web counter
Loading...

අකලට හිස කෙස් සුදු වීමට ගෙදරදීම යෙදිය හැකි පිළියම්

Loading...

අකලට හිස කෙස් සුදු වීම ගැහැණු පිරිමි තරුණ සියලු දෙනාටම ඇති පොදු ප්‍රශ්නයක්.මෙයට ජාන , හෝමෝන අසමතුලිතතාව , මානසික පීඩනය , අක්‍රමවත් ආහාර් රටාව හා ජිවන රටාව , තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු හා බොහොකල් පවතින සෙම්ප්‍රතිශ්‍යාව හේතු වේ.

හිසකෙස් වල මෙලනින් වර්ණකය නිෂ්පාදනයවිම කලින්ම නතර වීම මිට හේතු වේ.වෙළඳ පොලේ ඇති වර්ණක වල ඉතා විශාල ලෙස රසායනික ද්‍රව්‍යය අඩංගු වේ.මේ සඳහා ගෙදරදීම යෙදිය හැකි පිළියම් තිබේ.

පහත දැක්වෙන්නේ අකලට හිස කෙස් සුදු වීම වලකා කළු පැහැය රැක ගැනීමට කල හැකි පිළියම් කිහිපයකි.

Indian gooseberry
මේවා හිස කෙස් වැටීමට , කොණ්ඩය සුදු වීමට හා කොණ්ඩය යාමට ප්‍රතිකාර ලෙස යොදා ගනී.මෙහි ප්‍රතොක්සිකාරක හා විටමින් සී බහුල වේ.මේවා ආහාරයට ගැනීම හෝ ආලේපයක් ලෙස හෝ තෙල් ලෙස හිස කෙස් වල ආලේප කිරීම කල හැකිය.

සාදාගන්නා ආකාරය :

මේ ගෙඩි කිහිපයක් ගෙන පොල් තෙල් වල තම්බා ගන්න.පසුව එය රත් වූ පසු තෙල් පෙරා නිවුණු පසු හිසෙහි ආලේප කර අඩුම වශයෙන් පැයක් හෝ පුරා රැයක් තබා සෝදා හරින්න.මෙය සතියකට දෙවරක් කරන්න.
මෙම ගෙඩි වල යුෂ හා ආමන්ඩ් තෙල් හා දෙහි යුෂ සම ප්‍රමාණයෙන් ගෙන මිශ්‍රණයක් සාදා ආලේප කිරීමෙන් කොණ්ඩය සුදු පහ වීම වලක්වා ගන්නට මෙන්ම නිරෝගී වර්ධනයටත් උපකාරී වේ.

කරපිංචා කොළ
කරපිංචා පොල් තෙල් සමඟ මිශ්‍ර කර ආලේප කිරීමෙන් හිස කෙස් වල කළු පැහැය ආරක්ෂා වේ.

සාදා ගන්නා ආකාරය :
භාජනයකට පොල් තෙල් මේස හැන්දක් දමා එයට කර පිංචා කොළ මිටක් දමා රත් කරන්න.එය මධ්‍යම ප්‍රමාණයට රත් වන විට එය පෙරා ගන්න.එය නිවුණු පසු හිසෙහි ආලේප කර මිනිත්තු 30-40ක් සම්භාහනය කර උණු වතුරෙන් සෝදා හරින්න.මෙය සතියකට 1-2 වරක් කරන්න.

3.හෙනා
මේවා කොණ්ඩය කළු කිරීමට මෙන්ම හිස කෙස් ශක්තිමත් කිරීමට සමත් වේ.

සාදා ගන්නා ආකාරය :
අවශ්‍ය ද්‍රව්‍යය :

කූඩු කර ගත හෙනා කොළ
කෝපි කූඩු
Indian gooseberry කූඩු
යෝගට් ස්වල්පයක්

ද්‍රව්‍යය සියල්ල මිශ්‍ර කර හිස කෙස් දිගට ආලේප කරන්න.එය වේලෙන්නට හැර සෝදා හරින්න.මෙය සති 2-4ක් කරන්න.
දෙහි යුෂ හා පොල් තෙල්
පොල් තෙල් හිස කෙස් වල තෙතමනය ආරක්ෂා කරයි.හිසකෙස් වර්ධනය කරයි.එසේම හිස කෙස් සුදු වීම අඩු කරයි.

සාදා ගන්නා ආකාරය :

දෙහි යුෂ මේස හැඳි තුනකට පොල් තෙල් එකතු කර ආලේපයක් සාදා හිස කෙස් වල ආලේප කර හිස කෙස් හා හිස් කබල සම්භාහනය කරන්න.පැයක් පමණ තබා සෝදා හරින්න.සෑම සතියකම වරක්.

Sage and Rosemary
මෙම ඖෂධ පැලැටි දෙකෙහිම කොණ්ඩය කළු කිරීමේ ගුණය ඇත.

සාදා ගන්නා ආකාරය :
Rosemary කෝප්ප භාගයකට sage කෝප්ප භාගයක් එකතු කර භාජනයකට දමා උණු වතුර එකතු කර මිශ්‍ර කරන්න.එය මිනිත්තු 30ක් උණු කර නිවෙන්නට හරින්න.පසුව එය හිස කෙස වල හා හිස් කබලේ ආලේප කර මිනිත්තු 15-20ක් තබා සෝදා හරින්න.මෙය සතියකට වරක් කරන්න.

Loading...