web counter
Loading...

අප්‍රේල් 05 සිට අප්‍රේල් 11 දක්වා ඔබට කොහොමද?

Loading...

මේෂ

සුහදතාව පහවෙයි

රැකියා වෙනස්වීමකට හේතු සාධක ඇතිවිය හැක. ආයතන ප්‍රධානින් සමඟ විරසකභාවයක් ඇතිවිය හැක. පියා සමඟද ‍නොහොද නෝක්කඩු ඇතිවෙයි. සේවාවේදී කැපවීම සහ වීර්ය හොඳ යි.

සම්බන්ධිකරණ වැඩ ගිවිසුම් අත්සන් කිරීම් යෙදීසිටින්නන් අන්තිම සති අගට පෙර ඒවායේ නිරතවිය යුතුයි. නැතිනම් වැඩ දිග්ගැස්සෙයි. සුහදතාවය සිත් තුළින් පහවයයි. තම බලවත්කම පෙන්වන්නට යයි.

උසස් අධ්‍යාපන කටයුතු අඩාලවෙයි. වැඩිහිටි සහෝදරයන්ගෙන් උදව් ලබයි. ගුප්ත විද්‍යාවෙන් උපරිම ඵල ප්‍රයෝජන ලැබිය හැකිය . ස්නායු ආබාධ අමාශ ආබාධ ඇතිවිය හැක.

වෘෂභ

ප්‍රභූන්ගෙන් උපකාර

කලාකරුවන්ට සංගීතවේදීන්ට විලාසිතා සේවාවේ නියුක්ත වූවන් සහ ප්‍රවාහන ‍සේවාවල නිරත වූවන්ට එතරම් සුබ නැත. නමුත් සෙසු සෑම අංශයකින්ම ආදායම ලබන අයට සති අගවන ‍තෙක් හොඳයි. ණය මුදල් ලැබීමට නියමිත අයට කොටසක් ලැබෙයි. සති අගවන විට උසස් ප්‍රභූන්ගෙන් මෙන්ම දේශපාලකයන්ගෙන්ද උදව් ලැබිය හැක. පියා වෙනුවෙන් වියදම් කිරීමක් සිද්ධවිය හැක.

සති අග සිට පතල් ගොඩනැගිලි, කෘෂිකර්ම අංශවල නියුතු වූවන්ට එතරම් හොඳ නැත. කම්කරු ප්‍රශ්න ගැටුම්වලට මුහුණදීමට සිදුවෙයි. උගුර හි‍සේ අමාරු, වකුගඩු, බෙල්ල, උගුර ආබාධ ආදිය ‍පෙන්වයි.

මිථුන

අධ්‍යාපනයට සුබයි

වෘත්තීය පරිපාලන කටයුතුද විශේෂයෙන් සාර්ථක වෙයි. සති අගවනවිට රාජකාරි ලියකියවිලි ගොඩනැ‍ඟේ. සිනමා, සංගීත, විලාසිතා ආපනශාලා අංශවල සිටින අයද පසුබෑම්වලට ලක්වෙයි. සති අගවනවිට ඇතිවන එක් හොඳක්නම් පියාගෙන් සහ ආයතන ලොක්කන්ගෙන් උදව් ගැනීමට හැකිවීමයි. බහුවිද රැකියා හිමිවිය හැක. වෘත්තීමය අධ්‍යාපන කටයුතුවල නිරතවන්නන්ට මෙම සතිය හිතකර කාලයකි.

හිසේ උෂ්ණාධික රෝග හා හිස කැක්කුම් ඉස්මතුවිය හැක.

කටක

ආරවුල්වලට පැටලේ

ධාර්මික වැඩවලට අතහිත දෙයි. වෘත්තීය අංශයේ පරිපාලන යෝග ක්‍රියාත්මක වෙයි. අපනයන කටයුතු යන සෙසු විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන අයට අහිතකර තත්ත්වයක් උදාවෙයි. වෙළෙඳා‍මේ යෙදී සිටින අයටද යම් අහිතකර වාතාවරණයක් ඇති වෙයි. සියලුම වර්ගයේඅධ්‍යාපන කටයුතු ද අඩාල වීමක් පෙන්වයි. ණය ගැනීම්වලට යොමුවෙයි. කමකරු ආරාවුල් වලටද පටලැවෙයි. හිසේ අමාරු ආමාශ ආබාධ පෙන්වයි.

