web counter
Loading...

ඉඟුරු, ගම්මිරිස්‌, කහ, එඬරු තෙල් ආත්‍රයිටිස්‌ සුවයට කදිමයි

Loading...

ප්‍රශ්නය – අද අප ඔබෙන් අහන්නට බලාපොරොත්තු වන්නේ ආත්‍රයිටිස්‌ රෝග සමූහය අතර නපුරුම රෝගයක්‌ වන Spondylitis රෝගය ගැනයි. අප දන්නා තරමින් මෙයට වංශදාහය කියලත් කියනවා. මේ රෝගය ගැන අපට විස්‌තරයක්‌ කරන්න.

වෛද්‍ය වසන්ත උදයජීව – මෙය ඉතාම වේදනාකාරී රෝගයක්‌. මෙය මුලින්ම වැළඳෙන්නේ කොඳු ඇට පේළියටය. කශේරුකාවේ එහෙමත් නැත්නම් කොඳු ඇට පේළියේ සන්ධිවල මහත් වේදනාවක්‌ ඇති කරන රෝග තත්aත්වයක්‌ හැටියට මෙය හඳුන්වන්න පුළුවන්. කොඳු ඇට පෙළ දිගේ පහතට යන මේ රෝගය මගින් උකුළු ඇටවලටත් හානි වෙනවා. එතැනින් එය උරහිස්‌වලටත් ඉන දක්‌වාත් පැතිරෙනවා. ඊළඟට මෙහි බලපෑම කෙළින්ම එන්නේ ඇස්‌වලට සහ ආහාර ජීර්ණ පද්ධතියට. මේ රෝගයේ වඩාත්ම ප්‍රමුඛ රෝග ලක්‍ෂණ තමයි කොන්දේ අමාරුව. මේක හිටපු ගමන් හැදෙන, ආයෙ ටික දවසකින් සනීප වන කොන්දේ අමාරුවක්‌. සමහර විට කොන්ද උරහිස්‌, ඉඟටිය වැනි ප්‍රදේශ චලනය කරගන්නට බැරි තරමටම වේදනාවක්‌ ඇති වෙනවා.

වංශදාහ (Spondylitis) රෝගය හැදෙන්නේ කොහොමද කියලා මේ දක්‌වා හරියාකාරව හොයාගෙන නැහැ. එහෙත් නිල නොවන වෛද්‍ය මතයක්‌ තිබෙනවා, ජානමය විකෘතිතාවන් සහ පාරිසරික හේතු නිසා මේ රෝගය හැදෙනවා කියා. බටහිර නවීන විද්‍යාව නම් කියන්නේ මේ රෝගයට ප්‍රතිකාර නැති බවයි. එහෙත් ආයුර්වේදයට පුළුවන් මේ රෝගය මුලින්ම කළමනාකරණය කරන්නත් පසුව සුව කරන්නත්. මේ රෝගය වැඩි වශයෙන්ම හට ගන්නේ මැදිවියට ආසන්නව සිටින තරුණයන් අතරයි. මේ රෝගයගැන හඳුනාගෙන ලේඛනයක්‌ සකස්‌ කළ මුල්ම යුරෝපීය විද්වතා තමයි Berírd Connor. ඔහු වසර 500 ක්‌ පමණ පැරැණි ඊජිප්තු මමි කිහිපයක්‌ පරීක්‍ෂා කරන විට මේ රෝගය දැක්‌කා.

ප්‍රශ්නය – මේ සඳහා යෝජනා කළ හැකි ආයුර්වේද ඖෂධ තිබෙනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව – ඊට පෙර මේ රෝගය ගැන කතා කළ යුතු තව බොහෝ දේ තිබෙනවා. පළමුවෙන්ම අපි සොයා බලමු මෙහි රෝග ලක්‍ෂණ මොනවාද කියලා.

1. කොන්දේ පහළ කොටසේ වේදනාවක්‌ විටින් විට හට ගැනීම සහ කොන්ද නැමීමට බැරි ලෙස තද බවක්‌ හට ගැනීම.

2. උදේ කාලයේදී ඇඳෙන් නැගිටිනවිට කොන්දේ වේදනා දැනීම.

3. රෝගය ක්‍රමයෙන් උත්සන්න වන විට කොන්ද නැවීමට බැරි තරම් වේදනාවක්‌ හට ගැනීම සහ උරස්‌ පතු චලනය කරමින් පපු ප්‍රදේශය විහිදුවීමට බැරි වීම.

4. ශරීරයේ බර අඩුවීම, උණ හට ගැනීම, මහත් විඩාවක්‌ ඇති වීම.

5. එදිනෙදා වැඩපල කර ගැනීමට බැරි තරමට ශරීරයේ හැම තැනක්‌ම වේදනා දීම

6. රෝගයෙන් පෙළෙන අය අතරින් 40% කගේ පමණ ඇස්‌වල ඇතුළත ප්‍රදාහ තත්ත්වයක්‌ හට ගැනීම මෙහිදී ඇසේ වේදනාව, ඇස්‌ රතු වීම, ආලෝකය දෙස කෙළින් බැලීමට බැරිවීම යන තත්ත්වයන් ඇති වෙනවා.

වංශදාහ රෝගය සඳහා පරිහරණය කළ හැකි ඔබේම අතළඟ තිබෙන ඖෂධ වර්ග කිහිපයක්‌ වෙනවා.

1. ඉඟුරු, කලුගම්මිරිස්‌ යන ද්‍රව්‍ය ආහාරයට එකතු කරගන්න. එමගින් ඔබේ ශරීරයේ තිබෙන විෂ සහිත බව නැති වෙනවා.

2. කිරි වීදුරුවක ප්‍රමාණයට කහ කුඩු තේ හැන්දක්‌ එකතු කර එය පැය භාගයක්‌ හොඳින් උතුරුවා පානය කරන්න.

3. එඬරු තෙල් තේ හැන්දක්‌ උණුකිරි සමඟ මිශ්‍රකර හැම රැයකම පානය කරන්න.

4. කෝමාරිකා යුෂ නෙල්ලි යුෂ යනාදිය නිතරම ආහාරයට එකතු කර ගන්න.

(ලබන සතියේ – මේ රෝගයට ප්‍රත්‍යක්‍ෂ කසායක්‌.)

නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

Loading...