web counter
Loading...

අමානුෂික ඝාතන තරුණියන් දුෂණය වගේ සාහසික අපරාධ සිදු කිරීමට බලපාන නාඩි

Loading...

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පියකු සිය දරුවන් තිදෙනා ගෙල වැළලා මරා දමා නිවසේ ඇතිකළ බල්ලාද මරා දමා තමා ද ගෙල වැළලාගෙන දිවි හානිකර ගත් පුවතක්‌ පසුගියදා අපට අසන්නට ලැබිණි.

මෙවැනි හද කම්පා කරවන සිද්ධීන් දක්‌නට ලැබෙනවිට අසන්නට ලැබෙනවිට නිතැතින්ම අපේ මුවින් පිට වනුයේ මේවා අහස පොළොව නූහුලන අපරාධ බවය. එසේම පියවි සිහියෙන් යුත් අයකුට මෙවැනි අපරාධ කළ හැකි දැයි කියා විමසති.

වෛද්‍යතුමනි, මෙවැනි අපරාධ සිදුවීමට බලපාන හේතු සෘෂි නාඩි විද්‍යාවට අනුව දැක්‌විය හැක්‌කේ කෙසේද?

සෘෂි නාඩි වෛද්‍යවරුන් පවසනවා, යම් පුද්ගලයකු මවු කුස පිළිසිඳ ගන්නා විට ඔවුන් පෙර ආත්මවල සිදුකළ ක්‍රියාවන්ගේ ප්‍රතිඵල බලපාන බවට. ඒ අනුව තමයි එම පුද්ගලයාගේ උත්පත්තිය සහ උපතින් පසු ජීවිතය හැඩගැසීම තීරණය වන්නේ.

යම් පුද්ගලයෙක්‌ පෙර ආත්මයේදී බරපතළ වැරදි ක්‍රියාවල නිරතව සිට කිසියම් හෝ වාසනාවකට නැවත මිනිසත් බව ලබන්නට හිමිකම් ලැබුණද එම බරපතළ වැරදි ක්‍රියාවල ප්‍රතිඵල අනුව එම පුද්ගලයාගේ නාඩි ක්‍රියාකාරීත්වය හැඩගැහෙනවා.

උපදින විටම කෝප නාඩිය, වෛරනාඩිය, කෲර නාඩිය, සාහසික නාඩිය ක්‍රියාකාරීව පවතිනවා.

එය නිවැරැදිව හඳුනා නොගතහොත් ඔවුන් වැඩිහිටියන් බවට පත් වූ පසු එම නාඩිවල ක්‍රියාකාරීත්වය ප්‍රබල වී ඔවුන් සාහසික ක්‍රියාවනට යොමු වෙනවා.

මෙලෙස යම් පුද්ගලයකුගේ වයස අවුරුදු 26 ත් 80 ත් අතර කාලය තුළ නාඩි ක්‍රියාකාරීත්වය ඉහළ ගිය විට ඔවුන් අතින් බරපතළ වැරදි සිදුවිය හැකියි.

මෙලෙස වයස අවුරුදු 26 ත් 80 ත් අතර කාලය තුළ යම් පුද්ගලයකුගේ කෝප නාඩිය, වෛර නාඩිය, කෲර නාඩිය, සාහසික නාඩිය ආදි නාඩි ක්‍රියාකාරී වූ විට ඔවුන් නොසන්සුන් බවට පත්වෙනවා. නිතර කෝපයෙන් පසුවෙනවා. මව, පියා, දූ දරුවන් කියා වෙනසක්‌ නැතිව හිරිහැර කරනවා. තමාගේ පහත් ආශාවන් ඉටු කර ගැනීමට උත්සාහ ගන්නවා.

මෙවැනි පුද්ගලයන්ගේ මෙම සාහසික ක්‍රියාවන් සඳහා ලැබෙන තවත් සහයෝගයක්‌ වනුයේ බොහෝ දෙනා ඔවුන් තම ඇසුරින් ඈත් කිරීමයි. එවිට ඔවුන් තුළ ඇති වෛරය, ක්‍රෝධය තවතවත් වර්ධනය වෙනවා.

එම ක්‍රෝධය වෛරය නිසා ඔවුන් අතින් අප කවුරුත් බලාපොරොත්තු නොවන සාහසික ක්‍රියා සිදු විය හැකියි.

වෛද්‍යතුමනි, මෙවැනි පුද්ගලයන් හඳුනා ගන්නේ කෙසේද?

තරුණ වියේදී යම් කාන්තාවක හෝ පිරිමියකු අසාමාන්‍ය කෝපයකින් සිටී නම් නිතර අන් අය සමඟ ආරවුල් ඇතිකරගනී. නම් තමා සිතන දෙය, තමා කරන දෙය පමණක්‌ නිවැරැදියි සිතනවා නම් එවැනි පුද්ගලයන් නිසිs දැනුමක්‌ සහිත නාඩි වෛද්‍යවරයකු වෙත යොමු කිරීමෙන් නිවැරැදිව නාඩි පරීක්‍ෂා කර මතුව ඇති ගැටලුව හඳුනා ගත හැකියි. ඉන්පසු රෝගියාගේ මතුව ඇති නාඩි ක්‍රියාකාරීත්වය හඳුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර කළ යුතුයි.

උදාහරණයක්‌ ලෙස දක්‌වනවා නම් යම් පියකු තම දියණියන් කෙරෙහි කාමාශාවක්‌ ඇතිකරගෙන සිටීනම් බිරිඳට කෲර වධහිංසා සිදු කරනවා නම් එවැනි තැනැත්තන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි. නමුත් අප රටේ දැන් සිදුවන්නේ එවැනි පුද්ගලයන් සමාජයෙන් හුදකලා කිරීමයි. ඔවුන් සමඟ හිත මිතුරුකම් අත්හරිනවා. ඥති සම්බන්ධතා ඈත් කරනවා. නමුත් කළ යුත්තේ එය නොවේ. මෙම පුද්ගයන් තුළ පෙර ආත්මවල සිදු කළ වැරදි ක්‍රියාවන්හි බලපෑම් මතුව ඇති බවට සිදු කරන සංඥවක්‌ ලෙස එය හඳුනාගෙන වහාම වෛද්‍ය උපදේශනයක්‌ සඳහා යොමු කළ යුතුයි.

මෙවැනි පුද්ගලයන් අධික ලෙස මත්පැන් පානය කරනවා නම්. මස්‌ වර්ග ආහාරයට ගන්නවා නම් තව තවත් ඔවුන්ගේ නාඩි විකෘතිතා උත්සන්න වෙනවා. ඒ නිසා ඔවුන් එවැනි ආහාර පාන ගැනීමෙන් වළක්‌වා ගත යුතුයි.

Loading...