web counter
Loading...

ඇල්කොහොල් පානය කල විට පැය 24 ක් තුල ඔබේ සිරුර ට සිදු වන දේ

Loading...

ඇල්කොහොල් පානය කිරීම අද සමාජමය වුවමනාවක් වෙලා.ඇල්කොහොල් පානය කිරීමෙන් සිරුර අප්‍රසන්න බවට පත් වෙනවා.එසේම දිගු කාලයක් ඇල්කොහොල් පානය කිරීම නිසා සිරුර විජලනයට පත් වෙනවා.ඒ වගේම රෝග වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව නැති වෙනවා.එම නිසා ඇල්කොහොල් භාවිතය අඩු කල යුතුය.

පළමු මිනිත්තු 10
සිරුර පුරාම ඉතා වේගයෙන් ඇල්කොහොල් ගමන් කිරීම සිදු වෙනවා.රුධිර නාල ඔස්සේ මොලය හා මාංශ පේශි , ඇල්කොහොල් ලබා ගැනීමට පටන් ගන්නවා.මිනිත්තු 10 ක් තුල ඔබේ සිරුර තීරණය කරනවා ඇල්කොහොල් යනු විෂක් හෝ තර්ජනයක් කියා.

මිනිත්තු 10 සිට 15
මෙම විෂ සිරුරෙන් ඉක්මනට ඉවත් කිරීමට ප්‍රතික්‍රියා කරනවා.ඇල්කොහොල් සිරුරෙන් තුරන් කිරීමට අවශ්‍ය කරන එන්සයිම උදරය තුල නිෂ්පාදනය වෙනවා.
මෙම විෂ සහිත ද්‍රව්‍යය නිසා වෙරිමතින් පසුව ඇති වන අසනීප ගති ඇති වෙනවා.ඇල්කොහොල් මඟින් අසිටිල් අම්ලය , මේද අම්ල හා වතුර පහත හෙළනවා.මෙම මේද අම්ල හා වතුර , ඇල්කොහොල් වලට වඩා ඔබේ සිරුරට ප්‍රයෝජනවත් වෙනවා.

මිනිත්තු 20
මෙම බලපෑම් මොලයට දැනීමට පටන් ගන්නවා.ඔබට ඔල්මාද ගතිය හෝ කරකැවිල්ල ගතිය දැනෙනවා.සිතුවිලි වෙනස් වෙනවා.සමහර අයට අධිආතතිය වැනි තත්ත්ව ඇති වෙනවා.

මිනිත්තු 45 සිට 60
පැයක් තුල රුධිරයේ ඇල්කොහොල් මට්ටම ඉහල නඟිනවා.විවේක ගැනීමේ අවශ්‍යතාවය දැනෙනවා.මේ මඟින් හෘද පිඩනයට හා හෘදයේ සෞඛ්‍ය තත්ත්වයට බලපානවා.හදිසි ආබාධ හෝ මරණයට වුවත් පත්වන්නට පුළුවන්.
එක වීදුරුවක් පානය කිරීමෙන් සිරුර විජලනයට පත් වෙනවා.වකුගඩු හා මුත්‍රාශය නිදහස් කර ගැනීමට අවශ්‍ය වෙනවා.මෙහි ප්‍රතිඵලය වන්නේ සිරුර ඉතාමත් විජලනට පත් වීමයි.හිසරදය වැනි තත්ත්ව ඇති වෙනවා.

පැය 24 පසු
ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වෙනවා.ඉතා පහසුවෙන් අසනීප තත්ත්වයට පත් වෙනවා.ඔබ ඇල්කොහොල් පානය කරන ගමන් ආහාර වැඩිපුර ගන්නවානම් ඇල්කොහොල් වලින් වන බලපෑම අඩු වේ.
ඔබ ප්‍රමාණය අඩු කරමින් ඇල්කොහොල් ගැනීම සම්පුර්ණයෙන් නැවැත්විය යුතුය.එසේම ඇල්කොහොල් පානය කිරීමෙන් පිළිකා තත්ත්ව , අවයව වලට හානි වීම හා තවත් බොහෝ රෝග තත්ත්ව ඇති වන බව අවබෝධ කරගත යුතුය.

Loading...