web counter
Loading...

අටමහා කුසලයක ආනිශංස ලැබෙන සාංඝික දානයක් කළ යුතු නිවැරදිම ක්රමය මෙන්න

Loading...

තමන් මහන්සියෙන් උපයා ගත් ධනයෙන් පිළිවෙලකට හා පිරිසිඳුවට, තුන් සිත පහදවාගෙන දන් ටිකක් පූජා කිරීම, අටමහා කුසලයක මහත් ආනිශංස ලබා දෙන බව කියැවේ. එහිදී නිවැරදි ක්රමයට පිළිවෙත් කිරීම ඉතා වැදගත්ය. වැඩිදෙනෙකුට මේ ගැන හරි අවබෝධයක් නැහැ.
සාංඝික දානයක් පිළිගැන්වීමේදී ඔබ දැන ගත යුතුම වටිනා පිළිවෙත් කීපයක් පහත දැක්වෙයි.

මුලින්ම සාංඝික දානයට ආරාධනාකිරීමට පන්සලට යාමේදී සුදු වතින් සැරසී, ස්වාමීන් වහන්සේලාගේ ගිලන්පසට අවශ්ය දෙයක් සමග බුලත් අතක් (බුලත් කොළ 40ක්) පිළිගන්වා ඒ සඳහා දිනයක් නියම කර ගනී.

ආරාධනා කරන මොහොතේදීම පිළියෙල කළ යුතු ව්යාංජන ගැනද විමසා බැලිය යුතුයි.

දානයට පෙර නිවෙස හොඳින් පිරිසිඳු කර, සිවිලිමක් නැති නම් උඩුවියනක් බැඳීම කළ යුතුයි.

ස්වාමීන් වහන්සේලාට කිසි විටෙකත් බිම අසුන් ගැනීමට සැලැස්වීම නොකළ යුතුයි. එය සමහරු කරන වරදකි. පහසු තරමක් උස් අසුන් පනවා, සුදු රෙදි වලින් ආවරණය කළ යුතු අතර එම ස්ථානයෙන්, එනම් හාමුදුරුවන්ට දකුණු පසින් ධාතු කරඬුව තැන්පත් කරන ස්ථානය සැකසිය යුතුයි.

දානයට ධාතු කරඬුව වැඩම කිරීමේදී උදේ 10.30ට පිරිමි ගෘහමූලිකයකු විසින් සුදුවතින් සැරසී භක්තියෙන් යුතුව එය නිවසට වැඩම කරවයි.

පාද දෝවනයේදී ස්වාමීන් වහන්සේලාගේ පාද මතට ජලය වත් කර මදක් පාද පිරිමැදීමද සිදු කරයි. එය වියන ලද ගොක් අත්තක් මත සිදු කිරීම සුදුසුයි. ඉන්පසු සුදු හෝ කහ පාට පිරිසිඳු රෙදි කඩකින් පිසදමයි.

බුද්ධ පූජාව හා අනෙකුත් ආගමික වතාවන් නිමවූ පසු ස්වාමීන් වහන්සේලාට දෑත් සෝදා ගැනීමට පැන් කෝප්ප පිළිගන්වයි. හැකි නම් මුලින්ම සුප් බඳුනක් ද පිළිගැන්වීම සිරිතකි.

දානයට පෙර ස්වාමීන්වහන්සේලාට තම දානයෙන්කොටසක් සතුන්ට පිළිගැන්විමට අවශ්ය නම් ඒ සඳහාද වෙනම භාජනයක් පිළිගන්වයි.

දානය සඳහා තනිකරම දේශීය ආහාර , තෙල් අවම වූ හා රසායනික ද්රව්ය වලින් තොර ස්වභාවික අහාර නිවැසියන් විසින්ම පිළියෙල කර පිරිසිඳුවට පිළිගැන්වීම ඉතා වැදගත්ය.

දන් වළඳා අවසන් වූ පසු තැඹිලි වතුර, උණුසුම් වතුර හා සිසිල් වතුර පිළිගන්වයි. අතුරුපසට කිරි පැණි හෝ ජෙලි වැනි සරල යමක් පිළිගැන්වීම සුදුසුයි. අවුළුපත් (කැවිළි ) හා පලතුරු වර්ගද පිළිගන්වයි. මෙහිදී කැවිලි ප්රමාණය අඩුකර පලතුරු ප්රමාණය වැඩි කිරීම වඩා සුදුසුයි.

අවසානයේදී පරිශ්කාර ද්රව්ය ,කොසු, ඉදල්, පැදුරු,කොට්ට පැදුරු සමගත් එක් අටපිරිකරයක් හෝ පූජා කරයි. (සියලුම දෙනාට අත ගැස්වීමෙන් පසූ )

පිංකම තුළදී මියගිය ඥාතින්ට පිං අනුමෝදන් කිරීමේදී සුදු පැන් බඳුන පිරිසිදු පිඟානක් මත තබා යටින් සුදු රෙද්දක් එළා තැබීමත් වැදගත්. එම පැන් බඳුන උතුරා යනතුරුම පැන් වත්කළ යුතු බවද මතක තබා ගන්න.

ස්වාමීන් වහන්සේලා නිවසින් නිකම යනතුරුම කිසිවෙකුත් ආහාර නොවළදයි. මත් පැන් වලින් වැළකී ඉතා චාම් ලෙසට මේ පිළිවෙත් කිරීම වැදගත්ය.

ඔබට ඡායාරූප ගැනිමට අවශ්යනම්. එය කළ හැකියි. නමුත් ස්වාමීන් වහන්සේලා දන් වළඳන අතර ඡායාරූප ගැනීමෙන් වැළකී සිටිය යුතු බවද මතක තබා ගන්න.

කුඩා සාමණේර ස්වාමීන් වහන්සේලා ද වැඩමකර ඇති නම් , විශේෂයෙන් වැළදීමට උන් වහන්සේ ප්රිය යම් ආහාරයක් ඇතිනම් විමසා බලා එය පිළිගැන්විමෙහිද වරදක් නැත.

උපුටා ගැනීම සපුරා තහනම් – පුදුම ලෝකය වෙබ් වෙබ් අඩවිය සතු ලිපියකි 

Loading...