සිංහ

ඉඩම් ගැටලු

මඟුල් තුලා කටයුතු ආදිය ගැන ප්‍රවේශමින් ක්‍රියාකළ යුතුයි. රැවටිලිවලට භාජනය විය හැක.

උසස් අධ්‍යාපන කටයුතුවලට හදිසි වැයවීම් බහුල වුවත් එයින් යම් සුගතියක් පෙන්වයි. නෑදෑයින් සමඟ ගැටුම් ඇතිවිය හැක. ඉඩකඩම් ප්‍රශ්න නිසා නිවසේ කරදරද ඇතිවිය හැකිය. පියා සමඟ මෙන්ම සති අගවන විට ප්‍රභූන් ආයතන ලොක්කන් සමඟ ද ගැටුම් ‍ඇතිවෙයි. කොන්ද සහ හදවත් රෝග ගැන ප්‍රවේසම් වන්න.

කන්‍යා

වියදම් අධිකයි

කාර්යාල කටයුතු ක්‍රම ක්‍රමයෙන් ගොඩගැසීමක් පටන් ගනියි. අනුන්ට වන යම් යම් ව්‍යසනයන් නිසා තමාට යම් වාසියයක් වන තත්ත්වයන්ද උදා විය හැක. කාර්යාලිය සහ සේවා ස්ථාන ලොක්කන් සමඟ අනවශ්‍ය ගැටුම්වලටද යා හැක . හවුල් ව්‍යාපාර සහ ව්‍යාපාරවල නිරතවන්නන්ට දැඩි වියදම් සහ අනිසි ආයෝජන ‍යෙදෙයි.පෙම්වතුන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට කරගැනීමට අපහසු‍වෙයි. ගෘහස්ථ කරදර සති අග සිට වැඩියි. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිරතවන්නන්ටද අවාසි කාලයක් ඉදිරියෙහි ඇත.

තුලා

විවාහයට බාධා

මඟුල් තුලා කටයුතුවලට අවහිරතා ඇතිවෙයි. සති අග සිට කොන්ත්‍රාත්, අතරමැදි වෙළෙඳාම්, අධ්‍යාපන, වෙළෙඳාම් ආදි ව්‍යාපාරවල යෙදෙන අයට යම්පසුබෑමක් ඇතිවිය හැක. පාසල් අධ්‍යාපන කටයුතුවලට අපල වුවත් උසස් අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියට එතරම බාධාවක් නැත. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන අය සහ අපනයන කටයුතුවල නිරතවූවන්ට යම් ප්‍රගතියක් පෙන්වයි. විවාහ ජීවිතයේ සමගියට බාධාවන් ගෙනදෙයි.දියවැඩියා, හිසේ රෝග, ආමාශය අමාරු ඉස්මතුවිය හැත.

වෘශ්චික

වියදම් අධිකයි

ගරු ගාම්භීරත්වයක් හිත තුළ ඇති වෙයි. අය පක්ෂයද වැයට වඩා ඉහළින් පවත්වාගනියි. විශේෂ‍යෙන් ලැබිය යුතු මුදල් කොටස් වශයෙන් ලැබෙයි.

සති අගවනතෙක් පාසල් අධ්‍යාපන කටයුතු සතුටුදායක මට්ටමකින් පවතින අතර උසස් අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් නැත. සුඛෝපභෝගී දේට වැඩියෙන් වියදම් කරයි. ගමනාගමනයටද අධික වියදම් පෙන්වයි.

හිසේ උෂ්ණාධික රෝග, දද කුෂ්ට ‍රෝග, ලේ විෂවීම් ආදිය සිදුවිය හැක.

