web counter
Loading...

අංශභාගය ඇතිවීමට වයස බලපාන්නේ නැත

Loading...

අංශභාගයට වයසක්‌ නැත. කුඩා අවධියේ වුව ඇති විය හැකි රෝග තත්ත්වයකි. වයසක්‌ නැතුවා මෙන්ම ඒ සඳහා වේලාවක්‌ද නැත. විවිධ හේතු උඩ රෝගය ඇතිවීමේ හැකියාව තිබේ.

අධික වෙහෙස, අධික මානසික ආතතිය, අනතුරුවලට මුහුණ පෑම, අධික රුධිර පීඩනය පරම්පරාවට යැම තුළින් මෙන්ම අනවශ්‍ය ලිංගික ජීවිතයද මේ සඳහා හේතුවන බව පුරාණ පොත පතෙහි සඳහන්ව තිබේ. අධික මත්පැන් පානය මෙන්ම අධික දුම්පානය මේ සඳහා හේතුවිය හැකි අතර බොහෝ විට වයස අවුරුදු 60 පසුවීමේදී අංශභාගය ඇතිවීමේ හැකියාව ඉහළය.

වාතය කිපීමෙන්, ත්‍රිදෝෂ කුපිත වීමෙන් මෙන්ම ආහාර පාන වලින්ද මේ සඳහා ප්‍රවනතාවයක්‌ ඇති බව පෙනේ. විශේෂයෙන්ම හරක්‌මස්‌ වැනි ආහාරවල බලපෑමක්‌ තිබේ.

කිපුණු වායුව ශරීරයේ ලේ නහර, බල නහර වියලා සියල්ල ක්‍රියා විරහිත කරන්නේ ස්‌ර්වාංගෙ රෝගයක්‌ ලෙසින් අංශභාගය ඇති කරමින් බව පුරාණ සෘෂිවරු පෙන්වා දී තිබේ. ශරීරයේ අර්ධයක ගමන්ගත් වායුවසන්ධි බන්ධන වියළා ශක්‌තිය හීනකර වම්පස හෝ දකුණු පස ක්‍රියා විරහිත කෙරේ. වාපිත් සහිත රෝගියාගේ දැවිල්ල, තැලීම්, මුර්ජා හටගනී.

තුන්දොස්‌ සහිත පක්‍ෂගාත රෝගය සුවකළ හැක්‌කේය. වා කිපී ධාතු ක්‍ෂීණව ගීය රෝගය අසාධ්‍ය වාතයෙන් පමණක්‌ වූ විට සුවය තරමක්‌ දුෂ්කරය. බොහෝ කිපුණු විට සුව කිරීම අපහසුය.

මොළයේ රුධිරය කැටි ඇහිරීමෙන්ද, නාඩිවලට පීඩා වීමෙන්ද, මස්‌තිෂ්කයේ ඌර්ධව භාගයේ පීඩාවන් නිසා, රක්‌ත ශ්‍රාවයකින්ද රෝගය ඇති වන අවස්‌ථා තිබේ.

විෂ වර්ග ශරීරගත වීමෙන්ද, උපදංශ (සමාජ රෝගය) විෂ ආදියෙන්ද, නාඩි කේන්ද්‍රය විෂ වී පක්‍ෂගාතය හටගත හැකිය.

ගිහිමුලාව, ක්‌ලාන්තය, දුර්වලතම අංශභාග රෝග ලක්‍ෂණයි. නහර පිපිරීම, එයින් ලේ නාළ ඇහිරීම, නාළ අවරෝධය ඊට හේතු වේ.

අධික මත්ද්‍රව්‍ය භාවිතයෙන් රුධිර නාළ දිය වී ගොස්‌ ලේ ගැලීමෙන් නාඩි පද්ධතිය ක්‍රියා විරහිත වීමෙන්ද රෝගය ඇති වන්නේය.

මොළයේ රක්‌ත ශ්‍රාවය නිසා තද හිස රුඳාවද, ක්‌ලාන්තයද, ගොළු බවක්‌, වමනය, මුඛය නිල්පැහැ වීමත් ඇතිවිය හැක. මෙවැනි ඇතැම්හු වැටී වහාම මරණයට පත්වෙති. තවත් පිරිසක්‌ දින ගණන් ඇදෙහි කල්ගෙවා මරණයට පත්වේ. සිහිනැතිව කල් ගෙවනු ලැබේ. දිවේ පැත්තක්‌, කටේ පැත්තක්‌ අප්‍රාණික වේ. දත් දෙපළ තද වීම, බෙල්ල පිටිකරට යැම, වෙව්ලීම, මෝහය, මුලාව, මස්‌පිඩු පෙරළීම, තත්ත්වය දරුණු වීමෙන් සිදුවේ.

පපුවේ ගැස්‌ම, නාඩි වැටීම සීඝ්‍රවේ. මද මද මළ මුත්‍රා පිටවිය හැකි අතර හිස වරින් වර වෙව්ලා යයි. උගුර ගොර ගොර ශබ්දයක්‌ මතුවේ. රෝග ලක්‍ෂණ දුටු වහාම රෝගියා ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුය.

පක්‍ෂගාත රෝගයේදී තෙල් ගල්වා පිරිමැදීම අවශ්‍යය. අවස්‌ථාව බලා යෙදිය යුතු නස්‌න කර්ම යෙදිය යුතුය. වාතමූර්ත තෛලය සිරුරේ ආලේප කිරීම, කෝල සෙලස්‌මා තෛලය ආලේපය වෛද්‍යවරයෙක්‌ වෙත යනතුරු නිවසේදී කළ හැකි ප්‍රතිකර්මයන්ය.

පිටි අධික ආහාර, දෙල්, අන්නාසි, හරක්‌මස්‌, ඌරු මස්‌ වැනි ආහාර රෝගයෙන් පසු සුදුසු නැත. මත්පැන් දුම්පානය නතර කළ යුතුය. අධික බර වැඩ, අධික හිරු රශ්මියට නිරාවණය වීමෙන් වැළකී සිටිය යුතුය.

රෝගියා, අත්තන කොළ, නික, ආඩතෝඩ තෙල් එඬරු කොළ තම්බා මද රස්‌නයෙන් තැවීම හොඳය.

මුල්තිරිගල රජමහා විහාර පරම්පරාවේ සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍ය

ඒ වනිගපුර

Loading...