web counter
Loading...

අලුත් තැනක නිදන විට නින්ද යන්නේ නැතිද?

Loading...

නිදා ගැනීමට හුරුව සිටි නිවෙස හෝ කාමරයට හෝ මාරුකළ විට නින්ද යන්නේ නැතිද? විශේෂයෙන්ම වන්දනාගමනක්, විනෝද ගමනක් වැනි දුර ගමනක් ගියවිට පවා මුල් රැය නව නවාතැනෙහි නින්ද නොයන්නේ ඇයි?

මේ තත්ත්වය සඳහා මෙතෙක් ලබාදුන් අර්ථ කථනය වුයේ පාරිසරය වෙනස් වීම, ගමන් විඩාව, නිදාගත් ඇද වෙනස් වීම ආදිය නිසා මෙසේ සිදුවිය හැකි බවය. එහෙත් ඇමෙරිකාවේ බ්‍රවුන් සරසවියේ පර්යේෂකයන් පිරිසක් මේ තත්ත්වය සඳහා නව පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර ඇත.

මෙ මතය පවසනුයේ මොළයේ මස්තිෂ්ක අර්ධගෝල දෙක අතරින් එකක් අඩුවෙන් නිදාගනිමින් අපව පරෙස්සම් කිරීමට වෙහෙසෙන බවය. ඒ අනුව මොළයේ වම් අර්ධ ගෝලය අප නිදා සිටියදි අවදියෙන් පසුවෙමින් සුළු උත්තේජනයකට – ශබ්දයටකට , ආලෝකයකට පවා ප්‍රතිචාර දක්වමින් අපව ද අවදියෙන් තබා ගන්නා බවය.

මෙම අවදිවන භූමිකාව පළමු රාත්‍රියෙන් පසුව නැති වී යන බවයි ඔවුන්ගේ මතය.

Loading...