ධනු

ගනුදෙනුවලට අසුබයි

ඉඩකඩම් ‍දේපළ නිවාස ගනුදෙනුවලට හොඳනැත. අවාසිය පෙන්වයි. ආවේගශීලිභාවය තවමත් රජකරයි. පාසල් සහ උසස් අධ්‍යාපන යන ක‍්ෂේත්‍ර ගුප්ත විද්‍යාවන් කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්වීමට යොමුවෙයි. හවුල් ව්‍යාපාරවල නිරතවන්නන්ගේ පසුබැසීමේ තත්ත්වයක් පෙන්වයි. වාසස්ථාන වෙනස්වීම්වලටද ඉඩ ඇත. විදේශ ගමන්වලට බාධා එල්ල වෙයි. නැත්නම් කල්යෑම්වලට භාජනය වෙයි.

නින්ද නොයෑම, හිස්ටීරියා වැනි රෝග තත්ත්වයන් ඇතිවිය හැක. නින්ද නොයෑම හිස්ටීරියා වැනි රෝග තත්ත්වයන් ඇතිවිය හැක.

මකර

වංචාවකට ‍ගොදුරුවේ

කෘෂිකර්ම, පතල්, එස්ටේට්, ඉඩම් අංශවල ගනුදෙනු නොළ යුතුයි. අවාසි සහගත පසුබිමක් ඇතිවිය හැක. ලැබෙන ආදායම ක් වෙතොත් ගුප්තවිදියට වියදම් වෙයි. අතේ රඳවා ගැනීම අසීරු වෙයි.

ගෘහස්ථ සාමයට බාධා ගෙනදෙයි. නෑදෑයින් සමඟ හැල හැප්පිලි වැඩියි.

මුදල් වංචාකරනු ලැබීමකට ගොදුරුවිය හැක. එමනිසා ඉතා ප්‍රවේසමෙන් මුදල් ගනුදෙනු කළ යුතුයි.

සති අගතෙක් උසස් අධ්‍යාපන කටයුතුවලට හොදයි. උසස් අධ්‍යාපන කටයුතවලට හදිසි වියදම් පෙන්විය හැක. හදවත් රෝග ඇතිවිය හැක

කුම්භ

කලාවේ පසුබෑමක්

තම කාර්යයන් ස්වෝඋත්සාහයෙන් ඉෂ්ටකරගැනීමට හැකිවෙයි. ඒ සඳහා උපයෝගි වෙයි. සම්බන්ධීකරණ වැඩ සාර්ථකයි. ගිවිසුම් අත්සන් කිරීමට හොඳ වක වානුවකි. තම වැඩිහිටි නෑදෑයන්ගෙන් විශේෂයෙන් ආච්චිලා සීයලාගෙන්ද උපකාර ලැබිය හැකි කාලයකි. සති අග සිට වෘත්තිය කටයුතුවලට හොඳයි. විශේෂයෙන් පරිපාලන ක්ෂේත්‍රයේ අය සාර්ථක ප්‍රතිඵල පෙන්වයි. බහුවිධ ආදායම් මාර්ග විවෘත වෙයි. සිනමා, සංගීත වැනි කලා ක්ෂේත්‍රවල සති අගවන තෙක් පසුබැසීම්වලට ලක්වෙයි.

උදරාබාධ , ළය පීනස් රෝග ආදිය ඉස්මතුවිය හැක.

මීන

වි‍දෙස් ගමන්

ඉඩම් ගොනැගිලි නිවාස ගනුදෙනුවලට හොඳ නැත. අවාසිසහගත තත්ත්වයන්ට යටත්වෙයි . ආවේගශීලි ගතිය ඉස්මතු වෙයි. ‍කෙසේ නමුත් ශාස්ත්‍රීය ශිල්පි ලේඛන වැඩකටයුතු, බුද්ධිය මෙහෙයවන පාසල් අධ්‍යාපන මෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයද හිත කරයි. තම අයිතිය සඳහා දබර කරයි.

පියාගෙන් උදව් ලබයි. තම ආයතන ‍ලොක්කන්ගෙන් උදව් ලැබිය හැක.

වෘත්තීය මට්ටමෙන් යන විදෙස් ගමන් ඇති විය හැක.

අත් හා උරහිස් ‍කොන්දේ ආබාධ ඇතිවිය හැක

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
පානදුරේ
රෝහන් වීරරත්න

Loading...