විශ්වාස කරනවා. මේවන විට කඩොලාන ආශි්‍රතව ලයිකන 30 ක් පමණ සහ එහි එන්ඩොලයිකන දිලීර වර්ග 200 කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා.‘

මෙම පර්යේෂණයේදී එක්රැස් කරගන්නා ලයිකන වර්ග උද්භිද විද්‍යාත්මකව හඳුනා ගැනීම සඳහා ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ ලයිකන විශේෂඥ ආචාර්ය ගෝතමී වීරකෝන් මහත්මිය සහාය දක්වන අතර එන්ඩොලයිකන දිලීර හඳුනාගැනීම සඳහා කැලණිය විශ්වවිදයාලයේ උද්භිද විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය රේණුකා අත්තනායක මෙනෙවිය සහාය දක්වනවා.‘ යැයි මහචාර්ය පරණගම මහත්මිය පැවැසුවාය. – (ගයාන් සූරියආරච්චි)

Loading...